leader s

*සලේ පිළිබඳව දැන් රඟදැක්වෙන නාටකය ගැන හිටපු බුද්ධි නිලධාරියෙකුගෙන්*

සුරේෂ් සලේ කරලියට එන්නේ බුද්ධි රාජකාරි සඳහා. විශේෂයෙන්ම 2009 මැයි මාසයෙන් පස්සේ. ඒ කියන්නේ යුද්ධයෙන් පස්සේ තමයි බුද්ධි රාජකාරිවල යෙදෙන්නේ. එතකොට විශේෂයෙන්ම රණවිරුවෙක් කියලා සලකන්නේ යුද්ධ කාලේ ඇක්ටිව්ලි ක්‍රියාන්විතයෙ හිටපු කෙනෙකුටයි. මෙයා ඊට පස්සේ ගෝඨාභයට එකතු වෙලා ගෝඨාභයට කඩේ ගිය එකයි මහින්ද රාජපක්ෂට කඩේ ගිය එක තමයි කළේ.

මොකද විශේෂයෙන්ම පිටරට තිබුණ එල්.ටී.ටී.ඊ. එක සතුව තිබුණු සම්පත් කේ.පී (කුමරන් පද්මනාදන්) හරහා ඒගොල්ලන්ට ලබා දුන්න එක. ඒක තමයි මෙයාගේ මේන්ම වැඩේ. ඊට අමතරව ඔය කොටින්ගේ තිබුණ ආයුධ අරවා මේවා හොයාගත්තා කියලා කියනවා. නමුත් වැඩි හරියක්ම කරේ රාජපක්ෂලට සම්පත් එකතු කරන ඒක."

අනිත් එක තමයි දැන් මෙයා මේජර් ජෙනරාල්. ඒත් මෙයාගේ යුද්ධෙට තිබුණු දායකත්වයයි, ජෙනරාල් සරත් ෆොන්සේකා යුද්ධෙට කරපු දායකත්වයයි බලනකොට අහසට පොළොව වගේ. එයා යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්, ක්‍රියාකාරී නිලධාරියෙක් වශයෙන් යුද බිමට ගිහිල්ලා, ඒසී හෝල්වල, ඒසී රූම්වල නෙමෙයි, යුද බිමට ගිහිල්ලා තමන්ගේ නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට උපදෙස් දීලා, ඒත් එක්කම එල්.ටී.ටී.ඊ. එකෙන් බැට කාලා, තුවාලත් වෙලා, හිරේ ගියා. ඒකට කවුරුත් කතා කරේ නැහැ.

ඔහු රියල් ග්‍රවුන්ඩ් එකේ, බැට්ල්ෆීල්ඩ් එකේ හිටපු එක්කෙනෙක්. එතකොට සලේ ඊට හාත්පසින්ම වෙනස්. ඒසී කාමර, ඒසී රූම්වල කොළඹට වෙලා ඉඳලා, ඒ කියන්නේ බුද්ධි නිලධාරියෙක් වශයෙන් ඔහු කැප්ටන් රෑන්ක් එකේවත්, මේජර් රෑන්ක් එකක්වත් බුද්ධි රාජකාරිවලට අදාළව ෆීල්ඩ් එකේ ගිහිල්ලා කරලා නැහැ. අන්න එහෙම ඉඳලා දැන් රණවිරුවෙක් කියලා ගැලවෙන්න බලනවා. මේක විහිළුවක්."

 

අනිත් එක කිසිම ආකාරයකින් අන්ඩර් කස්ටඩි ඉන්නකොට මානව හිමිකම් කඩවෙන විදිහට වැඩ කරන්නේ නැහැ. එහෙම කරොත් එහෙම ඒගොල්ලන්ට ජිනීවා යන්න වෙන්න පුළුවන්. දැන් මේ බොරුවක් කරන්නේ. වෙන කාගේ හරි උවමනාවට මෙයාව එළියට ගන්න හදනවා. මොකද මේ මෙයාව එළියට ගත්තොත් තමයි අනිත් අයට තොරතුරු ගන්න පුළුවන්. අනිත් අයට උපදෙස් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙයාගේ දැන් ලැප්ටොප් එක කොහොම හරි ඕපන් කරගෙන තියෙනවා.


718043748 122273626370061979 4453913725005867374 n

ඒකෙ තියෙන තොරතුරුත් එක්ක අනිත් කට්ටිය බය වෙලා ඉන්නෙ. ඒක හින්දා මෙයත් එක්ක කොමියුනිකේෂන් පවත්වන්න බැරි වෙලා තියෙනවා. ඒකත් එක හේතුවක්. ඉතින් රාජපක්ෂලා වුණත් බියෙන් ඉන්න පුළුවන්. මෙයත් එක්ක කොමියුනිකේෂන් නැති හින්දා මොනවා කියයිද කියලා දන්නේ නැහැ. ඒක හින්දා හැම උපක්‍රමයක්ම ගන්නවා මෙයාව එළියට ගන්න.

එතකොට පොලීසිය කියනවා මෙයාට අවශ්‍ය හැමදේම දෙනවා කියලා. මෙයාට චීස් පවා දෙනවා. ඒත් එක්කම අවශ්‍ය කෑම වේල් ටික දෙනවා. අවශ්‍ය බෙහෙත් ටික දෙනවා. නමුත් මෙයා මෙයාගේ නීතිඥයෝ මාර්ගයෙන් විශේෂයෙන්ම ඔය ශවේන්ද්‍ර ප්‍රනාන්දු කියලා නීතිඥයෙක් ඉන්නවා මෙයාට කඩේ යන. අන්න එයා මාර්ගයෙන් තමයි තොරතුරු ලියවන්නේ. දීලා තියෙන ලියුම් ටික ගත්තහම මෙයාගේ වයිෆ් නෙමෙයි වෙන කාගෙ හරි උපදෙස් මත ලියන ඒවා බව තමයි පෙන්නුම් කෙරෙන්නේ.

428607966 10231092349522360 2065562785759051025 n

 

 

 

උපුල් රන්ජන් -Social Activist
උපුටා ගැනීම - Upul Ranjan ෆේස්බුක් පිටුවෙන්.


Screenshot 2026 06 08 at 8.23.18 PM
 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්