leader s

රාජ්‍ය රැඳවුම් භාරයට පත් ඊශ්‍රායල හමුදාවේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනී  අද්වකාත් ජෙනරාල්, මේජර්-ජෙනරාල් යිෆට් ටොමර්- යෙරුෂල්මි ( Yifat Tomer-Yerushalmi ) හෙට (07)  තෙක් අත්අඩංගුවේ රඳවා තබන ලෙස නියෝග කෙරේ.


අපරාධ විමර්ශනයක් මත  ඇය  පසුගිය සතියේ ධුරයෙන් ඉල්ලා අස්  වූවාය. ගාසා යුද සමයේ අත්අඩංගුවට පත් පලස්තීන ජාතිකයකු ඊශ්‍රායල හමුදා භටයන් විසින් අපයෝජනය කෙරෙන    අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ගත වීම සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඉකුත් වසරේ අගෝස්තු මස එම වීඩියෝව සමාජගත වීම සිය අනුමැතියෙන් සිදුවූවක් බව පිළිගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කළාය. පසුගිය ඉරිදා (02)  ඇය අතුරුදන් බවට පල  වුවද, පසුව ඇය සොයා, අත්අඩංගුවට ගත්  බව   නිවේදනය කෙරිණි.  

එම අපයෝජනය පිලිබඳ සිදු කෙරුණු විමර්ශනයකදී ප්‍රධාන හමුදා නීති නිලධාරිනී විසින් ඊශ්‍රායල භටයින් පස්  දෙනකුට එරෙහි අධි චෝදනා ගොනු කෙරිණි. එම හමුදා භාරයේ වූ පලස්තීන රැඳවියකු දරුණු වද හිංසනයට ලක් කරමින්, ඔහුගේ අස්ථි   බිඳ, පෙනහළු සිදුරු කර, ගුද මාර්ගයටද බරපතල තුවාළ සිදු කර අපයෝජනය කිරීම සම්බධයෙන් එම අධි චෝදනා   ගොනු කෙරිණි.  

ඊශ්‍රායල හමුදා භටයින් පස්දෙනා සම්බන්ධ විමර්ශනවලට දක්ෂිණාංශික දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය එල්ල විය. විමර්ශනයට විරෝධය පා ඊශ්‍රායල හමුදා පරිශ්‍ර දෙකක් වෙත විරෝධතාකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

හමුදා කඳවුරු ආරක්ෂක කැමරා පද්ධතියෙක සටහන්ව තිබූ පලස්තීන රැඳවියකු ඊශ්‍රායල භටයින් විසින් අපයෝජය කෙරෙන දර්ශන  එරට එන්12 ප්‍රවෘත්ති (  N12 News) නාලිකාව ඔස්සේ විකාශය විය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/06/2025

මුලාශ්‍රය :

Israel extends arrest of military's former top legal officer, source says

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්