හමාස් ග්‍රහණයේ සිටියදී ලිංගික හිංසනයට ලක් වූ බව ඉකුත් මස නිදහස් කෙරුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු විසින් ප්‍රකාශ කර තිබේ.
රොම් බ්‍රස්ලව්ස්කි (Rom Braslavski) නම් 21 හැවිරිදි එම ඊශ්‍රායල ජාතිකයා එරට රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශ කර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එවැනි හිංසනයක් පිලිබඳ කරුණු අනාවරණය කළ පළමු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවා ඔහුය.
2023 ඔක්තෝබර 07 දා, නොවා (Nova) සංගීත ප්‍රසංගයේදී හමාස් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගැනීමට ලක් වූ ඊශ්‍රායල ජාතිකයින් අතර ඔහු ද විය. එසේ පැහැර ගැනීමෙන් අනතුරුව, දෙවසරක අත්අඩංගුවේදී විටින් විට තමා ත්‍රස්තවාදීන්ගේ ලිංගික හිංසනයට ලක් වූ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තයින්, තමා නිරුවත් කොට රැහැනින් බැඳ පහර දුන් බව බ්‍රස්ලව්ස්කි එම රූපවාහිනී නාලිකාව වෙත අදහස් දක්වමින් පැවසී යැයි, රොයිටර්ස් කියයි. එම කාලය පුරාවට දෙවියන් යදිමින් නිදහස අයැද සිටි බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
හමාස් සංවිධානය හා සමීප සබඳතා පැවති පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන් කාමීන් භාරයේ, බ්‍රස්ලව්ස්කි අත්අඩංගුවේ රඳවා තිබූ බවට කරුණු අනාවරණය විය.
2023 ඔක්තෝබර, දේශසීමා තරණය කරමින් ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන් ද සහභාගී වූහ. අත්අඩංගුවේ පසු වූ කාලය තුළ, ජිහාඩ් සංවිධානය විසින් බ්‍රස්ලව්ස්කි වේදනාවෙන් පසුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මුදා හැර තිබිණි.
ලිංගික හිංසනය පිලිබඳ බ්‍රස්ලව්ස්කි එල්ල කරන චෝදනා ජිහාඩ් සංවිධානය ප්‍රතික්ෂේප කරයි.
මීට පෙර, තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇප කාරිණියන් දෙදනකුද හමාස් භාරයේ සිටියදී තමන්ට සහ අනෙකුත් ප්‍රාණ ඇපකරුවන්ට සිදු වූ ලිංගික හිංසන පිලිබඳ ප්‍රසිද්ධියේ කරුණු දක්වා සිටියහ.
ගාසා තීරය වෙත රැගෙන ගිය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්, ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයන්හි ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වූ බවට කරුණු අනාවරණය වූ බව, ඉකුත් වසරේ මාර්තු මස, එක්සත් ජාතීන්ගේ (UN) විශේෂඥ පිරිසක්ද විශේෂ වාර්තාවක් මගින් දන්වා සිටියහ.
පැහැර ගත් බහුතර ප්‍රාණ ඇපකරුවන් සිය භාරයේ තබා සිටි හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
2023 ඔක්තෝබර ඊශ්‍රායලයේදී එල්ල කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් 1200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. හමාස් ත්‍රස්තයෝ ප්‍රාණ ඇපයට පත් 251 දෙනකු ගාසා තීරය වෙත රැගෙන ගියහ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/07/2025
මුලාශ්‍රය :
Freed Israeli hostage says he faced sexual violence in Gaza captivity, TV reports







