හමාස් සංවිධානය භාරයේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු සිරුරු තුනක්, රතු කුරුස සංවිධානය ඔස්සේ ඊයේ (02) භාර දීමට පියවර ගෙන තිබේ.
එම සිරුරු හඳුනාගැනීම පිණිස ඊශ්‍රායලය වෙත පිටත් කර යැවිණි.
එසේ භාර දී ඇත්තේ, සටන් විරාම ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායලය විසින් ඉල්ලා ඇති, ගාසා තීරයේ අතුරුදන් වූ ප්‍රාණ ඇපකරු සිරුරු 11ක් අතුරින් 03ක් බව ඊශ්‍රායලය කියයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඊයේ ගාසා තීරයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය. සිය හමුදා වෙත තර්ජන එල්ල කළ පුද්ගලයකු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ගාසා නගරබද ෂෙජෙයා ( Shejaia) පෙදෙසේ එළවළු වෙළඳපොළක් ආසන්නයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එම ඝාතනය සිදු වූ බව අලහ්ලි (Al-Ahli) රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා පාලන ප්‍රදේශයේ තවමත් ශේෂව සිටින හමාස් කණ්ඩායම් සොයා, ඔවුන් ක්‍රමානුකූලව විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/03/2025
මුලාශ්‍රය :
Hamas hands over three more hostage bodies







