පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් අසල අද (11) සිදු වූ පිපිරීමකින් 8 දෙනෙක් තුවාළ ලැබූහ.
ඉන් ඇතැමෙක් බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
එය කිනම් අයුරක පිපිරීමක් දැයි තව දුරටත් විමර්ශනය කෙරෙන බව බලධාරීහු පවසති. පිපිරීම පිලිබඳ වෝහාරික පරීක්ෂණ සිදු කෙරේ.
විනිසුරුවන් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩල නිරතුරු ගැවසෙන ඉස්ලාමාබාද් දිස්ත්‍රික් අධිකරණයක් ඉදිරිපිට එම පිපිරීම සිදු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/11/2025
මුලාශ්‍රය :
Explosion injures eight outside court in Islamabad, police say







