ඊශ්‍රායල ආක්‍රමණ වලට එරෙහිව විරෝධය දැක්වීමට නීත්‍යානුකූල හිමිකමක් තමන් සතු බව, ලෙබනන හිස්බුල්ලා සංවිධානය පවසයි.
ලෙබනනය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය හා දේශපාලන සාකච්ඡා පිණිස අවතීර්ණ නොවන බව ද, එම සන්නද්ධ සංවිධානය කියා සිටී. ලෙබනන හමුදා වෙත සහාය දක්වන බව ඔවුහු පවසති.
ඉකුත් වසරේ නොවැම්බර මස එක්සත් ජනපද මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා ලෙබනනය අතර සටන් විරාමයක් ආරම්භ විය.
එම සටන් විරාමය මධ්‍යයේ, ඉකුත් සතියේ ඊශ්‍රායල හමුදා, රැය පුරා දේශසීමා පසුකර පැමිණ නගරසභා සේවකයකු ඝාතනය කළහ.
දකුණු ලෙබනනය ආක්‍රමණයේ යෙදෙන ඊශ්‍රායල හමුදා වෙත පහර දෙන ලෙස ලෙබනන ජනපති ජෝසෙෆ් අවුන් ( Joseph Aoun) දැනුම් දුන්නේය.
ඒ අනුව, හමුදාව සහ ජනතාව වෙනුවෙන් ලෙබනනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා, ඊශ්‍රායල ආක්‍රමණ හා එදිරිවාදී ක්‍රියාවන්ට එරෙහි ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට නීත්‍යානුකූල අයිතියක් තමන් සතුව ඇතැයි, හිස්බුල්ලා සංවිධානය කියා සිටියේය.
ලෙබනනයට එරෙහිව යුද ප්‍රකාශ කරන සතුරා මැඩලා, ස්වයං ආරක්ෂාව සලසා ගැනීමට සූදානම් බවද එම සංවිධානය අවධාරණය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/06/2025
මුලාශ්‍රය :
Hezbollah says Lebanon is bound by ceasefire but rejects negotiations with Israel







