සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මා මිත්‍ර මහේෂ් හපුගොඩ අපට කියන ආකාරයට ණයකයිවාරු ශුභාරංචිය ශුභාරංචියක් වන්නේ එයට විරුද්ධව බොහෝ දෙනා

කතා කරන නිසාය. එය හරියට “ලෝකය පැතලිය යන ප්‍රකාශය සත්‍යය වන්නේ එයට විරුද්ධව බොහෝ දෙනා කතා කරනා නිසාය,” කීම වැනි අතාර්කික අවිද්‍යාත්මක ගොබ්බ ප්‍රකාශයකි.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යන් කතා කළ යුත්තේ කරුණු මත පදනම් විචාරයකිනි. ණයකයිවාරු ශුභාරංචියේ කරුණුමය පදනම කුමක්ද? රනිල්ම ප්‍රකාශ කළ ආකාරයට වාරික ගෙවීම කල් දාගෙන ඇත්තේ ද්වීපාර්ශවික ණය කොටසක් සඳහා පමණී. ලංකාවේ ණය මූලිකව වර්ග හතරක් තිබේ.

1) ලෝක බැංකුව වැනි බහුපාර්ශවික ආයතනවලින් ගන්නා ණය ( Multilateral Sovereign)
2) එක් එක් රටවලින් ගන්නා ද්විපාර්ශවික ණය (Bilateral Debt)
3) විවෘත ජාත්‍යන්තර වෙළඳපොළට බැඳුම්කර උකස්කර ගන්නා ණය (International Soverign Bonds)
4) රට ඇතුළෙ ආයතන සහ පුද්ගලයන්ගෙන් ගන්නා ණය (Domestic Debt)



8939 2222 70 11zonනිවසක් හදා ගැනීමට රජයේ බැංකුවකින් දෙන නිවස ණය වගේ

 

ලෝක බැංකුව සහ රටවල් ණය දෙන්නේ ඉතාම අඩු පොලියටය. ඒ දෙන්නෙත් කිසියම් නිශ්චිත සංවර්ධන ව්‍යාපෘතියකට හෝ වැඩසටහනකටය. හරියට ඔබට නිවසක් හදා ගැනීමට රජයේ බැංකුවකින් දෙන නිවස ණය වගේය. ඒවා දෙන්නේ ඔවුන්ගේ විශේෂඥයන් විසින් පරීක්ෂා කර බලා අනුමත කරන ඇස්තමේන්තුවලටය. එම ව්‍යාපෘති ප්‍රගතිය ඔවුන් නිසි පරිදි වාර්තා කරයි. ඔබගේ නිවස නොහදා වෙන දේවලට ඒ ණය භාවිතා කළහොත් ඊළඟ කොටස දෙන්නේ නැත. ඒ නිසා එම ණය හිතුමතේ වියදම් කිරීමට හෝ ගසා කෑමට හෝ නොහැකිය.

ලංකාවේ සමස්ත ණය කන්දරාව දැන් ඩොලර් බිලියන 100 ට වැඩිය. එයින් ඔය කියන ද්විපාර්ශවික ණය ඇත්තේ ඩොලර් බිලියන 10 කි. එනම් සමස්ත ණය ප්‍රමාණයෙන් 10% කි. ණයකයිවාරු ශුභාරංචිය වන්නේ ඔන්න ඔය 10% ක ණය 2027 දක්වා නොගෙවා ඉන්න එම රවටල් එකඟ කරගත්තා කියන ආරංචිය පමණී. නැතුව සමස්ත ණය නොගෙවා ඉන්න හදාගත්තා නොවේ. මහේෂ් හපුගොඩ දීප්ති කුමාර සමග අනුර කුමාරට උපදෙස් දුන්නාක් මෙන් “බොරු මොත්තේ නැතිව ඔය ඇත්ත කීවා නම්” හරිනේ…

 

Screenshot 20200514 202129 Chromeඩොලර් බිලියන 12 කට වඩා ගත්තේ රනිල් සහ මෛත්‍රීය. ඒ 2015-19 යහපාලන කාලයේය. ඒවායින් කිසිදු සංවර්ධනයක්ද කර නැත. ඒවා ගෙන ඇත්තේ හැම සති අන්තයටම විනෝද චාරිකා යෑමට සුඛෝපභෝගී කාර් ගෙන්වීමට

 


නමුත් ඔය කරගත් වැඩේ ඇත්තටම චුට්ටක් හරි ශුභ නම් එය අගය කළ යුතුය. නමුත් එය චුට්ටක්වත් ශුභ නැත. ලංකාවේ විදේශ විනිමය අර්බුදය තියෙන්නේ ඔතන නොවේ. ඒ අර්බුදය තියෙන්නේ ඉහත තුන්වැනි වර්ගය වන ජාත්‍යන්තර බැඳුම්කර ණය තුළය. රටේ විදේශ ණය පංගුවෙන් වැඩිම ණය ප්‍රමාණය එනම් ඩොලර් බිලියන 15 කට ආසන්නයෙන් තියෙන්නේ එතනය. එයින් ඩොලර් බිලියන 12 කට වඩා ගත්තේ රනිල් සහ මෛත්‍රීය. ඒ 2015-19 යහපාලන කාලයේය. ඒවායින් කිසිදු සංවර්ධනයක්ද කර නැත. ඒවා ගෙන ඇත්තේ හැම සති අන්තයටම විනෝද චාරිකා යෑමට සුඛෝපභෝගී කාර් ගෙන්වීමටත්, ඒවාට ගහන්න පෙට්‍රල් ඩීසල් ගෙන්වීමටත්, හැම් බේකන් චීස් බටර් සහ කිරිපිටි ආනයනය කර දීමටත්, වස පොහොර ගෙන්වීමටත්, ඒවා කෑමෙන් තෙල්මන්ද වැඩි වූ සහ වකුගඩු නරක් වූ ලෙඩ්ඩුන්ට බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමටත්, සිරස TV රන් දෙපය නැරඹීමට විදුලිය නිෂ්පාදනය කිරීමටත්ය. සරලව කිවහොත් කයිවාරුකමට කෑමට බීමට සහ **මටය. මහේෂ් හපුගොඩ මෙන්න මේ ශුභාරංචියත් පැහැදිලි කළා නම් එය අධ්‍යාපනිකය.

ද්වීපාර්ශවික ණය සඳහා වාර්ෂිකව ගෙවන්නේ සාපේක්ෂව ඉතා සුළු වාරිකයකි. දැන් වෙන්නේ 2027 න් පසුව වැඩිපුරත් එක්ක ඒ ණය වාර්ෂිකව ගෙවීමටය. මේ කරගෙන ඇත්තේ ලෝක මෝඩකමකි. මෙය කිසිසේත්ම ශුභාරංචියක් නොවේ. රනිල්ගේ වසර දෙක තුළ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කින් වැඩි වී ඇත. එය ඔය ද්වීපාර්ශවික ණය ප්‍රමාණය මෙන් දෙගුණයකි. පිටරටින් ණය නොගත්තාට වාරික එකතු වේ. රට ඇතුළෙන් ණය ගනී. හිටු කියා මුදල් අච්චු ගසයි. කයිවාරු පුත්තු ටික කරන්නේ රටක කොඩිවිනයකි. මහේෂ් හපුගොඩ කැම්පස් ගුරුවරයෙකු විදිහට කළ යුත්තේ මෙන්න මේ කරුණු තාර්කිකව ජනතාවට ඉදිරිපත් කිරීමය. නැතුව ජනතාවට බොරු ආරංචි පෝස්ටර් ගසා තාවකාලික චූන් එකක් දීම නොවේ. දැන් නුඹලා ඔය මහා ලොකු අරගලය කළේ නැවත ඔය විදිහට ජනතාව ගොනාට අන්දන්නද? මොකක්ද මහේෂ් මේකේ තේරුම?

 

images 22බදු පිට බදු ගසා විදුලි බිල අහස උසට නංවා සම්පත් විකුණා රටේ ආර්ථිකය බෙල්ලෙන් හිර කර එය කළ නොහැකිය.

රටට ලැබිය හැක්කේ එක ශුභාරංචියකි. එනම් රටේ “නිෂ්පාදන ආදායම” වැඩි කරගත්තා කියන ශුභාරංචිය පමණී. “ණය කල් දාගන්නවා” යනු “ණය ගෙවන්න බැරිකමට” කියන තවත් වචනයකි. අප කළ යුත්තේ ණය ගෙවීමය. ණය ගෙවීම සඳහා ආදායම ඉපදවීමය. නමුත් බදු පිට බදු ගසා විදුලි බිල අහස උසට නංවා සම්පත් විකුණා රටේ ආර්ථිකය බෙල්ලෙන් හිර කර එය කළ නොහැකිය. මේ කරන්නේ ඔය කිසිවක් නොවේ. මේ කරන්නේ ජනතාවට බිල්ලෙක් පෙන්වා රටේ සම්පත් ටික කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණා කයිවාරු පුත්තුන්ට ගාණක් කපා ගැනීම බව දැන් දැන් ජනතාවට වැටහෙමින් තිබේ.


ධර්මය ඔබට මග වේවා!


unnamed



(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 ජූනි 29


සබැඳි ලිපි :

ලංකාවට ආයෙත් රනිල් මඟහැරෙයි ද? - (වීඩියෝ)


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්