මේක තමයි මගේ දවසේ දසුන. මම අද උදේම නැගිට්ටේ ප්‍රංශ සවාරියේ 'රැජිණ අදියර' (Queen Stage - ප්‍රධාන අදියර) බලන්න.
හැබැයි උදේ නැගිට්ට කියල පාඩු නැහැ. අද දිනය තරගයේ වඩාත්ම තීරණාත්මක සහ අභියෝගාත්මක අදියර බව මම දැන සිටියා.
තම පරම්පරාවේ සිටින විශිෂ්ටතම පාපැදි ක්‍රීඩකයෙකු වන, එසේම තරගයේ ප්‍රමුඛයා ලෙස කහ පැහැති ජර්සිය (yellow jersey) පැළඳ සිටි Tadej Pogačar (ටියාජා පිගොචා), තම වේගය අඩු කර තම තරුණ කණ්ඩායම් සගයා වන Isaac del Toro (ඉසාක් ඩෙල් ටෝරෝ) හට සහාය වීමට තීරණය කළා. සෑම තත්පරයක්ම ඉතා වැදගත් වන සහ සෑම ක්‍රීඩකයෙකුම දැඩි වේදනාව මැද අරගල කරන ක්‍රීඩාවක් තුළ, ඔහු තමාගේ ආත්ම-අභිමානයට (ego) වඩා සගයා දිරිමත් කිරීමට මුල් තැන දුන්නා.
තම ආත්ම අභිමානය සහ ජයග්‍රහණය පමණක් සිතුවානම් පිගොචාට මේ අදියර ඉතාම පහසුවෙන් දිනන්න තිබුණා.

කැපකිරීම පිළිබද එම සරල ක්‍රියාව, අභිප්‍රේරණාත්මක කතා දහසකටත් වඩා වැඩි යමක් නායකත්වය පිළිබඳව අපට කියාපානවා.
සැබෑ නායකයින්ට තමන් ශක්තිමත්ම පුද්ගලයා බව ඔප්පු කිරීමට අවශ්‍ය නැහැ. ඔවුන් තම ශක්තිය යොදවන්නේ තමන් වටා සිටින අයව නංවාලීමටයි. සාර්ථකත්වය බෙදා හදා ගන්නා විට එය වඩාත් අර්ථවත් වන බවත්, වෙනත් අයෙකුට ජයග්‍රාහී ඉලක්කය කරා ළඟා වීමට සහ සාර්ථක වීමට උදව් කිරීමෙන් තමන්ගේම ජයග්‍රහණය හීන නොවන බවත්, ඒ වෙනුවට එය තවදුරටත් අර්ථවත් කරන බවත් ඔවුන් වටහා ගන්නවා.
විශිෂ්ටතම නායකයින් අනුගාමිකයින් බිහි කරන්නේ නැහැ. ඔවුන් බිහි කරන්නේ ආත්ම විශ්වාසය සහ යම් දෙයක් කළ හැකි බවට වන දැඩි විශ්වාසයයි. අනාගතයේදී තමන්වම මෙහෙයවා ගැනීමට හැකි පුද්ගලයින් බවට පත්වීමට ඔවුන් අන් අයට උපකාර කරනවා.

මේ මොහොත තුළ මා දුටුවේ එයයි.
නායකත්වය යනු සැමවිටම ඉදිරියෙන්ම සිටීම නොවන බවට එය කදිම මතක් කිරීමක්. යමෙකුට ඔබව වඩාත්ම අවශ්‍ය මොහොතේ ඔවුන්ගේ පැත්තෙන් සිට ගැනීමයි නායකත්වය යනු. ලෝකයට වඩාත් අවශ්‍ය වන්නේ එවැනි නායකයින්වයි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුලි 26








