leader s

හමාස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු වන මෙනි ගොඩාර්ඩ් (Meny Godard) ගේ මළ සිරුර රතු කුරුස සංවිධානය හරහා ලබා දීමට කටයුතු කර තිබේ.


එම සිරුර ඊශ්‍රායලය වෙත භාර ගත්  බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඊයේ (13) නිවේදනය කළේය.

ගාසා  තීරය ආසන්නයේ කිබුට්ස් හි දිවි ගෙවූ ගොඩාර්ඩ්, 2023 ඔක්තෝබර් 7 දා, ඒ වෙත එල්ල වූ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් විය. හමාස් ත්‍රස්තයින්, ඔහුගේ මළ සිරුර ගාසා තීරය වෙත රැගෙන ගියහ. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 73කි.

crossioi

 

හමාස් භාරයේ සිටියදී මියගිය ප්‍රාණඇපකරුවන් තිදෙනකුගේ සිරුරු තවමත් එම භාරයේ පවතින බවට ඊශ්‍රායලය කියයි.

ත්‍රස්ත රැඳවුම් භාරයේදී ජීවිතක්ෂයට පත් සියලු ඊශ්‍රායල ජාතිකයින්ගේ මළ සිරුරු යළි ගෙන්වා චාරිත්‍රානුකූලව ගෞරවාන්විත අවසන් සමු ගැන්මක් ලබා දීමට රජය අධිෂ්ඨාන පූර්වක කාර්ය භාරයක් ඉටු කරමින් ඇති බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/14/2025

මුලාශ්‍රය :

Israel receives another deceased hostage from Hamas, Islamic Jihad, three still remain in Gaza


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්