leader s

සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙන ලෙමීන් යමාල් බිලිඳෙකුව සිටියදී ලයනල් මෙසී සමග ගත් ඡායාරූප මේ වන තෙක් සඟවා තබා ගෙන සිටි බව

ස්පාඤ්ඤ පාපන්දු තරුව අනාවරණය කර තිබෙනවා.

බාසිලෝනා පුරාවෘත්ත ක්‍රීඩක මෙසී සමග සමාන කිරීම තමා ගේ ක්‍රීඩා දිවියට උපකාරයක් නොවන නිසා එම ඡායාරූප සඟවා ගෙන සිටි බව යමාල් කියනවා.

යමාල්ගේ මව වන Sheila Ebana පසෙකින් සිටියදී හය මසක් වයසැති යමාල්ව මෙසී 2007 වසරේදී නාවන ඡයාරූපයක් මේ මස මුලදී මතුවූ සැණින් ඊට ගෝලීය අවධානයක් ලැබුනා.

ස්පාඤ්ඤයේ Diario Sport පුවත්පත UNICEF ආයතනය සමග ඒකාබද්ධව පුණ්‍යායතන දින දර්ශනයක් සඳහා ගනු ලැබූ ඡායාරූප මාලාවක මේ සේයාරුවත් තිබුනා.

 

linal messiයමාල්ගේ මව වන Sheila Ebana පසෙකින් සිටියදී හය මසක් වයසැති යමාල්ව මෙසී 2007 වසරේදී නාවන ඡයාරූපයක්
“ඒ පිංතූරය ගන්න වේලාවේ මොකක්ද වෙන්නේ කියලා ඒ වයසේදී මම නොදැන සිටියා කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ” යමාල් පවසනවා.

“මගේ තාත්තා ළඟ ඒ පිංතූර තිබුනා. නමුත් ඒවා කවදාවක් එළියට ආවේ නැහැ. ඊට ප්‍රධාන හේතුව වුනේ මෙසී සමග සැසැඳීමක් අපට අවශ්‍ය නොවුනු නිසා.”

“ලෝකයේ ඉන්න මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා සමග සමාන කිරිම නිසා කිසිම කෙනෙක් තරහ වෙන්නේ නැහැ. නමුත් එය ඔබට එරෙහිව ක්‍රියාත්මක විය හැකි දෙයක් වන්න ඉඩ තිබෙනවා. මොකද, ඔබ කවදාවත් ඔහු වගේ වෙන්නේ නැති නිසා.”

 


එහෙත් සිද්ධීන් සිදුවූ ආකාරයට, බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් වම් පාදයේ ඉදිරි පෙල ක්‍රීඩකයෙකු ලෙසින් යමාලේගේ අතිවිශිෂ්ට ක්‍රීඩාව විසින් ඔහුව ලෝක පූජිත ආජන්ටිනා පාපන්දු තරුව වන මෙසී සමග සමාන කර තිබෙනවා.

 

download 2පසුගිය වසරේ ප්‍රථම වතාවට වයස අවුරුදු 15දී බාසිලෝනා ක්‍රීඩා සමාජයේ පළමු කණ්ඩායමට ක්‍රීඩා කළ යමාල්

පසුගිය වසරේ ප්‍රථම වතාවට වයස අවුරුදු 15දී බාසිලෝනා ක්‍රීඩා සමාජයේ පළමු කණ්ඩායමට ක්‍රීඩා කළ යමාල්, පසුගිය ක්‍රීඩා වාරයේදී තරග 50කට සහභාගි වූයේ ඉක්මනින් ම ස්පාඤ්ඤය සමග ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගනිමින්. ජර්මනියේ ‘යුරෝ 2024’ තරග බිමේදී ඔහු එදා මෙදා තුර යුරෝපීය පාපන්දු ශූරතාවලියේ ක්‍රීඩා කරමින් ගෝලයක් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා.


නොවැළැක්විය හැකි සමාන කිරීම් යමාල්ගේ ක්‍රීඩා දිවියට උපකාරයක් නොවන බවට හිටපු බාසිලෝනා පුහුණුකරු Xavi Hernandez එකඟ වූවද, යමාල්ගෙන් “මෙසීගේ වැනි දස්කම් හදිසියේ මතුවූ” අවස්ථා තිබූ බව ඔහු පවා පිළිගන්නවා.

“පුරාවෘත්ත දෙකක ආරම්භය” යන කැප්ෂනය සමග මෙසී යමාල් බබාව අතේ රඳවා ගෙන සිටින ඡායාරූපය පළමු වතාවට ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහන් කළේ යමාල්ගේ පියා වන Mounir Nasraoui.

 

liyanala messi 240711“පුරාවෘත්ත දෙකක ආරම්භය” යන කැප්ෂනය සමග මෙසී යමාල් බබාව අතේ රඳවා ගෙන සිටින ඡායාරූපය
මෙසී එදා ලෙමීන් ට ආශිර්වාද කළා ද කියා විමසූ විට පියා කියා තිබුනේ, “සමහර විට ලෙමීන් මෙසී ට ආශිර්වාද කරන්න ඇති” යනුවෙන්. “මගේ පුතා තමයි හැමදේකම හොඳම කෙනා. පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස පමණක් නෙවෙයි පුද්ගලයෙක් වශයෙනුත්.”

සමාජ මාධ්‍යයේ පැතිර ගිය ඡායාරූපය පිළිබඳව තමා කිසිවිටකත් මෙසී සමග කතා කර නැතැයි යමාල් පවසනවා.

“මෙසී මාව නාවන ඡායාරූපය ගැන මම කවදාවත් එයත් එක්ක කතා කරල නැහැ. පැහැදිලිවම, මෙසීත් එක්ක ඒ ඡායාරූපය ගත්ත වෙලාවේ මම ඒ ගැන දැන සිටියේ නැහැ.”

“මගේ පියා ඒක ආරක්ෂා සහිතව රැකගෙන සිටියා. අපි කවදාවත් ඒ පිංතූරෙ එළියට ගත්තෙ නැත්තේ මූලික වශයෙන් එය සැසැඳීමේ ප්‍රශ්නය නිසා. එවැනි සමාන කිරීමක් කිසිම අවස්ථාවක හොඳ දෙයක් නෙවෙයි.”

 

messiමෙසී හා යමාල් යන ක්‍රීඩකයන් දෙදෙනා ම ලෝක පාපන්දු වේදිකාවට පිවිස සිටින්නේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන්
මෙසී හා යමාල් යන ක්‍රීඩකයන් දෙදෙනා ම ලෝක පාපන්දු වේදිකාවට පිවිස සිටින්නේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් නිසා මේ දෙදෙනාව සසඳා බැලීම නතර කිරීමට නොහැකි වී තිබෙනවා.

නමුත් තමා කිසිම දිනෙක ‘බැලන් ඩි ඕර්’ සම්මානය අට වතාවක් දිනූ මෙසී වාර්තා කළ දස්කම් සමාන නොකරනු ඇති බව 17 හැවිරිදි ලෙමීන් යමාල් අවධාරණය කරනවා.

“ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා සමග සසඳන එක ගැන කිසිම කෙනෙක් කරදරයක් විදියට ගන්නේ නැහැ. නමුත් ඒවා ඒ විදියටම එක තැන තියේවි. මොකද, මම කවදාවත් මෙසී වගේ වෙන්නේ නැති නිසා.”

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



සබැඳි ලිපි :

ලියෝ මෙසී : සාර්ථක නායකයා යනු තනි අලියෙක් වීම නොවේ

Finalissima 2025: යමාල් බබාව හුරතල් කළ වීරයා මුණගැසෙන තරගය

යමාල්ගේ මිනිත්තු අනූවේ ක්‍රීඩාවට හරස් වන ජර්මන් කම්කරු නීතිය

තරුණ මෙසී හා යමාල් බබාගේ ‘පුරාවෘත්ත දෙකක ආරම්භයේ’ ඡායාරූපය

ලෙමීන් යමාල්: වාර්තා බිඳ දමමින් නැගී එන ස්පාඤ්ඤ පාපන්දු තරුව

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්