leader s

ගාසා සටන් විරාමය තුළ සිව් වන දිනටත්, ඊශ්‍රායලය ඊයේ (31) ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගාසා සටන් විරාමය දින දින බිඳ වැටෙමින් පවතී.


උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ෂෙල් ප්‍රහාර සහ වෙඩි තැබීම් සිදු වූ බව ඇසින් දුටුවන් පැවසී යැයි,  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන් විරාමය ප්‍රකාරව පලස්තීන හමාස් සටන් කරුවන් අවි බිම තැබීම සහ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම තවමත් සිදු වී නැත. තෙසතියකට පමණ පෙර ඇරඹි සටන් විරාමය මධ්‍යයේ කඩින් කඩ, දෙපසේම ප්‍රහාර වාර්තා වේ.

ඊශ්‍රායල භටයකු වෙඩි තබා ඝාතනය කිරීම පදනම් කොට එම හමුදා ඉකුත් අඟහරුවාදා සහ බදාදා  දෙදින ගාසා තීරයේ දැවැන්ත සන්නද්ධ ක්‍රියාන්විතයක් දියත් කළහ. ගුවනින් සහ භූමිය මතින් එල්ල කළ එම ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 104 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් කාන්තාවන් සහ  කුඩා ළමෝ වෙති.



මේ අතර, සිය  භාරයේ සිටියදී මිය ගිය තවත් ප්‍රාණ ඇපකරු සිරුරු දෙකක් රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායලය වෙත භාර දීමට හමාස් සංවිධානය විසින් කටයුතු කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් 30 දෙනකුගේ සිරුරුද  පලස්තීන සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට රතු කුරුසය පියවර ගත්තේය.


(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/01/2025


මුලාශ්‍රය :

Israeli attacks kill three Palestinians in Gaza, testing fragile truce

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්