leader s

නිර්මාල් ඉතිහාසය ගැන කරන සාකච්ඡාවක් බැලුවා. ඒකෙ නිර්මාල් කියනවා විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර වගේ ඉතිහාස කතා මිත්‍යා ප්‍රබන්ධ කියල. ඒක කියන්නෙ එක්තරා අවතක්සේරුවක් එක්කයි. ලිඛිත සාක්ෂි නැති වීම, පුරාවිද්‍යා සාක්ෂි නැතිවීම වගේ කාරණා මත මේවා මිත්‍යා කතාන්දර විදිහට තරමක සෝපාහාස ඉරියව්වකින් නිර්මාල් ප්‍රකාශ කරනවා.


මිත්‍යා කියන්නෙ අවතක්සේරු කළ යුතු දෙයක්ද? උදා විදිහට ග්‍රීක මිත්‍යා කතා දිහා අපි බලන්නෙ අඩු තක්සේරුවකින්ද? නැත්නම් ගැඹුරු මනෝ විද්‍යාත්මක කරුණු ඇතුලත්, කිසිසේත්ම විද්‍යාත්මක හෝ පර්යේෂනාත්මක ලියවිල්ලකින් කරන්න බැරි තරම් විශාල යමක් ගැබ්වුනු දේවල් විදිහටද? කොහොමත් ඉතිහාසයේ බොහෝ කොටස් මුඛ පරම්පරාගතව ඇවිත් තියෙනවා. විත්ති කතා ස්වරූපයෙන් පවතිනවා. ජනශ්‍රැතීන් විදිහට පවතිනවා. මේ හැම දේකින්ම ඇත්තකින් කියන්න බැරි තරම් විශාල ඇත්තක් හෙලිදරව් වෙනවා.  හේතුවාදීන් හොල්මන් බොරු කියනවා වගේ බොළඳ අදහස් ඇතුව ගවේෂණය කිරීමෙන්  මේ කිසි දෙයක් වටහා ගන්න පුළුවන් වෙන්නෙ නෑ.

Ananda1

ආනන්ද කුමාරස්වාමි ඉතිහාසය කියලා කියන්නෙම Myth කියන එකට. ඒක හදුන්වන්නෙ penultimate truth විදිහට. ඒ කියන්නෙ අවසාන සත්‍යයට පෙර ඇති සත්‍යය. කුමාරස්වාමි කියන්නෙ මේ මිත්‍යා ප්‍රබන්ධය තමයි පුද්ගලයා හෝ කාලය දීපය, දේශය ඉක්මවා පවතින සත්‍යය වෙන්නෙ. එකෝමත් එක කාලෙක යනුවෙන් හදුන්වද්දි ඒක යම් කාලයකට සීමා වෙනවා කියන අදහස නෙමෙයි පවතින්නෙ. ඒක අද කාලෙ අදහසින්, ඔය නිර්මාල් කියනවා වගේ පොයෙටික් හෙවත් කාව්‍යාත්මක අදහසකුත් නෙමෙයි. ඒක විශ්වීයතාවයක්. ඕනම තැනක ඕනම විදිහකින් කිව හැකි විවිධ දෘෂ්ටිකෝනයන් එකට ගැබ්වුනු, සම අධිකාරි බලයක් සහිත නැරටිව් එකක්.

කොහොම වුනත් නිර්මාල් මේ වීඩියෝවෙ කියන්නෙ එයා ඉතිහාසය කියලා විශ්ව විද්‍යාලයේ සාහිත්‍යය උගන්නනවා කියන එකයි. ඇත්තටම ඉතිහාසය හුදෙක් මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් කියවනවා කියන්නෙ ඉතිහාස පදාසයක්ම නොදැනීමේ නොපෙනීමේ අභාග්‍යයක්.

මට නිර්මාල්ගෙ කතාව අහගෙන ඉදිද්දි පැහැදිලි වුනේ ඒ දෘෂ්ටියේ පවතින සීමිත බවයි. යම් විදිහකින් මේ ඉතිහාස කතාන්දර නොවැදගත්, ‍නිකංම නිකං කතන්දර වගයක් බවට ඌනනය කිරීමට ඇති බොළඳ ආශාවයි. ඒක එන්නෙ කොතනින්ද?

History image
ඕනෑම ජනශ්‍රැතියක්, කතාවක්, වහරක් කැණීමට ලක් කරමින් එහි ගැබ්වුනු අනන්ත මූලාශ්‍රයන්, වටිනාකම් සහ පරිකල්පනයන් විදාරණය කරනවා වෙනුවට ඒවා නූතන අර්ථයෙන් 'කුඩා' බවට පත් කිරීමේ මානසික නැඹුරුව තේරුම් ගන්න නිර්මාල්ගෙ සාකච්ඡාව හොඳ උදාහරණයක් වෙනවා

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 19 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්