එක්සත් ජනපදයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ අතරින් 50%ත්, 30%ත් අතර සංඛ්‍යාවක් ගුවන් ගමන් පාලක අර්බුදයකට මැදි වී ඇතැයි, ඊයේ (31) එරට ෆෙඩරල් ගුවන් පරිපාලනය දැනුම් දුන්නේය.
රට පුරා දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් ප්‍රමාද ව පවතී.
ට්‍රම්ප් පරිපාලනය විසින් පියවරෙන් පියවර රාජ්‍ය තන්ත්‍රය වසා දැමීමට පියවර ගනිමින් සිටීම අර්බුදයට හේතුවයි. එම ක්‍රියාවලිය ආරම්භ කර අදට දින 32කි.
නිව් යෝර්ක් ගුවන් තොටුපොළ පමණක් ගුවන් පාලකවරු 80%ක්ම සේවයෙන් ඉවත්ව සිටිති.

ඔස්ටින් (Austin,) නෙවාර්ක් (Newark) සහ නාෂ්විල් (Nashville) හි සිට හා ඒ වෙත ගුවන් ගමන් දැඩි ප්‍රමාදයට ලක්ව තිබේ. නාෂ්විල් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් මිනිත්තු 61 කින් ද, ඔස්ටින් හි මිනිත්තු 50කින් ද, නෙවාර්ක් හි මිනිත්තු101කින්ද ප්‍රමාද වී පවතී.
ඊයේ (31) මධ්‍යම රාත්‍රිය පසුවත්ම සමස්ත එක්සත් ජනපද ගුවන් ගමන් 2200ක් ප්‍රමාදව පැවති බව වාර්තා විය. ගුවන් ගමන් 300ක් අවලංගු කිරීමට ද සිදු විය.
(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/01/2025
මුලාශ්‍රය :
Lack of air traffic controllers hits almost half of major US airports







