leader s

ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයෙන් මානසික කම්පනයට පත් විශාල පිරිසක් උදෙසා මනෝ සායන ආරම්භ කෙරේ.


ගාසා නගරයේ මානසික සෞඛ්‍ය රෝහල් සායන කාර්ය මණ්ඩලය විසින් එම ප්‍රතිකාර ක්‍රියාත්මක කර තිබේ. දෛනිකව විශාල පිරිසක් ඒ වෙත පැමිණෙන බව පලස්තීන මනෝ සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

ගාසා තීරයේ දෙවසරක අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම්වලට ගොදුරුව, මේ වන විට පලස්තීනුවෝ 68,000ක් මරු වැළඳ සිටිති. එහි සමස්ත මිලියන 2.3ක ජනගහනයම සරණාගතව, සාගතයෙන් ද පෙළෙමින් පසුවෙති.

ddfwen4564565

 

ගාසා නගරයේ තිබූ රෝහල් ගොඩනැගිලි ද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හමුවේ විනාශව පවතී. එබැවින්, වෙනත් ස්ථානයක සිට පීඩාවට පත් පලස්තීනුවන් උදෙසා මනෝ චිකිත්සක ප්‍රතිකාර සිදු කරන බව, ගාසා මානසික සෞඛ්‍ය රෝහල් ප්‍රධානී, අබ්දල්ලා අල්-ජමාල් ( Abdallah al-Jamal) පවසයි.

සටන් විරාමය ආරම්භ කිරීමත් සමග, යමහලක් විදාරණය වූවා සේ, වැළ නොකැඩී දහස් සංඛ්‍යාත පිරිසක් මානසික සෞඛ්‍ය සේවා සොයා පැමිණෙමින් සිටිතියි, ඔහු කියා සිටී.

ගාසා තීරයේ, මනෝ වෛද්‍යවරයකු සොයා යාමට, පූර්වයෙහි වූ ලජ්ජාශීලී සමාජ-සංස්කෘතික රාමුව, වත්මන් ඛේදවාචකය අබියස මුළුමනින් තුරන්ව පවතී. යුද්ධයට පෙර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර පිණිස යොමු කෙරුණු රෝගීන්ට වඩා අතිවිශාල පිරිසක් මේ වන විට එම ප්‍රතිකාර කරා යොමුවෙමින් ඇතැයි, ජමාල්  පවසයි.

gazapdiowp38

ඊශ්‍රායල ප්‍රහාරවලින් එම ප්‍රතිකර්ම පිණිස රෝහල සතු වටිනා සම්පත් රැසක් සහමුලින් විනාශ විය. එබැවින්, ප්‍රතිකාර උදෙසා පවත්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් පමණකැයි, රෝහල් කාර්ය මණ්ඩලය  පවසයි.  රෝගීන්ගේ පෞද්ගලිකත්වය නොතකමින්, එකම සායන කුටිය බෙදාගනිමින් මානසික ප්‍රතිකාර හා උපදේශන සිදු කිරීමට සිදුව ඇතැයි, ඔවුහු කියා සිටිති.

ගාසා නාගරික මනෝ සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර ඉල්ලා දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සියයකට අධිකය. ප්‍රතිකාර සම්පාදනය උදෙසා සීමිත සම්පත් මධ්‍යයේ, විකල්ප පහසුකම් සොයා වෙහෙසීමට ද වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව තිබේ.  

 

gazaiohc8wyr
බියට පත්වීමෙන් රාත්‍රී නින්ද නොයාම හා රාත්‍රී භීතියෙන් පෙළීම, නිදි පැදුරේ මුත්‍රා පහවීම මෙන්ම, යම් කරුණක් කෙරෙහි නිශ්චිත අවධානය යොමු කිරීමට නොහැකි වීම වැනි ලක්ෂණ ගාසා ළමා ප්‍රජාව අතර වැඩි වශයෙන් පවතින පශ්චාත් යුද මානසික ව්‍යාධි වශයෙන් හඳුනාගෙන ඇත.

ගාසා ළමා ප්‍රජාව දැඩි පෝෂණ ආහාර සහ පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඔවුන් වැඩි පිරිසකට හිසට සෙවණක් හා අඳින්නට නිසි වතක් ද නොමැත. මානසික සායන වෙත පැමිණෙන ගාසා ළමුන් ක්‍රීඩා වෙත යොමු කෙරෙන අතර, ඔවුන්ට ළමා කතා කියා දීමට ද පියවර ගෙන තිබේ. මනසින් යුද මතකය සහ යුද  බිය තුරන් කිරීම එහි අරමුණයි.

පලස්තීන රතු අඩසඳ සමාජයේ මනෝ විශේෂඥයෝ රැසක් එම ප්‍රතිකාර සම්පාදනයේ  නිමග්නව සිටිති.

 

gazazcy5656y
ගාසා සටන් විරාමය ඇරඹියේ ඉකුත් ඔක්තෝබර 10 දා ය. එතැන් සිට මේතාක්, විටින් විට එය උල්ලංඝනය වෙමින් පවතී. සටන් විරාමය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා එල්ල කරගමිනින් සිටිති.

කෙසේ වෙතත්, 2023, ඔක්තෝබර 07 දා ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත එල්ල කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇරඹි අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර මේ වන විට නැවතී, ගාසා තීරය ඉසිඹුවෙක පසුවේ. එය තව කෙතෙක් කලකටදැයි "හරියටම" දන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පමණි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/04/2025

මුලාශ්‍රය :

Gaza's psychological trauma brings large numbers to seek help

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්