leader s

ගණිකා වෘත්තිය කියන්නෙ මං ඇත්තටම ගරු කරන වෘත්තියක්.

විශේෂයෙන්ම ඒ වෘත්තිය කොයිතරම් අසීරුද අමාරුද කියල දන්න හින්ද. මිනිස්සුන්ට සතුට ලබා දීම කියන වරදට ඒ අය විඳින අපවාදය අපහාසය දකින හින්ද.

හැබැයි ඒ විතරක් නෙමෙයි.

මීට බොහෝ කාලෙකට කලින් ගණිකා වෘත්තිය සම්බන්ධව මට ඛේදනීය අත්දැකීමක් තියෙනවා. ඒ කාලෙ අපේ මිතුරියකගේ ගෙදරට හවසට එකතු වෙලා දුමක් දාලා, පොඩ්ඩක් බීලා, සතුටු සාමීචි කතාවල යෙදිලා ගෙදර යන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. සිනමා කලා වැඩ වලට සම්බන්ධ අපි ගොඩක් අය එතන එකතු වුනා.

t456


දවසක් සිවිල් පිට එතනට පොලිසිය පැන්නා. ඒ අසල්වැසි කාගේ හෝ උවමනාවකට. අපි ජොයින්ට් එකක් දාමින් සිටි නිසා අපිව අත්අඩංගුවට ගත්තා. අපේ මිතුරිය සහ ඇගේ තවත් මිතුරියක් අත්අඩංගුවට පත්වුනා.

පොලිසිය ඒ කාන්තාවන් දෙන්නාට නඩු දැම්මෙ ඔවුන් ගණිකා වෘත්තියෙ යෙදෙනවා කියලයි. එතන හිටපු අද සිනමාවේ තරුවක් වුනු අපේ 'දස්සා'ට නඩු දැම්මෙ 'පිම්ප්' කෙනෙක් විදිහට සේවය කළා කියල. අපි හැන්දෑවට එකතු වෙන ඒ පුංචි කුලී නිවස ගණිකා නිවාසයක් වුනා. දවස් 14ට ආසන්න කාලයක් රිමාන්ඩ් එකේ ඉන්න වුනා. මගේ මිතුරියට දියණියකුත් හිටියා. එයාට දුව නතර කරලා තියන්නවත් තැනක් තිබුනෙ නෑ.
 
පොලිසිය මේ කාන්තාවන් ගණිකාවන් විදිහට ඉදිරිපත් කළා විතරක් නෙමෙයි, පොලිස් මහත්තුරු වරින්වර ඒ අයට අයුතු යෝජනා කළා. කොටින්ම මුලින් ඉදිරිපත් වුනු නීතිඥයා පවා මගේ මිතුරියට ඔහු සමග යහන්ගත වන මෙන් ඉල්ලීම් කළා. අපිට නීතිඥ ගාස්තුවත් ගෙවන්න පුළුවන් තත්වයක් නෙමෙයි තිබුනෙ. පොලිසිය ඇත්තටම කලේ ඒ අය ගණිකාවන් වශයෙන් ලේබල් කරලා ඇත්තටම ගණිකාවන් බවට පත් කරන්න උත්සාහ කරන එකයි.
 
අන්තිමට අපේ ඕනෑම කරදරයකට උදව්වට එන උපුල් කුමරප්පෙරුම මිත්‍රයා ඉදිරිපත් වුනා. ඒ දවස්වල අපි උපුල්ව දන්නෙත් නෑ උපුල් අපිව දන්නෙත් නෑ. ඒත් උපුල් මේ අසාධාරණ නඩුවෙන් අපිව බේරලා දුන්නා.
 
w1200 h678 fmax
ගණිකා වෘත්තියේ යෙදෙන අයව විතරක් නෙමෙයි, මේ රටේ කාන්තාවන් ගණිකාවන් නැත්නම් බඩු වශයෙන් ලේබල් කරමින් අපවාද අපහාස කිරීමත් සිද්ද වෙනවා. එහෙම කරලා හරි තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමට මිනිස්සු නීතිය පවා පාවිච්චි කරනවා.

ඒ හින්ද ලිංගික ශ්‍රමික වෘත්තිය වෘත්තියක් වශයෙන් පිලිගැනීම ඒ වෘත්තියේ යෙදෙන අයට පමණක් නෙමෙයි, හැම කාන්තාවකගේම ආරක්ෂාවට, ගෞරවයට වැදගත් වෙනවා.

ළගදිම එන අභිසාරි චිත්‍රපටිය මේ රටේ ගණිකාවන් ගැන කතන්දරයක් විතරක් නෙමෙයි. ඒක ගැහැණුන්, මව්වරුන්, සහෝදරියන් ගැන කතන්දරයක්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්