leader s

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මෑතකදී අවිධිමත් ලෙස සිදු වූ පාලන තන්ත්‍රයන්හි වෙනස්කම්වලට

දුර්වල රාජ්‍ය පාලනය හේතු වූ බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පවසයි.

එම රටවල ආණ්ඩු විරෝධී ජනතා නැගිටීම්වලට පාලනයේ දුර්වලතා හේතු වූ බව ඔහු සඳහන් කර තිබේ.

නව දිල්ලිහිදී පැවති දේශනයකට එක් වෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ජාතියක් ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වර්තමානයේ රාජ්‍ය පාලනයන් වෙත නැගී එන අභියෝගය වී ඇත්තේ වැඩිවන අවශ්‍යතා හමුවේ පොදු මිනිසා තෘප්තිමත්ව තබාගැනීම බව ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් එහිදී පෙන්වා දී ඇත.

| aruna

මුලාශ්‍රය :

Regime changes in Bangladesh, Nepal, and Sri Lanka were due to poor governance: Doval

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්