1999 දී ස්ටැන්ලි කුබ්‍රික් නැමැති හොලිවුඩ් චිත්‍රපටි අධ්‍යක්ෂවරයා විසින් Eyes wide shut ( ඇස් වසා ගැනීම) නැමැති චිත්‍රපටිය හරහා ලිංගිකත්වයේ ෆැන්ටසිමානය පිළිබඳව "වීර කාව්‍යක් " යෝජනා කරයි.
අතිශයින් පූර්ණ ජීවිතයක් ගත කරන බව හිතන වෛද්‍යවරයෙකු වන බිල් (ටොම් කෲස්) හා ඔහුගේ බිරිද වන ඇලිස් (නිකොලේ කිඩ්මෑන්) අතර ඇති විවාහ ජීවිතය තුළට ඇලිස්ගේ ෆැන්ටසියක් කඩා වදින අතර, තමන් විසින් නාවිකයෙකු සමඟ ලිංගික සබදතාවයක් පිළිබඳව ෆැන්ටසිගත කල බව ඇලිස් විසින් බිල්ට හෙලි කරයි. බිල්ගේ පූර්ණ ජීවිතය පිළිබඳ අදහසම මුලුමනින්ම කඩාවැටෙන අතර රාත්‍රියේ බියවී ඇහැරෙන බිල් පාර දිගේ අයාලේ ගමන් කරයි. නාලන්දාවේ සිද්ධියේදීද බියවී ඇහැරී ඇති ලාංකිකයින් පාරවල් දිගේ හිස හැරුණු, හැරුණු අත දුවනුද දැන් ඔබට දකින්නට ලැබෙයි.
බටහිර දාර්ශනික ඉතිහාසය තුළ එම්මානුවෙල් කාන්ට්ට පෙර මිනිස් ජීවිතය දෙස බැලුවේ සදාචාර දෘෂ්ටිකෝනයකිනි. (Moral - පොදු සාරධර්ම - පොදු යහපත උදෙසා කැප කළයුතු පුද්ගලික සතුට) එනම් සමාජීය අර්ථය විනා පුද්ගලිකව පවතින ආත්මීය ලෝකය (Subjectivity) පිළිබඳව ඇස් වසාදැමීමෙනි. කාන්ට් කලේ මිනිසා සත්වයකු නොවන බැවින් ඔහු ආශාවේ අතිරික්තයක් නිපදවන බවත් එය සදාචාරයෙන් වෙන්ව ආචාර ධාර්මික ක්‍රියා සඳහා පොලඹවන බවත් හෙලි කිරීමයි.
මනුෂ්‍යයන්ගේ නිදහස පිළිබඳ සත්‍ය අදහස එන්නේ සදාචාරය තුළ නොව මේ ආචාර ධාර්මික එලැඹුම මත බව කාන්ට්ගේ දාර්ශනික ප්‍රවේශයයි.

ඒ අනුව නාලන්දාවේ ශිෂ්‍ය නායකයා විසින් සිය ක්‍රියාව මගින් සදාචාරය අත්හිටුවා අචාර්‍ය ධාර්මික ක්‍රියාව මගින් සිය නිදහස පිළිබඳ තිරය මත සලකුණු කරයි. ගැටලුවේ සැබෑ ප්‍රතිමානය ඇත්තේ එය අපි සියලු දෙනා බෙදාහදා ගැනීමට දක්වන උනන්දුවේ මූලය තුළය. එය අපි ලෙහා ගනිමු.
මේ ගැටවරයා විසින් අපේ (ලාංකිකයාගේ) අතිශයින් ඒකාකාරී හා නිද්‍රාශීලී දෛනික ජීවිතය වෙත ලිංගික විප්ලවයක් යෝජනා කරයි. වීඩියෝ නැරඹීමෙන් අපි ලබාගන්නා විනෝදය අපි, අපිටම සඟවා තබයි. ඔහු අපිට ඔප්පු කරන්නේ "ලිංගිකත්වය " යථාර්තය තුළ නොව වර්චුවල් අවකාශය තුළ පවතින දෙයක් බවයි. තවද වැඩිහිටියාට තම ලිංගික ෆැන්ටසි ප්‍රක්ෂේපනය කළ හැකි සුරක්ෂිත අන්තය දරුවෙක් යන අඛ්‍යානයද මෙහිදී ඔප්පු වෙයි. ඩිජිටල් ලෝකය අපට විද්‍යාමාණ කරන සත්‍යය වන්නේ ලිංගිකත්වය යනු කෘතීම එකක් බවයි.
ඔහු කරන ක්‍රියාව තුන්වැන්නෙකුගේ පාර්ශවයේ සිට අපි නැරඹීමෙන් අපිද ලිංගිකත්වය පිළිබඳ වර්චුවල් ලෝකය වෙත පිවිසෙයි. අපි සෑම කෙනෙකුගේම ආත්මීය ආශාවන්ගේ පතුලේ ඇති අශ්ලීල ෆැන්ටසි පිළිබඳව ඔහු හෙලිදරව් කරන අතර මෙය බෝම්බයක් සේ පුපුරා යයි.
එය නිදහස පිළිබඳ අලුත් අදහසයි. මෙය මෙකල සෑම මැද පන්තිකයකුම අත්හදා බලමින් සිටින ක්‍රියාකාරකමකි.

බොහෝ දෙනෙකු මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව යථාර්ථ සත්‍ය සෙවීමට විශාල උනන්දුවක් දැක්වුවත් මේ වෙස් මුහුණ යට කිසිවක් නැත. අප තලදර්පනයක් ඉදිරිපිටට ගිය විට පෙනෙන්නේ අපගේම ප්‍රතිබිම්භයයි. පිරිමියාගේ අර්චනකාමී ආශා කලාපය පිළිබඳව කලබල නොවන තඩි පිරිමින් මෙන්ම ස්ත්‍රීවාදීන්ද ස්ත්‍රීන්ගේ ආශා කලාපය පිළිබඳව හෙලි වූ වහාම කලබල වෙයි. පතුලක් නොපෙනෙන ස්ත්‍රියගේ ආශාවට කලබල වන පිරිමින්ට අපිට කියන්නට ඇත්තේ Eyes wide shut චිත්‍රපටියේ බිල් මෙන්ම රාත්‍රියට ඇවිදිමින්, බාර් වල රස්තියාදු වෙමින්, ස්ත්‍රියගේ ජීවිතය පාරිභෝගික භාණ්ඩ - BYD - වලින් පුරවමින් ඔබ දැනටමත් කරමින් ඉන්නේ එයට බියවී කරන ක්‍රියාවන් බවයි. හරිනිගේ ආශාවට බියවුනු විමල් වීරවංශ යනු ලාංකික පිරිමියාගේ සත්‍ය ජීවිතයයි.
සත්‍ය ලිංගිකත්වය ඇත්තේ නිදිඇඳ මතමය . එයට පිටතින් කිසිවක් නැත. කැමරාව රහස් සොයන්නේ ඔබගේ වෛවාහක ඇඳ මත මිස නිල් සිනමා යථාර්ථයේ නොවේ. ඔබේ බිරිඳගේ වෙස්මුහුණ මතම "මාතාහාරී x " භුමිකාවක් ඇත. ඔබේ පීඩාකාරී රහස සත්‍යයක් ලෙස හෙළි කිරීමට ඇය පාසැල් ශිෂ්‍යයකු තෝරා ගැනීම ගැන ඔබ පුදුම විය යුතු නැත.
මේ සිද්ධියේ දී ලෝක විනාශය සිදුවූවා සේ හැසිරෙන පුද්ගලයින් දැනටමත් සිය කල-එලි බැසීම සිදුකරයි. ඔවුන්ට අමතක වී ඇත්තේ තමන්ටද නිවසක් ඇති බවයි. පූජනීය ස්ථානයක් හෝ දෙයක් කෙලෙසුනු බව ඔවූහූ පරිකල්පනය කරයි. ගුරුවරිය ලිංගික ආශාවක් ලෙස උත්පාද වීම ගැන ඔවුන් භ්‍රාන්ත වී ඇත. පවුල තුළ බිරිඳ බලවත් බවද ඔවුන්ට අමතකය. සමාජීය අර්ථයෙන් දේශපාලනය, ආගම, පක්ෂ, රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල අවසාන බව මේ අය නොදන්නවා නොවේ. විශ්ව විද්‍යාල යනු මේ වැනි සිද්ධීන් වලින් පිරීගිය ෆැන්ටසි සාගර වනවිට අන් සියලු සමාජීය අර්ථයන් නිපදවන ස්ථානයන්ද නායගොස් අවසානය. සරත් නන්ද සිල්වා වැන්නෙකු අපිට වසර 15කට පෙර හෙලිකලේ මනුෂ්‍ය ආශාවට සමාජීය සදාචාර අර්ථයන් සත පහකට වැඩක් නැති බවය. පිරිහී ගිය කුණුවුනු සමාජයක මේ ගැටවරයාට හෝ මේ ගුරුවරියන්ට ගල් ගසන්නේ ශුද්ධවන්තයින් නොවේ. ඔවුන් සොයන්නේ "නිදහස" මිස මුදල් නොවේ. ආත්මීය ලෝකයට වයස සහ උගත්කම අදාල නැත. එය කතානායක තනතුරටද අදාල නැත.
මේ යුගයේදී ලිංගිකත්වය වර්චුවල් වන්නා සේම එය ප්‍රදර්ශනකාමී සහ කතිකාමයද (discursive) වෙයි. අද ගැහැනියව රූපලාවන්‍යාගාර වෙත කැදවාගෙන යන්නේ ද පිරිමියාය. ඇයව සමාජය තුළ ප්‍රදර්ශනකාමී භාණ්ඩයක් ලෙස තබා ඇති අතර ඒ තුළ ද ඇත්තේ තරගයකි. අද පිරිමියා යනු මෝඩයාට ඇඳ ගැනීමකි. ඉරිදාට රාත්‍රියට හිරු නාළිකවට එන්නේද මැරයන් සහ ටෙලි ස්ත්‍රීන්ය.
මේ සිද්ධියේදී කඩා පනින ආගමික සංස්ථාපිතයන් , "ශුදා" මෙන්ම මාධ්‍ය ආයතන පිළිබඳව ද සත්‍ය මෙයට සමානුපාතය. ඒවා තුළ ඇති ලිංගික ෆැන්ටසි පිළිබඳ කතාන්දර මේවාට දෙවෙනි නැත ඒවා තුළ සිටින පිරිමින්ගේ අශ්ලීල ලිංගික ෆැන්ටසි වලට අභියෝගය එන්නේ ගැටවරයෙකු හරහා නිසාම ඔවුන්ගේ බුරා පැනීම අපිට හාස්‍යයක් ගෙන දෙයි.
පැරණි ලෝකය අවසන්ව ගොඩනැගෙන අලුත් ලෝකය මෙවැනි සිද්ධීන් මත පැරණි ලෝකය පුපුරවා හැරීම පිළිබඳව අපි කනගාටු වන්නේ නැත. යථාර්තයට අපි සම්බන්ධිත වන්නේ ෆැන්ටසි ආධාරකයක් හරහා වන විට ඒ ෆැන්ටසි තුළ අඩංගු අශ්ලීල අඳුරු දේවල් හෙලිවීමම මේ යුගයේදී විප්ලවීය වෙයි. මේ ගැටවරයා ඔප්පුකරන්නේ ලිංගිකත්වය යනු යථාර්තයේ පවතින දෙයක් නොව එය වර්චුවල් අවකාශයේ පවතින, ශරීර වලට එහා ගිය සංවාදමය සහ ස්වයං මෛථුනමය අතිරික්තයක් බවයි. ඒ අතිරික්තය අපිට පෙන්වන්නේ අපේම ආත්මය පතුලේ ඇති අශ්ලීල ආශාවන් කොපමන ද යන්නයි. මේ සිදුවීම හරහා අපි බියවන්නේ අපේම වූ මේ ආත්මීය ආශාවන් වලටය.
මේ ගැටවරයා අපි ඉදිරියෙන් තබා ඇත්තේ කැඩපතකි. අපි බියවී ඇත්තේ අපිටමය. වැඩිහිටි පිරිමියා විසින් කාර්ය බහුල ලෝකයක අතපසු කරන ලිංගික යුතුකම් ඉටු කිරීමට ගැටවරයකු ඉදිරිපත් වී ඇත. සැමියන් කළ යුත්තේ මේ නව දෙවියාට ආශිර්වාද කිරීම මිස සාප කිරීම නොවේ. මෙම නව ෆැන්ටසි මනෝ සංසාරය නාලන්දයට හෝ මාළිමා ආණ්ඩුවට සම්බන්ධ නැත.
මේ ගැටවරයා අවසන් වශයෙන් විසංයෝජනය කරන්නේ අතුරලියේ රතනලාගේ සිට සමන්තභදු හරහා ඉරාජ්ලාගේ හොරෙන් අතේ ගසන පුද්ගලික ෆැන්ටසියයි. ගැටවරයා එහි ආකෘතිය සමාජීයකරණය කර ඇත. සැමියන්ට කීමට ඇත්තේ මෙපමනයි. ඔබලාගේ බිරින්දෑවරු සුරංගනාවියන් මිස ජාතිද්‍රෝහීන් නොවන බවයි. ඔවුන් අනාගත කොමියුනිස්ට්වාදී සහෝදරියන් බව මතක තබා ගන්න......!!!
(උපුටා ගැනීම | Samabima Party ෆේස්බුක් පිටුවෙන්... )
සබැඳි ලිපියක් :
පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය








