leader s

*දවල් කාලයේදී කෞතුකාගාරයට කඩා වැදුණු සොර දෙපළක් හැමර් පහරින් වීදුරු බිඳ දමා කැරට් 200ක ඓතිහාසික ප්ලැටිනම් මාලය රැගෙන පලා යති.


*යුරෝපීය කෞතුකාගාර ඉලක්ක කරගනිමින් මෑතකදී අඛණ්ඩව සිදුවන මංකොල්ලකෑම් රැල්ලක් පිළිබඳ ජාත්‍යන්තර පොලිසියේ අවධානය.


වියානා නගරයේ පිහිටි ප්‍රසිද්ධ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ, ඊජිප්තු රාජකීය පවුලට අයත්ව තිබූ දියමන්ති 673කින් සමන්විත කැරට් 200ක වටිනා ප්ලැටිනම් මාලයක් දහවල් කාලයේදී සොරාගෙන ඇත. ඔස්ට්‍රියානු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සෙවීමේ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

5252

වියානා නගරයේ ව්‍යවහාරික කලා කෞතුකාගාරයේ (MAK) පැවති ප්‍රදර්ශනයක් අතරතුර මෙම සිද්ධිය වාර්තා විය. ප්‍රදර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදී ගෙන ඇතුළු වූ මුහුණු ආවරණය නොකළ සැකකරුවන් දෙදෙනෙකු, මහදවල් කාලයේදී ප්‍රදර්ශන කුටියේ වීදුරු ආවරණය හැමර් පහරින් බිඳ දමා මෙම ඓතිහාසික මාලය රැගෙන පලා ගොස් ඇත. සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම කාමරයේ ප්‍රදර්ශනය නරඹමින් සිටි කිහිප දෙනෙක්ම සිට ඇතත්, කිසිදු පාර්ශ්වයකට ශාරීරික හානියක් සිදුවී නොමැත.


1939 වසරේ රාජකීය විවාහ මංගල්‍යයක් සඳහා පැළඳි ආභරණයක්

අදාළ කෞතුකාගාරය සඳහන් කළ පරිදි, මෙම ප්‍රදර්ශනය ජුනි මාසයේ සිට පවත්වාගෙන ගිය එකක් වන අතර, ප්‍රංශ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් වන 'වෑන් ක්ලීෆ් ඇන්ඩ් ආපෙල්ස්' (Van Cleef & Arpels) ආයතනයේ නිර්මාණ 300කට අධික ප්‍රමාණයක් එහි ඇතුළත් විය.

2936

ලේඛනගත සාක්ෂිවලට අනුව, මෙම ප්ලැටිනම් මාලය 1939 වසරේදී ඊජිප්තුවේ නාස්ලි මව් රැජිනට (Queen Consort Nazli) අයත්ව තිබූ අතර, ඇය එය සිය දියණිය වන ෆව්සියා කුමරියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පැළඳ තිබිණි. එකල ඉරානයේ ඔටුන්න හිමි කුමරු වූ මොහොමඩ් රේසා Pahlavi (පසුකාලීන ෂා වරයා) සමඟ මෙම විවාහ මංගල්‍යය සිදුවිය. විශේෂත්වය වන්නේ, මෙම මාලය 2015 වසරේදී නිව්යෝක් නගරයේ සදබිස් (Sotheby's) වෙන්දේසිය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 4.3 කට අලෙවි කර තිබීමයි.


පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ක්‍රෝනෙන්' (Kronen) පුවත්පත වාර්තා කර ඇත්තේ, මෙම සොරකම වෘත්තීය මට්ටමේ අපරාධ කණ්ඩායමක් විසින් සැලසුම් කරන ලද "කොන්ත්‍රාත් රැකියාවක්" (contract job) විය හැකි බවට විමර්ශකයින් සැක කරන බවයි.

යුරෝපීය කෞතුකාගාර ඉලක්ක කරගත් මංකොල්ලකෑම් රැල්ලක්

මෙම සිදුවීමත් සමඟ යුරෝපයේ සංස්කෘතික හා ඓතිහාසික ආයතන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ. මෑතකදී යුරෝපයේ කෞතුකාගාර ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රධාන පෙළේ මංකොල්ලකෑම් කිහිපයක්ම වාර්තා වී ඇත.

 

paris thief
පසුගිය ඔක්තෝබර් මාසයේදී පැරිස් නගරයේ ලූවර් (Louvre) කෞතුකාගාරයට දහවල් කාලයේදී කඩා වැදුණු මංකොල්ලකරුවන් පිරිසක් යුරෝ මිලියන 88ක් වටිනා ඔටුනු ආභරණ තොගයක් රැගෙන පලා ගියහ. මීට අමතරව, ස්පාඤ්ඤයේ 'ට්‍රෙෂර් ඔෆ් විලේනා' නම් ලෝකඩ යුගයේ රන් භාණ්ඩ තොගයක් ද, සිසිලියේ මෙසීනා කෞතුකාගාරයෙන් 15 වන සියවසේ සිතුවම් කිහිපයක් ද මෑතකදී සොරාගෙන තිබේ.

යුරෝපෝල් (Europol) ආයතනය විසින් මේ මස නිකුත් කරන ලද වාර්තාවකට අනුව, යුරෝපීය කෞතුකාගාර ඉලක්ක කරගනිමින් සිදුවන කොල්ලකෑම් ක්‍රමයෙන් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගනිමින් පවතින බව අනාවරණය වී ඇත. ඇතැම් අවස්ථාවලදී අපරාධකරුවන් ගිනි අවි භාවිත කිරීම, කාර්ය මණ්ඩලයට පහර දීම, කුළුගෙඩි, පොරෝ සහ පුපුරණ ද්‍රව්‍ය පවා භාවිත කරමින් ආරක්ෂක ආවරණ බිඳ දැමීමට පෙළඹී සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.


කෞතුකාගාර බලධාරීන් සඳහන් කර ඇත්තේ, ඓතිහාසික වටිනාකමෙන් අනූන මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, වර්තමාන තත්ත්වය මත එය තාවකාලිකව වසා දමා ඇති බවයි.


වැඩිදුර කියවීම සඳහා:

The Guardian - Egyptian queen’s 673-diamond necklace stolen in Vienna smash-and-grab raid
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්