leader s

මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂි කූඩුවට කැඳවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පසුගියදා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් විය.


කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට කැඳවීමට නියෝග කර තිබුණි. මෙම කැඳවීම සිදු කර තිබුණේ, සහන් මාපා බණ්ඩාර මහතා නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස සේවය කළ සමයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන “ඩේසි ආච්චි” සම්බන්ධ නඩුවකදී දුන් නියෝගයක් ගැන කරුණු විමසීම සඳහාය.

නීතියේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ විනිශ්චයකරුවෙකු ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට ඔහුව අධිකරණයට කැඳවීමේ සිරිතක් නොමැති බවයි. යම් තීන්දුවකට එකඟ විය නොහැකි නම්, නීත්‍යානුකූලව කළ යුත්තේ ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීම මිස විනිසුරුවරයා සාක්ෂි කූඩුවට කැඳවීම නොවේ.

මෙම නියෝගය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිවේදීන් පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවෙකු වශයෙන් නො කැඳවන බවට නීතිපතිවරයා සහතික වූ අතර, විනිසුරු උදේශ් රණතුංග දුන් නියෝගය නිවැරදි නො වන බව පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් එම විභාගය අත්හිටුවීමට තීන්දු කරන ලදි.

මෙම නඩුව පාදක කරගෙන පුරවැසියකු ලෙස විනිසුරු අභිමතය පිළිබඳ අදහසක් පළ කිරීමට සිතුවෙමි. එයට හේතුව, විනිසුරු අභිමතය යනු අසීමිත බලයක් ලෙස සලකන තත්වයක් ද දැකීමට හැකි වීමයි. එය පුරවැසියන්ට ප්‍රශ්න ඇති කරයි.

 

going to court
විනිසුරු අභිමතය (Judicial Discretion) යනු නීතියේ රාමුව තුළ සිටිමින් යුක්තිය ඉටු කිරීම සඳහා විනිසුරුවරයෙකුට ඇති නීත්‍යානුකූල නිදහසයි. එය අත්තනෝමතික බලයක් නොවේ.

අධිකරණය ඉදිරියේ විනිසුරු අභිමතය ප්‍රශ්න කිරීමට හෝ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට නොහැකි වීම යන්නෙන් අදහස් වන්නේ විනිසුරුවරයා නීතියට ඉහළින් සිටින බව නොවේ. අභිමතය යනු වගවීමකින් තොර කරුණක් නො වන බව අපගේ අදහසයි. විනිසුරුවරයෙකු සිය අභිමතය භාවිත කළ යුත්තේ පෞද්ගලික මත හෝ බාහිර බලපෑම් මත නොව, නීතිය සහ යුක්තිය පදනම් කරගෙනමය.

මෙම තත්ත්වය තුළ පහත දැක්වෙන කරුණු කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතු බව අපේ අදහසයි. විනිසුරුවරයෙකුට නීතියෙන් ලැබෙන මෙම ස්වාධීනත්වය නිසි ලෙස භාවිත කිරීම සඳහා, එම අභිමතය නිවැරදිව ගොඩනැගෙන විධිමත් පුහුණුවක් විනිසුරුවරුන්ට ලබා දීම අත්‍යවශ්‍ය වේ.

විනිසුරුවරයෙකු යනු අතිශය වගකීම් සහගත පුද්ගලයෙකි. ඔහු හෝ ඇය සෑම විටම විෂමාචාරවලින් තොර, මහජන ගෞරවය දිනාගත් අයෙකු විය යුතුය.

r88hg
සමස්ත විනිසුරු සේවයම ඉහළ වෘත්තීය ප්‍රමිතියක් ප්‍රදර්ශනය කිරීම රටක නීතියේ ආධිපත්‍යය සුරැකීමට අත්‍යවශ්‍ය වේ.

මින් පෙර අප රටේ අසන්නට ලැබුණු අල්ලස් ගැනීම් වැනි නින්දිත සිදුවීම්වලදී වරදකරුවන් වන ඕනෑම විනිසුරුවරයෙකුට තරාතිරම නො බලා දැඩි දඬුවම් පැමිණවිය යුතු වන්නේ එහෙයිනි.

අවසාන වශයෙන්, ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය කිසිවිටෙකත් පලුදු වීමට ඉඩ නො තැබිය යුතුය. අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම කොතරම් වැදගත් ද, ඒ හා සමානවම එම බලය හසුරුවන දෑත් පිරිසිදු සහ වගකීම් සහගත විය යුතුය.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්