අභියාචනාධිකරණයේ හිටපු වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් විනිසුරුවරයා, ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩ භාරගත් අවස්ථාව, මේ.
ජනාධිපති අනුර ප්‍රමුඛ මාලිමාව ආණ්ඩුව මොහමඩ් ලෆාර් විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට උත්සහ කළ අවස්ථාවේ හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ඔහුට එරෙහි දූෂණ, වංචා චෝදනා ගැන ව්‍යවස්ථා සභාවට වාර්තාවක් ඉදිරිපත් කළා.
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරුවරිය විශ්‍රාම ගැනීමෙන් පසුව, ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු පදවිය දරමින් සිටිද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක යළිත් වරක් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කළේ විශ්‍රාම යාමට නියමිතව සිටි ගාමිණි අමරසේකර විනිසුරුවරයාගෙන් අනාගතයේදී ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන්. නමුත් පුරප්පාඩුවක් නැති නිසා ව්‍යවස්ථා සභාව අනුරගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
බැරිම තැන අනුර, ලෆාර් විනිසුරුතුමා රාජ්‍යතාන්ත්‍රික පදවියකට පත්කරනවා.
හැබැයි පුරප්පාඩුවක් වත් නැතුව ලෆාර් විනිසුරුතුමාට උසස්වීම් දෙන්න මේ තරම් ට්‍රයි කරපු අනුර, පුරප්පාඩු හතරක් තියෙද්දී ඒවා පුරවන්නේ නැතුව අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගන්න තුරු බලා ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් නැතුව ධම්මික ගනේපොල විනිසුරු තුමා ලඟදි විශ්‍රාම ගියා. මම දන්නා විදියට එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. රත්නප්‍රිය ගුරුසිංහ විනිසුරුතුමා ලඟදි විශ්‍රාම යනවා. මුර්දු ප්‍රනාන්දු හිටපු අගවිනිසුරුතුමිය නිර්දේශ කළත් අනුර එතුමාටත් උසස්වීම දෙන්නේ නැහැ.
පුදුම වෙන්න එපා නිශ්ශංක බන්දුල කරුණාරත්න හිටපු විනිසුරුතුමාටත් ළඟදීම රාජ්‍යතාන්ත්‍රික පදවියක් ලැබුනොත්. බරපතල දූෂණ චෝදනා තියෙන ඔහු රනිල් වික්‍රමසිංහ ගේ සහ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා ගේ සමීපතම හිතවතෙක්. ඒ වගේම ඔහු ජනාධිපති අනුර ගේත් හිතවතෙක්.
අපේ රටට මේ විධායක ජනාධිපති ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියල අපේ සමාජයේ බොහෝ දෙනෙක් තවමත් දැඩිව කියන්නේ මේ නිසා නේද, මිත්‍රවරුනි?
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)








