leader s

චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  අතර හමුවක් දකුණු කොරියාවේ Busan නගරයේදී (30) සිදුවුණා.


චීනයේ හා ඇමරිකාවේ ජාතික තත්ත්වයන් වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං  එහිදී පෙන්වා දී තිබෙනවා. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන ඇමරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත යුතු යැයි ද ඔහු කියා සිටියා.

චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බව ෂී ජින්පිං අවධාරණය කර තිබෙනවා.

 

චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත්, එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද එහිදී සඳහන් වුණා.

සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය ජනාධිපතිවරයෙක් වන චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ ඇති බවත්  නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග දිගුකාලීන යහපත් සම්බන්ධතවක් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි තමා  විශ්වාස කරන බවත් ඒ සඳහා ‘ඔබ අප සමඟ සිටීම මහත් ගෞරවයක්’ බවත් ට්‍රම්ප් පැවසූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

Kuala Lumpur හි පැවති මෙම හමුවෙන් පසු පැවති චීන-ඇමරිකා වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (30) විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වා තිබෙනවා. චීන සහ ඇමරිකානු වෙළඳ කණ්ඩායම් සාකච්ඡා හරහා එළඹි ප්‍රධාන එකඟතාවයන් පිළිබඳ එහිදී පැහැදිලි කෙරුණා.

 
පළමුව, ඇමරිකාව චීනයේ භාණ්ඩ සඳහා (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව) පනවා ඇති 10% ක "Fentanyl තීරුබදු" ඉවත් කිරීමට එකඟත්වය පළ වී තිබෙනවා. එමෙන්ම චීනයේ භාණ්ඩ සඳහා පනවා ඇති 24% ක තීරුබදු (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව)  තවත් වසරකට අත්හිටුවනු ලැබුවා. ඇමරිකාව විසින් පනවන ලද මෙම තීරුබදුවලට එරෙහිව චීනය සිය ප්‍රති-පියවර සකස් කළ බව ද චීන පාර්ශ්වය සඳහන් කළා.

 
JuneChina Trump tariffs

දෙවනුව, සැප්තැම්බර් මාසයේ 29වැනිදා, ඇමරිකාව නිවේදනය කළේ ඇමරිකාවේ "ආයතන ලැයිස්තුවට" ඇතුළත් කර ඇති සමාගම්වල අනුබද්ධිත සමාගම් තම කොටස් වලින් 50% කට වඩා හිමිකර ගන්නේ නම්, එම සමාගම් ස්වයංක්‍රීයව අදාළ අපනයන පාලනයන්ට යටත් වන බවයි. නමුත් මෙම පියවර වසරකට අත්හිටුවීමට ද චීනය එකඟ වී තිබෙනවා.
 
තෙවනුව, චීනයේ සමුද්‍රීය, සැපයුම් ද්‍රව්‍ය සහ නැව් ඉදිකිරීමේ කර්මාන්තවලට එරෙහිව ක්‍රියාත්මක 301 වන වගන්තියේ විමර්ශන වසරකට අත්හිටුවීමට ඇමරිකාව  පියවර ගෙන තිබෙනවා. ඇමරිකාව සිය අදාළ පියවර අත්හිටුවීමෙන් පසු, චීනය ද සිය ප්‍රති-පියවර වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව වාර්තා වනවා. 
tiktok
එමෙන්ම, TikTok සම්බන්ධ ගැටලු නිසි ලෙස විසඳීම සඳහා චීනය සහ ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද සඳහන් වුණා.
 
මේ අතර, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian ඊයේ (30) පැවසුවේ Kuala Lumpur හි වෙළඳ සාකච්ඡාවේ ප්‍රතිඵල දුෂ්කර උත්සාහයකින් දිනාගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඇමරිකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

දිනූෂි ධීරසිංහ

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්