leader s

ප්‍රහාර මධ්‍යයේ වුව, එක්සත් ජනපද සහායෙන් දියත් කළ ගාසා සටන් විරාමය සුරකින බව ඊශ්‍රායලය ඊයේ පෙරළා පොරොන්දු දුන්නේය.


අඟහරුවාදා (28) ගාසා තීරයේ හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල භටයකු ඝාතනය වීමත් සමග යළි ගැටුම්  ඇති  විය.

ඊයේ (29) පෙරවරුව තෙක් සිදු කළ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 104 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊශ්‍රායල හමුදා ඊයේ උතුරු ගාසා තීරයේ ද ගුවන් ප්‍රහාරයක් සිදු කළහ. හමාස් අවි ගබඩාවක් ඉලක්ක කර සිදු කළ එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් දෙදෙනෙක් ඝාතනය වූහ.

 

හමාස් සංවිධානය විසින් සිදු කෙරෙන සටන් විරාම උල්ලංඝනය කිරීම් වෙත දැඩි ප්‍රතිචාර දක්වමින්, ගාසා තීරයේ සටන් විරාමය රකින බව, ඊශ්‍රායල හමුදා පවසති.  

"අපට එක් දෙයක් සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍යයි. එනම්, ජනපති ට්‍රම්ප් සහ අප විසින් සහයෝගයෙන් උදා කළ සටන් විරාමය ආරක්ෂා කරනු පිණිස ගාසා තීරය අවි මුක්ත කලාපයක් බවට පත් කිරීමයි. අපගේ අවසන් ඉලක්කය එයයි. ඒ සඳහා හමාස් සංවිධානය අවි අත්හළ යුතුයි. ගාසා තීරයේ පාලනය පවත්නේ අප අත පමණයි. ඊශ්‍රායල - එක්සත් ජනපද සහයෝගිතාවේ හරය එයයි," අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

 

gryr54455336

සිය හමුදා සාමාජිකයා ඝාතනය වීමෙන් අනතුරුව, ගාසා තීරයේ හමාස් සාමාජිකයින් රැසක් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළහ. එම සංවිධානයට අයත්, අවි ගබඩා සහ උමං පද්ධති රැසක් ද එම ප්‍රහාරවල ඉලක්ක විය. එම ප්‍රහාරයන්ට හමාස් සන්නද්ධ ඉලක්ක 24ක් අයත් වූ බව, ඊශ්‍රායල හමුදාව කියයි.

2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ කිබුට්ස් හි ත්‍රස්ත ප්‍රහාරයට සහභාගී වූ හමාස් අණ නිලධාරියකුද ඒ අතර වූ බව, එම හමුදා පවසති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/30/2025

මුලාශ්‍රය :

Israel kills more than 100 in strikes after soldier's death, says it still backs ceasefire


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්