සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා ගිය Gen-Z පරම්පරාවේ ඩිජිටල් ජාලගත බලවේගය ආසියාවම කැලඹූ හැටි.
දේශපාලන න්‍යායපත්‍රවලට යටපත් නොවූ, ආසියානු තරුණ නැගිටීම් පිළිබඳ ශාස්ත්‍රීය හා යථාර්ථවාදී විග්‍රහයක්.
මේ පොත ගැන එදා දවසෙම ලියන්න ඕනවුණාට ඒක හරියට කරගන්න බැරි වුණා.. ආචාර්‍ය Ranga Kalansooriya විසින් රචිත The Youthquake කියන්නේ තවත් එක කෘතියක් නෙමේ..
2021 පසුව දකුණු ආසියාවේ සිදුවුණු තරුණ අරගල පිළිබඳ ඉතා නිවැරදි අර්ථකතනයක් මේ කෘතියෙන් ඉදිරිපත් කරනවා.. අවංකවම 2022 ලංකාවේ ගෝල්ෆේස් අරගලය (GGG) ගැන පැහැදිලි ශාස්ත්‍රීය මට්ටමේ ලිපි පළ වුනේ නැති තරම්.. Journal articles 02 ඇරෙන්න අන් සියල්ල පවතින්නේ සත්‍යට මදක් ඔබ්බෙන්.. ඒ බහුතරය ඒ සිදුවීම ගැන ඉදිරිපත් කරන්නේ විකෘතියක්.. ඒ ගැන පළ වුණු කෘති පවා පළකරන්නේ පාක්ෂික මතයක්..
Youthquake සුවිශේෂී වන්නේ ඒ නිසා.. journalists narrative මූලිකව බිහිවන මෙම කෘතිය ලංකාවේ පමණක් නෙමේ මියන්මාරය, බංගලාදේශය, නේපාලය, ඉන්දුනීසියාව පකිස්තානය මූලික තරුණ අරගල පිලිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරනවා.. ඒ ඒ රටවල් මූලික කරුණු රචනා වෙන්නේ ඒ ඒ රටවල ලේඛක ලේඛිකාවන් විසින් වීම ඉතා වැදගත්.. රටක සංස්කෘතිය, ඒ සමාජ සංදර්භය, ඒ ආර්ථික කරුණු බාහිරින් බලනවට වඩා පැහැදිලිව ඒ සංදර්භය ඇතුලේ ජීවත්වෙන කෙනෙක්ට ලියන්න පුලුවන්..
Eva Danayanti, Nazia Afrin Monami, Sonia Awale, Naw Betty Han, Adnan Rehmat වගේම අපි කවුරුත් දන්න Mandana Ismail Abeywickrema මූලිකව ඉන්දුනීසියාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය, පකිස්තානය සහ ලංකාව ගැන වෙන් වෙන් වශයෙන් සිද්ධි අධ්‍යයනයන් 06 මේ කෘතියේ ඉදිරිපත් කරනවා.. (මේ කෘතියේ මූලික වටයේදී සම්පත් දායකයෙක් ලෙස සම්බන්ධ වෙන්න ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා..) මෙහි නීතිමය උපදේශනය Viranjana Herath සහ කෘතියේ සමියුරු ප්‍රතිනිරීක්ෂණය (Peer Review) සම්මානිත මහාචාර්‍ය Jayadeva Uyangoda.

ඇත්තටම 71 සහ 88/89 අරගල මම දැකලා නෑ.. මම ඒ කාලවල ඉපදිලාවත් නෑ.. හැබැයි 2022 මම දැක්කා.. ඒක ඇතුලේ අපි හිටියා.. මම වගේ තව ලක්ෂ ගාණක පිරිසක් හිටියා.. සමාජ මාධ්‍ය මූලිකව අපි දැකලා නැති අපි අහලා නැති විවිධ මට්ටමේ පිරිසක් අරගලය එක්ක සම්බන්ධ වුණා.. එතන අවංකව පිරිසක් හිටියා සහ සැඟවුණු න්‍යායපත්‍ර සහිත පිරිසකුත් හිටියා.. ඒ ගැන මෙතන කියන්න අදහසක් නෑ..
මම කැලණිය සරසවියේ විද්‍යාර්ථියක් ලෙස ඉගෙන ගත්තේ "රටක 04 ආණ්ඩුව ජන මාධ්‍ය" කියලා.. ඇත්තටම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයට වඩා රටේ ජනමාධ්‍ය නිවැරදිව පාලය කරමින් තම බලය සුරක්ෂිත කරගත්ත දේශපාලන නායකයන් අපි දැක්කා.. "ජන මත හදන්න" වගේම "ජනමත නැති කරන්න" මේ ජනමාධ්‍යට තියෙන්නේ අසීමිත බලයක්.. ඒ බලය දේශපාලනයට විතරක්ම ලඝු කරන්නත් බෑ.. ජනමාධ්‍යයෙන් දෙයක් කිව්වොත් තක්කෙට ඒක හරි කියලා මිනිස්සු පිළිගත්තා.. හැබැයි තවදුරටත් ඒක එහෙමද?
William Dutton විසින් 2023 කෘතියක් විදිහට එළිදක්වන The Fifith Estate සංකල්පයට අනුව විවිධ දේශපාලන හා වානිජ බලපෑම් වගේම විවිධ න්‍යායපත්‍රයන් නිසා ජන මාධ්‍ය කෙරෙහි මහජන විශ්වාසය පළුඳු වෙනවා.. මේක Gen - Z සහ millennials පරම්පරාවල සාපේක්ෂව වැඩියි.. ඒ නිසා ඔවුන් සමාජ මාධ්‍ය මූලික පුරවැසි මාධ්‍යකරනයට යොමු වෙනවා.. Hashtag, smartphone මූලිකව ප්‍රබල digitally conected network එකක් ඔවුන් හදාගන්නවා.. සමාජයේ ඔවුන් දකින දූෂණ, අසාධාරණකම්, නිළමතවාද වලට එරෙහි වීම් රටේ හා සමාජයේ යහපැවැත්ම වෙනුවෙන්, විවිධ මට්ටමින්, විවිද දේ ඔවුන් සිදුකරනවා.. හැබැයි මේ අතර misinformation, disinformation සහ malinformation මූලික වෛරී ප්‍රකාශ වගේම, ඇල්ගොරිදම් මූලික පක්ෂ්ග්‍රාහී මතවලට හිරවීම්ද පවතිනවා.. මෙන්න මේ concept එක රටවල් 06 සිද්දීන් සමඟ ප්‍රායෝගිකව මේ කෘතියේ ඉදිරිපත් කරනවා..
සරලවම කිව්වොත් ඩිජිටල්කරණය වුණ පුරවැසිජාලවලට රටක දේශපාලන බලයට අභියෝග කරන්න පුලුවන් වුණාට දිගුකාලීනව ආයතනික මට්ටමේ ප්‍රතිසංස්කරණ කිරීමේ ගැටලුවක් තියෙනවා.. ඉතිං මේ ඩිජිටල් පුරවැසි බලවේගය කියන්නේ භය වෙන්න ඕන දෙයක්ද? නෑ කොහෙත්ම නෑ.. හැබැයි ඒකෙන් මේ බලවේගය වැරදි ලෙස පාලනය වෙන්නේ නෑ කියලා කියන්නත් බෑ.. එතකොට මේක යහපත් විදිහට විසඳගන්නේ කොහොමද? ඒකට ඉතිං මේ පොත කියවන්නම වෙනවා.. පොත මිළදී ගන්න පුලුවන් Media Law Forum එකෙන්.. ඇත්තටම මේක law Forum එක වගේම IMF (International Media Support) එකේ Joint publication එකක්..
ආචාර්ය රංග කලන්සූරිය
අවංකවම මම මේ එළිදැක්වීමට ගියේ ඒක Dr.Rangaගේ වැඩක් නිසා.. ඔහු මං අවංකවම ගරු කරන media academics ලා කීප දෙනාගෙන් කෙනෙක්.. හිටපු සහ ඉන්න දේශපාලන නායකයෝ බර ගාණක්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මිතුරන් සහ ප්‍රබලයන්, academicsලා භික්ෂූන් වහන්සේලා, කලාකරුවන් ඇතුළු සැලකිය යුතු පිරිසක් එදා වැඩේට ඇවිත් හිටියා.. මුළු වැඩසටහනම intellectual discourse එකක් කියන්න පුලුවන්.. හැබැයි ඒ book launch ඇතුලේ අන්තිමට ගියපු video එක emotional flashback එකකට මාව අරගෙන ගියා.. ඒක පළවෙනි comment එකේ.. හිතුවට වඩා ලියවුණා.. එහෙනම් මේ පොත අරගෙන කියවන්න..
(සටහන | මනුරි පබසරි වලේබොඩ)
Digital creator
University of Colombo, Faculty of Science
Visiting Lecturer
උපුටා ගැනීම - Manuri Pabasari Waleboda ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි ලිපි :
‘Youthquake’ කෘතිය එළිදැක්වෙයි | ආසියාව කළඹන ‘පස්වන බලවේගය’ ගැන ආචාර්ය රංග කලන්සූරියගෙන් නව විමසුමක්








