leader s

බිහිසුණු මෙලිස්සා (Melissa) සුළි කුණාටුව අද (29) කියුබාවට කඩා  වැදුණාය. ඒ, යාබද ජැමෙයිකාව වනසා පැය කිහිපයකට පසුවය.

කැරිබියන් දිවයිනක් වන කියුබාවට ඉතිහාසයේ මෙතෙක් බලපෑ දරුණුතම සුළි කුණාටුව  මෙය වේ. පැයට සැතපුම්120ක වේගයෙන් එය, නැගෙනහිර කියුබාවේ දකුණු වෙරළ තීරයට ඇතුළු වූ බව, එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පැවසීය.

නැගෙනහිර කියුබාවේ 735,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ. සුළි කුණාටුව හේතුවෙන් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්වීමට කෙරෙන දැනුම්දීම්වලට අවනත වන ලෙස කියුබා ජනපති, මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel ), ජනතාවට අනතුරු අඟවා සිටී.

 



සුළි කුණාටුව හේතුවෙන්, නැගෙනහිර ජැමෙයිකාවේ 500,00කට අධික පිරිසකට විදුලිය අහිමි වී තිබේ. එරට රෝහල් කිහිපයක්ද විනාශව පවතී. සුළි කුණාටුව සහ තද වැසි ආශ්‍රිත ජල ගැලීම් හේතුවෙන්, නිවාස සහ වෙළඳ දේපළ රැසක් ද  හානි වී තිබේ.

2005 වසරේ කැරිබියන් කලාපයට බලපෑ විල්මා (Wilma) සහ 1988 දී ආ ගිල්බර්ට් (Gilbert) සුළි කුණාටුවලින්  පසුව පැමිණි දරුණුතම සුළි කුණාටුව මෙය ය. 


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/29/2025

මුලාශ්‍රය :
Hurricane Melissa hits Cuba hours after devastating Jamaica

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්