leader s

වසර දහයකට අඩු කාලයකදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය බර ඩොලර් ට්‍රිලියන 19.95 සිට ට්‍රිලියන 40 සීමාව ඉක්මවයි


ණය පොලී පිරිවැය සහ සුභසාධන වියදම් ඉහළ යාම හමුවේ මූල්‍ය අර්බුදයක් පිළිබඳව විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීම්


ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ජාතික ණය ප්‍රමාණය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 40 සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා තහවුරු කරයි.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික මුදල් හා ණය ශේෂ වාර්තාවට අනුව, මේ වන විට ඇමෙරිකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40.047 ක් ලෙස සටහන් වේ. මීට මහජනතාව සතු ඩොලර් ට්‍රිලියන 32.266 ක භාණ්ඩාගාර සුරැකුම්පත් මෙන්ම අන්තර්-රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 7.782 ක් ද ඇතුළත් ය.

දශකයකදී ණය දෙගුණ වූ හැටි

us debt
2017 වසරේ ජනවාරි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජනාධිපති ධුරයට පත්වන විට ඩොලර් ට්‍රිලියන 19.95 ක් ලෙස පැවති ඇමෙරිකානු ණය බර, දශකයකටත් අඩු කාලයකදී මෙලෙස දෙගුණයකට වඩා වැඩි වී තිබේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගත සමයේදී හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් දැවැන්ත රාජ්‍ය වියදම් තීන්දු මෙම වර්ධනයෙන් තුනෙන් එකකට පමණ වගකිව යුතු බවයි. සෙසු වැඩිවීම සඳහා දෙපාර්ශවයේම ආර්ථික හා බදු ප්‍රතිපත්ති මෙන්ම ආදායම් සහ වියදම් අතර පවතින දිගුකාලීන පරතරය ද හේතු වී තිබේ.

වියදම් කළමනාකරණය හා ප්‍රතිපත්තිමය පීඩනය

දත්ත වාර්තාවලට අනුව, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 7.8 කින් ඉහළ ගිය අතර, 2025 ජනවාරි මාසයේදී ඔහු දෙවන වරටත් ධුරයට පත්වීමෙන් පසු මේ දක්වා තවත් ඩොලර් ට්‍රිලියන 3.8 කින් ණය බර ඉහළ ගොස් ඇත. ඒ අනුව ඔහුගේ ධුර කාල දෙක තුළ පමණක් එකතු වී ඇති ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 11.6 කි.

ජෝ බයිඩන්ගේ සිව්වසරක පාලන කාලය තුළ යටිතල පහසුකම්, හරිත බලශක්ති සහන සහ ආර්ථික පුනර්ජීවන පැකේජ හේතුවෙන් ණය බර ඩොලර් ට්‍රිලියන 8.4 කින් ඉහළ ගියේය.

රාජ්‍ය අයවැය නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ බදු ආදායම් සීමා සහිත පසුබිමක සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ ජාතික ණය සඳහා වන පොලී ගෙවීම් ශීඝ්‍රයෙන් ඉහළ යාම මූල්‍යමය තත්ත්වය සංකීර්ණ කිරීමට හේතු වී ඇති බවයි.

 

us debt 1
"ඩොලර් ට්‍රිලියන 40 ක ණය බරක් යනු රජයේ ලේඛනවල පමණක් සීමා වන දෙයක් නොවේ. එය ආර්ථිකය පුරා බලපෑම් ඇති කරමින් පොදු ජනතාවගේ ජීවන වියදමට සෘජුවම බලපාන කරුණක්," යනුවෙන් 'වගකිවයුතු ෆෙඩරල් අයවැයක් සඳහා වන කමිටුවේ' (CRFB) සභාපතිනී මායා මැක්ගිනියාස් සඳහන් කර තිබේ.

පොලී අනුපාත සහ වෙළෙඳපොළ ප්‍රතිචාර

වාර්ෂිකව ඇමෙරිකානු අයවැයෙන් ඩොලර් ට්‍රිලියන 1.1 ක් පමණ වෙන් වන්නේ ණය සඳහා පොලී ගෙවීමටය. 2026 මූල්‍ය වර්ෂයේදී මෙම පොලී වියදම්, එරට සෞඛ්‍ය වියදම් (Medicare) පවා අභිබවා යමින් අයවැයේ දෙවන විශාලතම වියදම් අයිතමය බවට පත්ව ඇත.

මේ අතර බැඳුම්කර වෙළෙඳපොළේ පොලී අනුපාත ඉහළ යාම පාලනය කිරීම සඳහා එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දිගුකාලීන බැඳුම්කර යළි මිලදී ගැනීමේ මෙහෙයුම් වේගවත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, වෙළෙඳපොළ උච්චාවචනයන් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් ආර්ථිකයක් හමුවේ පොලී අනුපාත පහළ යා යුතු බවත්, වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත්ය.


වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍රය:

Reuters: US debt crosses $40 trillion threshold after doubling under Trump and Biden

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්