leader s

අනුරාධපුර දැරිය සංස්ථාපිතයේ ගොදුරක් වෙමින් වුවද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කරන ලද යහපත් දායකත්වයන් රැසකි.


ඉන් පළමුවැන්න නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට නිදහසේ වැඩ කිරීමේදී දිරි දෙන්නට තරම් ශක්තියක් විෂය බර ඇමැතිනියට නැති බව රට හමුවේ ඔප්පු කිරීමය.

එසේ වී නම් සැකකරුවාට කුමන ඥාති සම්බන්ධතා පැවැතිය ද පොලිස් ඇමැතිට බම්බු ගසන්නැයි කියා තමන්ගේ විෂය බලතල ක්‍රියාත්මක කිරීමට ඇයට හැකියාව තිබුණි.

 

494272866 1209092794102253 2965321546196578974 n

මාලිමාවේ එක මිටට ගැහැණු කතාව හුදු ඡන්ද ප්‍රචාරණ උපක්‍රමයක් පමණක් බව ඔප්පු කිරීම තවත් කරුණකි.

ස්ත්‍රීන් සහ දරුවන් විෂයෙහි සැබැවින්ම එවැනි යාන්ත්‍රණයක් තිබුණේ නම් මෙම දරුවාගේ ප්‍රශ්නයේදී ආණ්ඩුවේ අභ්‍යන්තර මට්ටමින් ඔවුන්ට ක්‍රියාත්මකවීමට හැකියාව තිබිය යුතුය.

නිදසුනකට සැකකරු අත්අඩංගුවට නොගෙන පොලිසිය කල්මරද්දී සැකකරු සුවිශේෂ වෙද්දී එක මිටට කණ්ඩායම විපක්ෂයේ සිටියේ නම් ඔවුන් කවරාකාරයෙන් මේ සිදුවීම ප්‍රශ්න කරනු ඇතිද?

කතරගම ගං දෑල ගැන කොට්ටහච්චි මන්ත්‍රීවරිය කී කතා හුදු වාගාලාප වන්නේ මේ සන්දර්භයේය.

 



අනෙක් වැදගත්ම කරුණ නම් දේශපාලන වශයෙන් සටන් පාඨ අහිමිව සිටින විපක්ෂය හීනෙන්වත් මේ ගැන කතා නොකිරීමේ පරෙස්සම රටට අනාවරණය කිරීමය.

විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන සමගි ජන බලවේගය හා එහි නායකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුගමනය කරන නිශ්ශබ්ද විලියම් භූමිකාව එහිදී කැපී පෙනේ.

පසුගිය දිනක පාදයක් අහිමි පුද්ගලයෙකුට එදිනම කෘතිම පාදයක් දෙන බවට ප්‍රදර්ශනකාමී ලෙස විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයක් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය විය.

702800727 10242566839008881 8951426440221883851 n


එබඳුම විශේෂ අවශ්‍යතාවයකින් යුක්ත ජාතියක අවධානය යොමු වී ඇති මෙම වින්දිත දරුවා එකී විපක්ෂ නායකගේ දෘෂ්ටිපථයෙන් සැඟවුණේ කෙසේද
 
එමතු නොව, සමගි ජන බලවේගය ඇතුළුව බලයට ඉව අල්ලන සෙසු දේශපාලන පක්ෂවල කාන්තා හා ළමා සංවිධානත් ඒවායේ නිලතල දරන්නනුත් මේ ගෙවී ගිය දින පනහක පමණ කාලයේ සිය කටවල් නාරින්නට ගත් තීන්දුව අධ්‍යනය කළ යුතු නොවේද?
 
අනෙක් පිරිස නම් ළමයින් හා ස්ත්‍රීන් විෂයෙහි අධ්‍යනය කිරීමට ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට මහා පරිමාණයෙන් අරමුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන ජාලයයි.

ඩේසි ආච්චිගේ මැණික් මල්ල මෙන් ඔවුන් අතුරුදහන් වූයේ කෙසේද?
 
දිලිත් ජයවීරගේ සර්වජන බලයේ සංවිධායක දිලුම් අමුණුගම යනු ඉහත සකලාකාරයේ අමුද්‍රව්‍යවලින් තැනුණු නිපැයුමකි.
 
702545233 10242566833328739 2465788075229528910 n
ඉහත කී සර්වජනයාගේ නිහඬ බවේ තාර්කික අන්තයයි.

නොඑසේව සර්ව ජන බලය නමැති කේවල කරුණක් නොවේ.

එහෙත් මාසයකටත් අධික කාලයක් පුරා සිසිර නිද්‍රාවේ ගැලී සිටි ඉහත සර්ව පාර්ශ්ව දැන් එකතු වී දේශපාලන වාසිය වෙනුවෙන් දිලිත් ජයවීර කනා මුට්ටියට ගෙන තිබේ.
 
ළමා අයිතිවාසිකම් විෂයෙහි උනන්දු සමාජය මේ දේශපාලන කුපාඩිකම ද තේරුම්ගෙන කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යය.

එම ශ්වේතාම්බරය මේ යැයි පෙන්වූවාට අනුරාධපුර දරුවාට අපේ ආචාරය 
c45y4546olkkl
ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිදුවීම් දිනෙන් දින බරපතළ වෙමින් තිබියදී ළමා සුරැකුම් ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර වටමේසවල කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන්, ලංකාවේ ළමයින් මුහුණදෙන සැබෑ යථාර්ථය, නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, වින්දිතයන්ට නොලැබෙන ආරක්ෂාව, බලවත් පුද්ගලයන්ට එරෙහි ක්‍රියාමාර්ගවල මන්දගාමීභාවය  පිළිබඳ සත්‍ය තත්ත්වය දැන සිටින්නේ නම් inclusive development ගැන පමණක් නොව, වගකීම සහ ප්‍රතිඵල ගැන ප්‍රශ්න කළ කරනු ඇත.

ජාත්‍යන්තර සමුළුවල ඡායාරූප වලට වඩා, ලංකාවේ දරුවන්ට අවශ්‍ය වන්නේ ආරක්ෂාව, සාධාරණය සහ ක්‍රියාත්මක වන නීතියයි.

උපුටා ගැනීම - Bingun Menaka Gamage )
2026 මැයි 21

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්