leader s

පෝලන්තය, මෙම මස නව හමුදා පුහුණු වැඩසටහනක් අරඹයි. එන වසරේ, හමුදා සෙබළුන් 400,000ක් පුහුණු කිරීම ඉලක්ක කර

දියත් කෙරෙන විශ්ෂ ව්‍යාපෘතියෙක පියවරක් ලෙස එය ක්‍රියාත්මකය.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම අබියස, වත්මන, පෝලන්තය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් ආරක්ෂාව පිණිස ආයෝජනය කර සිටී.  

නැටෝ (NATO ) සාමාජික රටවල් අතරින් වැඩිම ආරක්ෂක පිරිවැයක් දරන රට එය වේ. සන්නද්ධ සෙබළුන්  216,000කින් යුත් යුද හමුදාවක් පෝලන්තය සතුය. නැටෝ සාමාජිකත්වයේ තෙවන විශාලතම හමුදාව ද එයයි. ඉදිරි දශකයේදී එම සංඛ්‍යාව 33%කින් ඉහළ නැංවීම පෝලන්තයේ අපේක්ෂාවයි.

"සූදානමේ පසුවේ" (At Readiness) යනුවෙන් නම් කර ඇති නව වැඩසටහන, එරට ඉතිහාසයේ මෙතෙක් ක්‍රියාත්මක සුවිසල්ම හමුදා පුහුණු වැඩසටහන වේ.  ඊට මූලික ආරක්ෂක පාඨමාලාවක්, වෛද්‍ය උපදේශන, දිවි ගලවා ගැනීමේ සහ සයිබර් සුරක්ෂා පුහුණුවක් ද ඇතුළත්ය. එය, පාසල් සිසුන්, වැඩකරන ජනතාව, සමාගම් සේවකයින්, සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි ඕනෑම තරාතිරමක පෝලන්ත ජාතිකයකුට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි පුහුණු වැඩසටහනකි.

ඒ අනුව, මෙම මස සහ දෙසැම්බරයේදී පමණක් ඒකල පුහුණුව යටතේ පුද්ගලයින් 20,00කට හමුදා පුහුණුව හිමිවේ. එම කාලය තුළ, සියලු මට්ටමේ පුහුණුවීම් සඳහා 100,000කට අධික පිරිසක් බඳවා ගැනේ.  

පුහුණු වැඩසටහනේ අනුසාංගික පාඨමාලාවක් වන "හමුදාව සමග අධ්‍යාපනය" විෂය යටතේ එන වසරේ, පුද්ගලයින් 400,000ක් වෙත කණ්ඩායම් වශයෙන් පුහුණුව හිමිවේ.

ස්වේච්ඡා හමුදා සේවය පෝලන්තයේ අනිවාර්ය කර තිබේ.

පෝලන්ත වැසියන්ගේ සහ ප්‍රජා කොටස්හි  ශක්‍යතා වර්ධනය සහ හමුදා සේවය පිණිස පූර්ණ සූදානම  පුහුණු පාඨමාලාවේ අපේක්ෂාවයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/06/2025


මුලාශ්‍රය :

Poland launches new military training programme, aims to train 400,000 in 2026


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්