leader s

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බලයට පත්වූ ජනවාරි 20 වැනි දින සිට මේ දක්වා සංක්‍රමණික නොවන වීසා බලපත්‍ර 80,000ක් පමණ අවලංගු කර තිබේ.


එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසුවේ, මෙම අවලංගු කිරීම්, රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම වැනි විවිධ වැරදි හේතුවෙන් සිදු කර ඇති බවයි.

මෙම වීසා අවලංගු කිරීම්වල ප්‍රමාණය, ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ ආරම්භ කරන ලද පුළුල් සංක්‍රමණ මර්දනයක් පිළිබිඹු කරන බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.

මෙම මර්දනය යටතේ වලංගු වීසා බලපත්‍ර හිමි පුද්ගලයන් පවා පිටුවහල් කිරීම පෙර නොවූ විරූ තත්ත්වයක් බව වාර්තාවල දැක්වේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් වීසා ලබා දීමේදී ද දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති අතර, ඊට දැඩි සමාජ මාධ්‍ය පරීක්ෂාවන් සහ පුළුල් කරන ලද පරීක්ෂණ ඇතුළත් වේ.

trump donald

 

අවලංගු කරන ලද සමස්ත වීසා බලපත්‍ර අතුරින් සැලකිය යුතු කොටසක් නිශ්චිත අපරාධ සමඟ සම්බන්ධ බව ද වාර්තා වේ.

* ඉන් 16,000 ක් පමණ මත්පැන් පානය කර රිය පැදවීමහා සම්බන්ධ සිද්ධීන්ය.

* තවත් 12,000 ක් පමණ පහරදීම් වැනි හිරිහැර කිරීම්වල ප්‍රතිඵලයක්.

* වෙනත් වීසා 8,000 ක් පමණ සොරකම්ස ඳහා අවලංගු කර ඇත.


මෙම අපරාධ තුන මේ වසරේ සිදුවූ සමස්ත වීසා අවලංගු කිරීම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කරයි.

ශිෂ්‍ය වීසා අවලංගු කිරීම් සම්බන්ධයෙන් අගෝස්තු මාසයේදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නීති කඩ කිරීම් සහ වැඩි කාලයක් රැඳී සිටීම හේතුවෙන් ශිෂ්‍ය වීසා 6,000 කට වඩා අවලංගු කළ බවයි. ත්‍රස්තවාදයට සහය දීම සඳහා අවලංගු කරන ලද කුඩා සංඛ්‍යාවක් ද ඊට ඇතුළත් වේ.


දේශපාලනික හා විදේශ ප්‍රතිපත්ති

වීසා අවලංගු කිරීම් දේශපාලනික හා විදේශ ප්‍රතිපත්ති හේතූන් මත ද සිදු වී තිබේ.

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු වූචාලි කර්ක් ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ කළ අදහස් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ වීසා බලපත්‍ර අවලංගු කර ඇති බව දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ පැවසිය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මැයි මාසයේදී ප්‍රකාශ කළේ, විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට පටහැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හේතුවෙන් ශිෂ්‍යයන් ඇතුළු සිය ගණනකගේ, සමහරවිට දහස් ගණනකගේ වීසා බලපත්‍ර අවලංගු කළ බවයි.

MXZGLDSJSFN5TIKOKBTG4JRCPU

මෙම වසරේ රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝග මඟින්, අමෙරිකාවට සතුරු විය හැකි සහ දේශපාලන ක්‍රියාකාරීත්වයේ ඉතිහාසයක් ඇති ඕනෑම අයදුම්කරුවෙකු සම්බන්ධයෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත.


ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් තවදුරටත් පවසා ඇත්තේ, ගාසා තීරයේ යුද්ධයේදී ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම සහ පලස්තීනයට සහය දැක්වීම හේතුවෙන් ශිෂ්‍ය වීසා සහ හරිත කාඩ්පත් හිමියන් පිටුවහල් කිරීමට යටත් වන බවයි.

 ඔවුන්ගේ ක්‍රියා අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට තර්ජනයක් ලෙස හඳුන්වමින්, ඔවුන් හමාස් ගැති යැයි චෝදනා කර ඇත.

( hirunews)


මුලාශ්‍ර :

Trump Administration Has Revoked 80,000 Non-Immigrant Visas, US Official Says

Trump’s State Department has revoked over 80,000 nonimmigrant visas since January

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්