චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැති Takaichi Sanaeගේ ප්‍රකාශය, චීන ජාතික ගරුත්වය සහ මූලික ජාතික අවශ්‍යතාවට තර්ජනයක් වන බැරෑරුම් ප්‍රතිපත්තිමය කරුණක් ලෙස චීනය හඳුනා ගෙන තිබෙනවා. ජපානයට තම වැරදි වහාම නිවැරදි කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නොමැති බව චීනයේ දැඩි ඉල්ලීමයි.
මේ සම්බන්ධව චීනය පසුගිය දිනවල දැක්වූ ප්‍රතිචාරයන් තුළින් ප්‍රකාශ දෙකක් ඉස්මතු වනවා. ඒ "ජපානය සියලු ප්‍රතිවිපාකයක් දරාගත යුතුයි" සහ "චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත" යන්නයි. ඒ අතරින්," චීනය නිසැකවම දැඩි ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත " යන්න චීන-ජපන් රාජ්‍යතාන්ත්‍රික පසුබිමක පළමු වරට ඉස්මතු වීමයි විශේෂත්වය. මෙම ප්‍රකාශවලින් ඇඟවෙන්නේ චීනය ප්‍රතිපියවර සඳහා සූදානම්ව සිටින බවයි.
පළමුව, සම්බාධක පැනවීම සඳහාත් චීනය සූදානම් ව සිටින බව වාර්තා වනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රති-සම්බාධක ලැයිස්තුවේ ඇති නඩු වලින් 80% ක් පමණ තායිවාන ප්‍රශ්නයට සම්බන්ධ ඒවා වන අතර, ජපන් දේශපාලනඥයන්ගේ නම්ද එයට ඇතුළත් බව චීන මාධ්‍ය වාර්තා කළා. එබැවින් ඕනෑම අවශ්‍ය අවස්ථාවක චීනයට සමාන පියවර ගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දෙවනුව, ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා මට්ටමින් ජපානය සමඟ පවත්වන අන්තර් රාජ්‍ය හුවමාරු අත්හිටුවීමකට ද චීනයට පියවර ගත හැකි බව වාර්තා වනවා. මේ දිනවල ජපානයට ගොස් සංචාරය කිරීමෙන් වළකින ලෙස පසුගිය දා (14) චීන විදේශ අමාත්‍යාංශය සහ ජපානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල චීන පුරවැසියන් දැනුවත් කර තිබුණා.
චීනය ආක්‍රමණය කිරීම සනිටුහන් කරන ‘9.18 සිද්ධියේ’ සිට පර්ල් වරායට පහර දීම දක්වා, ජපානය තම ආක්‍රමණයන් ඉදිරියට ගෙන ගොස් තිබුණේ, "පැවැත්මේ අර්බුදයක්" යන ප්‍රකාශයට මුවාවෙමින් බව චීනය පවසනවා. ඒ හා සමාන භයානක ආඛ්‍යානයක් නැවත මතුවෙමින් තිබියදී, ජපානය චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බව චීන පාර්ශ්වය සඳහන් කරනවා.
කෙසේ වුවද, අහංකාරය පිළිබඳ සිහිනයක ජීවත් නොවී, සිය සැබෑ හැකියාව හොඳින් සලකා බලන ලෙසට චීනය නැවත වරක් ජපානයේ ඇතැම් පුද්ගලයින්ට බැරෑරුම් ලෙස අනතුරු අඟවා තිබෙනවා. චීනය සහ ජපානයට සමාන ආප්තෝපදේශය ඇති බව පසුගිය දා චීන මාධ්‍ය වාර්තා කළා. ඒ "අනතුරු ඇති නොකළහොත් මිය නොයයි." සමහර ‘අනතුරු’ ඇති කිරීම කිසි විටෙකත් නොකළ යුතුය යන්නයි.







