leader s

ජනාධිපති විසින් පත් කරනු ලබන “වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” විසින් වාර්ෂිකව කෙටුම්පත් කරන ඔවුන්ගේ 2026 වැඩපිළිවෙල “ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය” මගින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් වෙන් කිරීම් ඇතිව ඉකුත් ජනවාරි 27 වන දින යොමු කර ඇත.


එහි සඳහන් කාර්යන් අතර,

* වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම දිස්ත්රික්කයකම වෛද්‍ය කඳවුරු 03 බැගින් පැවැත්වීමට එක් වෛද්‍ය කඳවුරක් වෙනුවෙන් රු.100,000/- ක් බැගින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 03 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.

* අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා තම නිවස තුළ ජිවත්වීමේ දී අවශ්‍ය කරනු ලබන අවම පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් සළසා දීමට "සුවපහසු” මුල්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ එක් අයකු සඳහා රු. 100,000/- ක උපරිමයකට යටත්ව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රු.2,93,000/- ක් වන සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.
ඇතුළත් වන්නේ ය.

මාස 05 ට පසු ඒවායේ තත්ත්වය කුමක්ද?

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔබගේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනු මැන.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2026 ජුනි 08 වන දින

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්