leader s

අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් හා කරට කර එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වහා අරඹන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්

එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයට උපදෙස් දුන්නේය.

ඔහු අද (30) දකුණු කොරියාවේදී චීන ජනපති, ෂී ජින්පින් (Xi Jinping) හමු වෙයි.  

අනෙකුත් රටවල්ද න්‍යෂ්ටික පරීක්ෂණ වැඩසටහන් පවත්වන නිසා, තමන්ද සිය "යුද දෙපාර්තමේන්තුවට" එසේ කරන ලෙස උපදෙස් නිකුත් කළ බව, ජනපති ට්‍රම්ප් පවසයි. එය වහ වහා සිදු කරන බව සිය ටෘත් (Truth Social) සමාජ ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටී.  

රුසියාව  න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන පොසෙයිඩන්  (Poseidon) සුපිරි ටෝපිඩෝ අවියක් අති සාර්ථක ලෙස අත්හදා බැලූ බව, ජනපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (29) අනාවරණය කළේය. එය, සාගර පෘෂ්ඨය මත දැවැන්ත විකිරණ රළ ජනිත කරමින් වෙරළාශ්‍රිත ප්‍රදේශ සහමුලින් වනසාලිය හැකි අති  බිහිසුණු අවියක් බව  යුද විශ්ලේෂකයෝ පවසති.  

රුසියාව ඉකුත් 21 දා බුරෙවෙස්ට්නික් (Burevestnik)  කෲස් මිසයිලයක් ද සාර්ථකව අත්හදා බැලීය. පසු දින තවත් න්‍යෂ්ටික අභ්‍යාස කිහිපයක් ද සිදු කළේය.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ජනපති පුටින්, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උදහසට ලක්ව සිටී.

1945 දී එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික යුගය ආරම්භ කළේය. ඒ නිව් මෙක්සිකෝවේ ඇලමොගොඩෝ  (Alamogordo) හි කිලෝටෝන් 20ක පරමාණු බෝම්බයක් අත්හදා බලමිනි. අනතුරුව දෙවන ලෝක සංග්‍රාමය අවසන් කිරීමේ අරමුණින්1945 වසරේ අගෝස්තු මස,  ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පරමාණු බෝම්බ හෙලීය.

එක්සත් ජනපදය අවසන් වරට න්‍යෂ්ටික අවි  අත්හදා බැලීමක් සිදු කළේ 1992 දී ය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/30/2025

මුලාශ්‍රය :

Trump tells Pentagon to immediately resume testing US nuclear weapons

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්