leader s

පසු ගිය දා දිල්ලි නුවර සිදුවූ කාර් රථ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් බව ඉන්දීය රජය ඊයේ (12) නිල වශයෙන් නිවේදනය කළේය.


පිපිරීමෙන්, 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව 20කට අධික පිරිසක් තුවාළ ලැබූහ. එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු අපරාධ කරුවන් වහා නීතිය හමුවට පමුණුවන බව රජය කියා සිටී.

මීට පෙර, අවි සහ බෝම්බ නිෂ්පාදන අමුද්‍රව්‍ය සමග ඉන්දීය කාශ්මීර ප්‍රාන්තයෙන් අත්අඩංගුවට ගත් සත් දෙනකුගෙන් යුත්  කණ්ඩායමක් සහ දිල්ලි පිපිරීම අතර යම් සබඳතාවක් පවතීදැයි, විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

idmmdtyud fh

 

දිල්ලි අගනුවර ඓතිහාසික රතු බලකොටු පරිශ්‍රය පිටත ප්‍රදේශයේ සඳුදා (10) සන්ධ්‍යාවේ එම මෝටර් රථ පිපිරීම සිදු විය. මිලියන 11කට අධික ජනගහනයක් වෙසෙන නගරයේ, 2011 වසරට පසු වාර්තා වන දරුණුතම ත්‍රස්තවාදී පිපිරීම එය වේ.

ඉන්දීය ත්‍රස්ත විරෝධී පනත යටතේ බලධාරීන් විසින්, අදාල විමර්ශන සිදු කෙරේ. කාර් බෝම්බ ප්‍රහාරය, විජාතික බලවේග මගින් මෙහෙයවන ලද ත්‍රස්ත ක්‍රියාවක් බව රජය කියයි. ප්‍රමුඛත්වයේ ලා උපරිම වෘත්තීය නෛපුන්‍යයෙන් යුක්තව අදාල විමර්ශන සිදු කර, පිපිරීමට වග කිව යුතු සියලු පාර්ශ්ව, ඔවුන්ගේ සබඳතා ජාල සහ අනුග්‍රාහකයින් හෙළි කර නීතිය ඉදිරියට පමුණුවන  ලෙස, විමර්ශන නිලධාරීන් වෙත කැබිනට් උපදෙස් ලබා දී තිබේ.  

සඳුදා එම සිදු වීමට පැය කිහිපයකට පෙර ජම්මු සහ කාශ්මීර පොලිසිය විසින් වෛද්‍යවරු දෙදෙනකුගෙන් යුත් සත් පුද්ගල කණ්ඩායමක් අත්අඩංගුවට ගැනිණි. කාශ්මීරයේ, හර්යානා සහ උත්තර ප්‍රදේශ, ප්‍රාන්තයන්හි සිදු කළ විශේෂ ත්‍රස්ත විරෝධී විමර්ශනයකදී එම පිරිස අත්අඩංගුවට පත් විය.

 

vb567e567e
එහිදී සිදුකළ වැටලීම් හමුවේ, පිස්තෝල වර්ගයේ ගිනි අවි 2ක්, රයිෆල් අවි 2ක් සහ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය කි.ග්‍රෑ. 2,900ක් ද පොලිස් අත්අඩංගුවට ගැනිණි.

එම විමර්ශනවලදී, රැඩිකල්  වෘත්තිකයින්, පාකිස්ථානය සහ තවත් රටවල විදෙස් සබඳතා සහිත ශිෂ්‍යයින් ගෙන් සමන්විත සුදු කරපටි ත්‍රස්ත පද්ධතියක් හඳුනා ගැනීමට හැකි වූ බව බලධාරීහු පවසති.

අත්අඩංගුවට පත් පිරිස සහ  පාකිස්ථානයේ ජේෂ්-එ-මොහම්මද් (Jaish-e-Mohammad) සහ අන්සාර් ඝස්වතුල් හින්ද් (Ansar Ghazwat-ul-Hind) සන්නද්ධ කණ්ඩායම් අතර සබඳතා පැවති  බව ද එහිදී අනාවරණය විය.

idn5n567

පාකිස්ථානය, කාශ්මීරයේ සන්නද්ධ ඉස්ලාමීය සටන්කරුවන්ට අනුබල දෙන බවට ඉන්දීය රජය චෝදනා කරයි. දෙරටම, හිමාල කලාපයේ පිහිටි ප්‍රදේශයට අයිතිය කියා සිටී. 1989 සිට එහි ඇවිළි ඉන්දීය විරෝධී කැළඹීම්වලින් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය වූහ. මෑත කාලීනව එම භීෂණය තරමක් තුරන්ව ඇති සෙයක් දක්නට ලැබේ.

ij5j

 

ඉකුත් අප්‍රේල් මස කාශ්මීර ප්‍රදේශයේ හින්දු සංචාරක පිරිස් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එය පාකිස්ථානයේ අනුග්‍රහය ලද ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් බව, ඉන්දියාව චෝදනා කළේය. ඉස්ලාමාබාද් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

දිල්ලියේ පුපුරා ගිය කාර් රථයේ රියදුරු සහ අත්අඩංගුවට පත් සත් පුද්ගල පිරිස  අතර සබඳතා පැවතියේදැයි, සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. එම රියදුරු ද  අත්අඩංගුවට ගත්  පිරිස අතර සිටි වෛද්‍යවරුන් දෙදෙනා හොඳින් හඳුනන වෛද්‍යවරයකු වියහැකි බවට පොලිසිය අනුමාන කරයි.

 

irm67mdrty
දිල්ලි පිපිරීමෙන් අනතුරුව  හිමාල කලාපයේ සියයකට අධික ස්ථාන වෙත පොලිස්  වැටලීම් රැසක් සිදුකෙරිණි. එහිදී 500කට අධික පිරිසක් පොලිස් රැඳවුම් භාරයට පත් වූහ. ප්‍රශ්න කිරීමෙන්  අනතුරුව ඉන් බහුතරය මුදා හැරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/13/2025

මුලාශ්‍රය :

India says Delhi blast was 'terror incident', sources cite possible link with Kashmir arrests

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්