leader s

පළමුව, පසුගිය අප්‍රියෙල් 29 වැනිදා කොටහේනේ දැරිවියක් ලිංගික / මානසික හිංසනය නිසා සිය දිවි නසා ගැනීම වැනි බරපතල කාරණයක් පිළිබඳව අදාළ ඇමතිවරිය මීට වඩා සංවේදීව වහාම ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන මමත් ඉතා කණගාටුවට පත්වෙනවා.

නමුත් ඊට වඩා කණගාටු මෙවැනි සිද්ධි වැලක්වීමට බිම් මට්ටමේ යාන්ත්‍රණ ඇති බවත් ඒවා වහාම ක්‍රියාත්මක වෙන බවට සොයා බැලීමේ තම වගකීම ගැන ඇමතිවරිය දැන සිටින බවක් නොපෙනීමයි.

 

ඇත්තටම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ මූලික වගකීම තියෙන්නේ පාසල් ප්‍රජාවට හා අදාල නිලධාරීන්ට. ඒ සඳහා 1997 දී මධ්‍යම ආණ්ඩුව විසින් නිකුත් කළ රෙගුලාසිය 2015 දී පහත දැක්වෙන ලෙස යාවත්කාලීන වෙනවා. Compulsory attendance of children in school Regulation No 1 of 2015

2015 රෙගුලාසියට අනුව සෑම පාසලකම පාසල් පැමිණීමේ කමිටුවක් තිබිය යුතුයි. මෙම කමිටුවට විදුහල්පති හා අංශ ප්‍රධානීන් සමග ගුරුවරු, ශිෂ්‍ය නායකයින්, දෙමාපියන් හා ආදි ශිෂ්‍ය යන අයගෙන් දෙදෙනා බැගින් අයත් වෙනවා. මෙම කමිටුවට ලමයෙක් පාසලට නොඑන හැම කාරණයක්ම අදාලයි.

unnamed 29

මේ කමිටු වහාම සක්‍රිය කර පාසලේ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා වන සියළු කරුණු පිළිබඳව ළමයින්ට කිට්ටුම ප්‍රජාව වන පාසල් ප්‍රජාව නිරන්තර අවධානයෙන් සිට අදාල අධ්‍යාපන කොට්ඨාසයේ සහ පරිපාලන කොට්ඨාසය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඒවාට විසදුම් සොයන්න පුළුවන්.

ගුරුවරු, දෙමාපියන්, ආදී සිසුන්, සිසුන් අයත්වන කමිටුවක් තුලින් හොඳ විදුහල්පති කෙනෙක්ට පූර්ණ තොරතුරු ලැබෙනවා. වැරදි විදුහල්පති කෙනෙක්ට අත්තනෝමතිකව හැසිරෙන්න බැහැ.

 

education 1

විදුහල්පතිගෙන්  හෝ පාසලේ කමිටුවෙන් සාධාරණය ඉටු නොවෙනවා නම් ශිෂයෙකුට හෝ දෙමාපියන්ට ඉහල කමිටුවට හා ඊළඟ අදාළ අධිකාරීන් වෙත යන්න පුළුවන්. පාසලේ කමිටුවට ඉහලින්  පාසල් කමිටු සුපරීක්ෂණයට අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් ඉහළ කමිටුවක් තිබිය යුතුයි 2015 රෙගුලාසියෙන් නියම කරලා තියෙනවා. ඒ අතරම මධ්‍යම රජයේ පොදු පරිපාලන අධිකාරිය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා කටයුතු සඳහා වෙන්වුන නිලධාරියෙක් සිටිනවා.

අදාළ බලධාරීන්ගෙන් අවශ්‍ය දේ කෙරෙන්නේ නැතිනම් මැදිහත් වෙන්න තමයි අපි ජාතික, පළාත් හා ප්‍රාදේශීය යන තල තුනකින් මහජන නියෝජිතයෝ පත් කර ගන්නේ. මෙම අවාසනාවන්ත සිද්ධියේදී  මහජන නියෝජිතයින්ගේ ලබැදියාවේ ප්‍රශ්නයක් ඇති බවට සැකයක් තියෙනවා.  ඒ නිසා තමයි මහජන නියෝජිත ආයතන වලත් නිර්පාක්ෂික ජන සහභාගිත්ව යාන්ත්‍රණ අවශ්‍ය බව අපි යෝජනා කරලා තියෙන්නේ.

 

1601361815

ජාතික ළමා අධිකාරියට හෝ අදාල අමාත්‍යංශයට පණිවිඩය ගියත් ඒ අයට ක්‍රියාත්මක වන්න වෙන්නේ මේ බිම් මට්ටමේ තියෙන යාන්ත්‍රණ හරහායි.  මැති ඇමතින් හා  ළමා ආරක්ෂණ  අධිකාරියේ,   ළමා කටයුතු අමාත්‍යංශ යේ මෙන්ම කොළඹ ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී විසින් තමන්ට කොළඹ සිට කළ හැකි සීමාවන් දැනගෙන තිබෙන විමධ්‍යගත යාන්ත්‍රණ වලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.

නමුත් මොන පක්ෂය බලයේ සිටියත්  එතෙක් මෙතෙක් සිදු වෙලා තියෙන්නේ විමධ්‍යගත යාන්ත්‍රණ තිබෙද්දී මධ්‍යම රජයේ මැති ඇමතීන් හා නිලධාරීන්  විසින්  තමන්ට කරන්න බැරි වැඩ බදා ගෙන මධ්‍යම රජයේ පංගුව වැඩි කර ගැනීමයි.

ඒ තත්වය වෙනස් කරන්න බිම් මට්ටමේ දේශපාලන නායකත්වය හා සිවිල් සමාජීය නායකත්වය යන දෙකම අවශ්‍යයි. අලුතින් පත්වූ පළාත් පාලන සභිකයින් අතුරින් හා පවතින සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් අතුරින් එවැනි  නායකත්ව ජාලයක් හදා ගන්න පුළුවන් බව මට විශ්වාසයි.  



(සටහන | ආචාර්ය සුජාතා ගමගේ )
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්