leader s

නව වසර උදාවේ ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස් - මොන්ටානා (Crans-Montana ) නගරයේ ඇල්පයින් (Alpine )

සංචාරක නිකේතනයේ ආපාන ශාලාවක හටගත් පිපිරීමකින්  සහ අනතුරුව හටගත් ගින්නෙන් පුද්ගලයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව  100කට ආසන්න පිරිසක් බරපතල  තුවාළ ලබා ඇතැයි, ඒ පිලිබඳ නවතම තොරතුරු වලින් අනාවරණය වේ.

එරට වේලාවෙන් අද අළුයම 1.30ට පමණ අනතුර සිදු විය. ඒ වන විට ආපාන ශාලාවේ විශාල පිරිසක් නව වසර උදාව සමරමින් ජය පැන් පානය කරමින් සිටි බව වාර්තා විය.

මේ මොහොතේ, එය ප්‍රහාරයක් බවට පැහැදිලි තොරතුරු අනාවරණය ව නැතැයි වාර්තා වේ.  

සිද්ධියෙන් තුවාළ ලත් පිරිස් වැඩි දුර ප්‍රතිකාර පිණිස සියොන් (Sion), ලොසේන් ( Lausanne) ජිනීවා ( Geneva ) සහ සුරිච් ( Zurich) හි රෝහල් වෙත ඇතුළත් කර තිබේ. බොහෝ රෝගීන් පිලිසුම් තුවාළ සහිතව රෝහල් ගත අකර ඇත.

සහන මෙහෙයුම් පිණිස හෙලිකොප්ටර 10ක් සහ ගිලන් රථ 40ක් යොදවා තිබේ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හැකි ඉක්මනින් ඥාතීන් වෙත ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී.

නව වසර උදාවේ ගිනි කෙළි දල්වීමකින් අනතුර හටගත් බවට නිල නොලත් තොරතුරු ලැබී තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/1/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Dozens killed, 100 injured in fire at Swiss ski resort bar, police say

සබැඳි පුවත් :

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්