ගෝටාගෝගමේ ශාකා දාන්න හැමතැනම උත්සාහයක් තියනවා. ගෝල්ෆේස් අරගල-සංස්කෘතික-සමුපකාර අවකාශය අනිත් නගර වලටත් පුළුල් කිරීම ගැන ඇත්තටම සතුටුයි.


නමුත් ඒ කොළඹ නොවන අවකාශ අර ගෝටාගෝගමෙන් සෑහෙන්න විතර ඛණ්ඩනය වෙනවා නම් සහ අර මුල් ආකෘතියෙන් වෙනස් වෙනවා නම් මම වඩාත් කැමතියි.

ඒ නිසා ගෝටාගෝගම අනෙක් අවකාශ ගෝල්ෆේස් ශාඛාවක් (කොපියක්) වෙනවා වෙනුවට අලුත්ම අවකාශයක් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද යාපනේ නැත්නම් මඩකලපුවේ දාන 'ගෝටාගම' ගමක් ම වෙන්න ඕනි නැහැ. දැනටත් අපි ඉන්නේ ගම්වල හින්ද ගම කියන්නේ අපේ ෆැන්ටසි එකත් නෙවෙයි.




ගම කියන ප්‍රථම අවකාශය (Firstspace) වෙනුවට නාගරික දෙවන අවකාශයක් තිබීම හොඳයි. දැන් ගෝල්ෆේස් එකේ සිද්ද වෙන්නේ ඒක (Secondspace). නමුත් එඩ්වඩ් සෝජා යෝජනා කරන්නේ ගම කියන පරිකල්පිත අවකාශය සහ ඇත්තට අපි ජීවත් වෙන නාගරික අවකාශය අතරින් තුන්වන අවකාශයක් අපි හොයාගන්න ඕනි කියල (Thirdspace).



බහු සංස්කෘතික අවකාශය හොඳයි. හැබැයි ඒ බහු සංස්කෘතික බවෙනුත් අපි වෙන් වෙන්න ඕනි. මුල් එකේ චායාව විතරක් අරගෙන ඒකෙන් නොපෙනී යන්න පුළුවන් නම් හොඳයි.

'පරණ දෙයම සිදුවන අතරේ අලුත් දෙයකුත් සිදුවන, ශරීරය සහ මනස දෙකම පවතින, වාස්තවික සහ වියුක්ත, විඥාණය සහ අවිඥාණය දෙකම පවතින, සැමදා ජීවිතය වගේම නිමානොවන ඉතිහාසයක් ද පවතින, අනෙකා පවතින සහ නොපවතින' යමක් අපි නිර්මාණය කරන්න ඕනි කියල සෝජා කියනවා.

දැන් අපේ අනෙකා රාජපක්ෂ උනාට අපේ අලුත් තැනදී ඒකත් නොපෙනී යනවනම් හොඳයි. අලුත් යුතෝපියාවක් එක්ක අලුත් ගමනක් යමු.

මම හිතන්නේ ගෝල්ෆේස් වලින් පසුබහින්න ඕනි උණොත් (කවදාහරි) ඒකටත් එක්ක ඊටත් වඩා ශක්තිමත් තැන් එකක් නෙවෙයි ගොඩක් අපි ඇති කරන්න ඕනි.
මේ පොදු සංස්කෘතික සමුපකාර අවකාශය හැමදාම නඩත්තු කරන්න ආධාර වලින් විතරක් බැරි වෙයි. ස්වයං-තිරසාර බවක් ඕනි වෙයි (self-sustainable space).



ග්‍රීක රෝම මෙට්‍රෝ නගර සංකල්පයත් නොවන අපේ ගමත් නොවෙන අලුත් එකක් අපිට හදන්න බැරිද? බාවාගේ එකත් නොවෙනවා නම් තවත් හොඳයි.
අපේම ලොවක් වගේම අපේ නොවන ලොවකුත් තිබ්බනම් අගෙයි. සමහර විට අලුත් පරම්පරාව හදයි.



Edward Soja (1996). Thirdspace: Journeys to Los Angeles and Other Real-and-Imagined Places. Oxford: Basil Blackwell.

 
 
Mahesh Hapugoda 1 1

(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

The Leader TV අද වීඩියෝ 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්