leader s

වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට  වඩා හොඳ ය.

ඒවා අතරමැදි ලෙස හඳුන්වන්නේ අපට ජීවත් වීමට අවශ්‍ය සහ අපනයනය සඳහා වන අනෙකුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඒවා භාවිතා කරන බැවිනි. ඉන්ධන මිල වැඩි වන විට, එය යෙදවුම් ලෙස ඇති අනෙකුත් දේවල මිල ඉහළ යයි. අපේ වැටුප් වලින් අපට මිල දී ගත හැකි දේ අඩු වෙයි. අපනයන තරඟකාරීත්වයෙන් තොර වේ (නමුත් මතක තබා ගන්න, සියලු ම රටවල් මෙම සැපයුම් කම්පනයෙන් පීඩාවට පත්ව ඇත). අඩු මිල ගණන් සහජයෙන් ම යෝග්‍ය වේ. මහජනයා මෙන්ම දේශපාලනඥයන්ද අඩු මිලට කැමැති වෙති. නමුත් අද, 2026 වර්ෂයේ, ඉන්ධන මිල කෘතිමව අඩු කිරීම හොඳ අදහසක් නොවේ. වෙනසක් නොකර, පාරදෘශ්‍යව ඉන්ධන මිල සූත්‍රය යෙදවිය යුතුය.

අද වන විට, ඉන්ධන මිල ඉහළ යාම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් කරන ආර්ථික විද්‍යාඥයෝ සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නන්ට සහනාධාර ලබා දීම සඳහා ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට යි. බොරතෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන සඳහා වඩා හොඳ මිල ගණන් සාකච්ඡා කරගත හැකි නමුත්, ඒවා කුමන හෝ ආකාරයකින් මිල සුත්‍රයේ පිළිබිඹු විය යුතු ය. අඩු කළ හැකි එක ම අංග වන්නේ බදු (සුරාබදු (excise) සහ වැට්) පමණකි.

අර්ධ බදු විරාමයක ඇති වරද කුමක්ද?

2022 07 29T102026Z 1400216836 RC2FLV9NEZYJ RTRMADP 3 SRI LANKA CRISIS
ඉතින්, යෝජනා කරන්නේ අර්ධ බදු විරාමයකි. බදු විරාම දේශපාලනඥයන් අතර ජනප්‍රිය ය. මේ වන විට, ඉන්ධන සඳහා සම්පූර්ණ බදු විරාමයක් එක්සත් ජනපද කොන්ග්‍රසයේ සාකච්ඡා වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටිය දී මිල ඉහළ යාම වැළැක්වීම සඳහා බදු කපා හැරීම යෝජනා කළේය.

ඉන්ධන සඳහා අර්ධ හෝ පූර්ණ බදු විරාම ලබා දීම අඥාන වීමට බොහෝ හේතු ඇති අතර ඉන් සමහර හේතු සියලු ම රටවලට සහ සෑම කාලයකට ම අදාළ වන නමුත් සමහර හේතු 2026 දී ශ්‍රී ලංකාවට අනන්‍ය විය හැකිය. ඉන්ධන සඳහා වන excise සුරාබදු  අඩු කිරීම,  ඉන්ධන ස්වල්පයක් භාවිතා කරන (අපේ මාර්ගවල මිලියන 6.5 ක් වන ද්වි රෝද සහ ත්‍රි රෝද රථ වැනි) හෝ කිසිවක් භාවිතා නොකරන (පෞද්ගලික වාහන නොමැති බොහෝ අය මෙන්) අයට වඩා ඉන්ධන අධික ලෙස පරිභෝජනය කරන V8 වාහන හිමිකරුවන් සහ දැනට සලාක යෝජනා ක්‍රමය මඟ හරින අය වැනි වැඩි ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරන අයට ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

ඉන්ධන සඳහා වන වැට් බදු අනුපාතය අඩු කිරීම, අනෙකුත් නිෂ්පාදන හා සේවාවන්ට සාපේක්ෂව මෙම නිෂ්පාදන පරිභෝජනය කෙරෙහි නැඹුරුතාවයක් ඇති කිරීමට හේතු විය හැකි ය. ඉන්ධන ඖෂධයක් මෙන් සැලකීමට කිසිදු සාධාරණීකරණයක් නොමැත. චිකිත්සක හෝ රෝග නිවාරණ අරමුණු සඳහා නියම කරන ඖෂධ සහ ඖෂධ නිෂ්පාදන මෙම බද්දෙන් නිදහස් කර ඇත. මෙම නිදහස් කිරීම, ඖෂධ, ඒවා නිෂ්පාදනය කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය සහ පිළිගත් ආයුර්වේද, යුනානි, සිද්ධ හෝ හෝමියෝපති සැකසීම් (රූපලාවන්‍ය ද්‍රව්‍ය හැර) සඳහා අදාළ වේ. වෛද්‍ය භාණ්ඩ නිදහස් කිරීම සඳහා වන මානුෂීය සහ අනෙකුත් හේතු තේරුම් ගත හැකිය. ඉන්ධන සඳහා සුරාබදු අය කිරීමේ සිට වැට් බදු නිදහස් කිරීම් ලබා දීම දක්වා යාම විශාල පිම්මක් වනු ඇත.

5i7n7

දැන් අපි ශ්‍රී ලංකාවට විශේෂිත හේතු වෙත පැමිණෙමු. මූල්‍ය විනය උල්ලංඝනය කිරීම් සහ උමතු බදු අඩු කිරීම් (2019) පිළිබඳ ඉතිහාසයක් ඇති රටක් ලෙස, ශ්‍රී ලංකාව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හරහා තම දෑත් බැඳ දමාගෙන  ඇත. වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට සීමා කළ යුතු අතර, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් ආදායම ලෙස රැස් කළ යුතු ය. විදේශ වෙළඳාම සඳහා වන බදු, ආදායම් බද්ද සහ දේශීය වෙළඳාම සඳහා වන බදු (VAT) ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන යි. එකක් පහළ ගිය විට, අනෙක් ඒවා මගින්  එය ලබාගත යුතු වෙයි. විරාම යෝජකයින් තර්ක කරන්නේ ඉන්ධන ආනයන සඳහා බදු ඉහළ යන්නේ මූලික මිල ගණන් ඉහළ යන නිසා බව යි, එමගින් ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ වැඩිවීම අය නොකරගන්නා ලෙස යි. මූල්‍යමය බලපෑම අනුව ඔවුන්ට තර්කයක් තිබේ.

කෙසේ වෙතත්, යෝජනාව වෙනත් බලවත් හේතුවක් නිසා නරක ය. ශ්‍රී ලංකාව ඉල්ලුම පාලනය කළ යුතු ය. සියලු ම පුරෝකථන වන්නේ ජාත්‍යන්තර තෙල් මිල ගණන් නුදුරු අනාගතයේ දී ඉහළ මට්ටමක පවතිනු ඇති බව වන  අතර ජුනි-ජූලි මාසවල දී ඉහළ යා හැකි බව යි. මැයි මැද භාගයේ දී, ‘ද ඉකොනොමිස්ට්’ මෙසේ පැවසීය: “හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා බැරල් බිලියන 2 ක් පමණ, නැතහොත් ලෝකයේ වාර්ෂික තෙල් සැපයුමෙන් 5% ක් දැනටමත් අහිමි වී ඇත. එය වසා දමා ඇති සෑම දිනක ම හිඟය බැරල් මිලියන 14 කින් වැඩි වේ.”

 

1773107090 oil L
"ආරක්ෂණ සහ කම්පන අවශෝෂක ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර, වෙළඳපොළට මෙම අසමතුලිතතාවය අවශෝෂණය කර ගැනීමේ හැකියාව අප ආරම්භ කළ ස්ථානයට සාපේක්ෂව අද විශාල ලෙස අඩු වී ඇති" බව චෙව්රොන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෑතක දී පැවති සමුළුවක දී අනතුරු ඇඟවීය. එක්සත් ජනපද වාණිජ බොරතෙල් තොග පසුගිය සතියේ බැරල් මිලියන 441.7 ක් ලෙස අවසන් වූ අතර එය වසරේ මෙම අවස්ථාවේ දී වසර පහක සාමාන්‍යයට වඩා සියයට 2 කින් පමණ අඩු ය. එක්සත් ජනපද උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතය බැරල් මිලියන 365.1 දක්වා පහත වැටී ඇති අතර එය යුද්ධය ආරම්භ වීමට පෙර බැරල් මිලියන 415.4 ක් වූ අතර එය එහි බැරල් මිලියන 714 ක ධාරිතාවයට වඩා බෙහෙවින් අඩු ය. "අපි කවදාවත් නොඇසූ තොග මට්ටම් කරා ළඟා වෙමින් සිටිමු," එම සමුළුවේ දී ම එක්සෝන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීල් චැප්මන් අනතුරු ඇඟවීය. චැප්මන් අනතුරු ඇඟවූයේ: "එය සති දෙකකින් හෝ සති තුනකින්, ඇත්තට ම පහළ මට්ටම්වලට ළඟා වේවිද යන්න පිළිබඳව ඔබට විවාද කළ හැකිය. ඔබ එම ස්ථානයට පැමිණි පසු, ජූලි මස හෝ ජූනි මස මිල ඉහළ යන ආකාරය ඔබට පෙනෙනු ඇත."

ඉහත අනාවැකි උතුරු ඇමරිකාව සහ යුරෝපය සඳහා වේ. නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය මත වැඩිපුර ම රඳා පැවතුනේ ආසියාව යි. එබැවින් ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ආසියානු රටවලට බලපෑම් වඩාත් බරපතළ වීමට ඉඩ ඇත. සීමිත සංචිත ඇති කුඩා රටවලට මෙය ඊටත් වඩා බරපතළ ය. යුද්ධය ආරම්භයේ සිට ම තෙල් සඳහා වියදම් කරන මුදල වියදම් කරන්නට බැරි බව බලශක්ති අමාත්‍යවරයා නිවැරදිව පවසා තිබේ. එහි සහසම්බන්ධය වන්නේ බදු විරාම භාවිතා කරමින් පරිභෝජනය දිරිමත් කිරීමට නොහැකි වීම යි.

අප රට ඇතුළු සියලුම රටවල තීන්දු තීරකයන් බලාපොරොත්තු වන්නේ මේ කරුම යුද්ධය ඉක්මනට අවසන්වී සාමාන්‍ය ජීවිතයකට ආපසු යන්නටය. නමුත් මෙය යතාර්ථවාදී අපේක්ශාවක්ද? සමුද්‍ර සන්ධිය විවෘත වුවත් නැව් ගමන් යථා තත්ත්වයට පැමිණීමට මාස හයක් පමණ ගත වෙතැයි තතු දන්නෝ කියති. හිස් කරන ලද ඉන්ධන තොග ගබඩා නැවත ගොඩ නැගීම නිසා ඉල්ලුම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළින් සෑහෙන කාලයක් පවතිනු ඇත. Futures වෙළෙඳපොළවල මතය තව සෑහෙන කාලයකට මිල මට්ටම් පහත වැටෙන්නේ නැති බවයි. කෙසේ වෙතත්, මිල අඩු වන්නේ නම් එය විකෘති නොකරන ලද මිල සුත්‍රය පිළිබිඹු කරනු ඇත.

76i67yujj

ඉල්ලුම අඩු කිරීම

1773758339 Sri Lanka Fuel QR Code fuel pass 6 1773765104591 616
ඉල්ලුම අඩු නොකර බැරිය. QR කේතය පදනම්ව ක්‍රියාත්මක කරන සලාක ක්‍රමය යටතේ පිට පාරෙන් ඉන්ධන ගලා යෑම වැළැක්වීම අමාත්‍යවරයාගේ පැතුමයි. අදත් පිරවුම් හලකින් කුමන ප්‍රමාණයක් අයථා ලෙස පිට වන්නේද යන්න පහසුවෙන්  කිව හැක. නමුත් වියදම් සහගත සහ සංකීර්ණ වැඩි දියුණු කිරීමකින් තොරව හොර පාරෙන් තෙල් විකිණීම වැළැක්වීම අපහසුය.

මාර්තු මාසයේ සිට සලාක ක්‍රමය ක්‍රියාත්මක කලද සැලකිය යුතු ලෙස ඉල්ලුම විනාශ වී නැත. ඉල්ලුම අඩු කිරීමට ඇති හොඳම ක්‍රමය මිල වැඩි කිරීමයි. බදු විරාම යෝජකයින් කියන ලෙස මෙමගින් රාජ්‍ය ආදායම් ඉබේම වැඩි වනු ඇත. මෙම මුදල් පාවිච්චි කර ආහාර සැපයුම් දාමවල යොදවන ලද බට්ටා වාහන වලට ඉලක්ක ගත සහනාධාර සැපයිය හැක. අස්වැසුම දීමනාව වැඩි කල හැක.

ප්‍රතිඵල පෙන්වීමට කාලයක් ගත වන ආර්ථික වර්ධනයට පාදක වන සැබෑ විසඳුම් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට කෙටිකාලීනව ඉල්ලුම විනාශ කල යුතු වේ. එහෙත්, අර්බුදයක් යනු, අවශ්‍ය ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා හොඳ වේදිකාවකි.

ප්‍රකාශ කර ඇති බලශක්ති ප්‍රතිපත්තිය, උපායමාර්ගය සහ ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ කටයුත්ත කඩිනම් කිරීම අනිවාර්යය වේ. මූලාශ්‍ර කිහිපයක් මත යැපීම තහවුරු කරන සහ පිරිවැයක් දැරීමට සිදුවන ගබඩා පද්ධති, අවදානම් රහිත තෙල් පිරිපහදු කිරීමේ පද්ධති සහ නල මාර්ග ආදිය සඳහා වන සැලැස්මක් ද එයට ඇතුළත් විය යුතුය. බලපත්‍ර කොන්දේසි මගින් ගබඩා කිරීම තෙල් බෙදාහරින සමාගම් වෙත පැවරිය හැක. නමුත් ආදායමක් නොමැතිව තෙල් ගබඩා කිරීම වියදම් සහිත කටයුත්තක් බව රජය අවබෝධ කර ගත යුතුය. චීනයට කළ හැකි දේ, කුඩා ශ්‍රී ලංකාවට කළ නො හැකිය.


Rohan Samarajiva(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්