leader s

* මහානායක හිමිවරුන්ට දඩුවම් කිරීමේ බලයක් නෑ
  • දරුවන් රැකීම වෙනුවට චුදිතයින් ගැන ලත වෙන මහාචාර්යවරයෙක්
  • නිළධාරීන් ආගමයි, රාජකාරියයි පටලවා ගැනීම වැරදියි


භික්ෂුවකගේ වරදක් හෙළිදරව් කිරීම සිවුරට අපහාසයක් නොවන බවත්, සිවුර පිටුපස සැඟවී කරන අපරාධවලදී වැරදිකරුවන් සුරැකීම වෙනුවට වින්දිත දරුවන් වෙනුවෙන් පෙනී සිටීම සමාජ වගකීමක් බවත් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවධාරණය කරති.

 ළමා අපයෝජන වැනි සිදුවීම්වලදී ආගම සහ නීතිමය රාජකාරිය පටලවා නොගෙන, චීවරධාරියා කරන වරදට සිවිල් නීතිය යටතේ ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

උන් වහන්සේ මෙම කාරණා පැහැදිලිකර ඇත්තේ  Sandeshaya by Saroj යුටියුබ් නාලිකාව සමග කල සාකච්ජාවක දීය.


භික්ෂුවකගේ වරදක් හෙළි කිරීම සිවුරට හෝ බුද්ධ ශාසනයට අපහාසයක් නොවන අතර, වරද සැඟවීමෙන් සිදු වන්නේ ශාසනයේ පිරිහීමක් බව ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පෙන්වා දෙති. එසේම, ශාසනයේ සහ සමාජයේ යහපත උදෙසා ආගමික රාමුවෙන් ඔබ්බට ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කරති.

 

මෙම සංවාදයේදී උන්වහන්සේ ගෙනහැර දැක්වූ ප්‍රධාන කරුණු පහත පරිදි සැකෙවින් දැක්විය හැක:

වරද හෙළි කිරීම සහ සිවුරේ ගෞරවයසිවුරට අපහාසයක් නොවේ:
වරදක් කළ පුද්ගලයා භික්ෂුවක් වුවද, ඔහුගේ වැරදි ක්‍රියාව හෙළි කිරීමෙන් සිවුරට අපහාසයක් සිදු නොවේ.

ශාසන පිරිහීම වැළැක්වීම:
වැරදි සඟවාගෙන සිටීමෙන් ශාසනය තවදුරටත් කෙලෙසෙන අතර, වැරදි පෙන්වා දීම ශාසනයේ ආරක්ෂාවට හේතු වේ.

බුද්ධ නියමය:
බුදුරජාණන් වහන්සේද විනය නීති පැනවූයේ භික්ෂූන් අතින් සිදු වූ වැරදි ප්‍රසිද්ධියේ සාකච්ඡා වීමෙන් පසුවය.

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්