leader s

වනිදු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් දවා ගැනීම ගැනීමට සමත්විය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය 2ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාම ඊයේ (ඔක්තෝබර් 23 වැනිදා) සමත්විය. ඒ තරගාවලියේ දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.

2023 වසරේ සිට මෙරටදී ක්‍රීඩා කළ ද්වී පාර්ශවික එක්දින තරගාවලි අතුරින් ඉන්දියාව, ඇෆ්ගනිස්ථනය, හා සිම්බාබ්වේ කණාඩායම සමග පැවති එක්දින තරගාවලි ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සමග පැවැති T20 තරගාවලිය ද ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවය.

තරගාවලියේ තුන්වැනි එක්දින තරගය ලබන 26 වැනිදා පැවැත්වීමිට නියමිතය.

පල්ලේකැලේ ක්‍රීඩාගණයේ අද පැවති 2 වැනි එක්දින තරගය ආරම්භ කිරීමේදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර මේ හේතුවෙන් තරගය පැවැත්වුණේ පන්දුවාර 44කට සීමාවූ තරගයක් ලෙස ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

04df63f0 9168 11ef 89ae 5575c76d98e6.jpg               රදර්ෆර්ඩ් පන්දු 82 කට මුහුණ දී ලකුණු 80ක් රැස් කළේය


අසරණ වූ කොදෙව් මුල් පෙළ

ආරම්භයේ සිටම මැනවින් පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත.

ලකුණු 58 ක් ඇතුළත කොදෙව් ඉදිරි පෙළ කඩුලු 8 ක්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, 9 වැනි කඩුල්ලට එක් වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩාකේෂ් මෝටි ලකුණු 119 ක වාර්තා ගත සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව ශක්තිමත් ස්ථානයක් කරා රැගෙන ගියහ.

පන්දු 115 කදී වාර්තා වුණු මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව වසර 50 කට ආසන්න එක්දින තරග ඉතිහාසයේ එම කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සිව්වැනි හොඳම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

එය 9 වැනි කඩුල්ල වෙනුවෙන් බටහිර කොදෙව් කණ්ඩායම තැබූ ඉහළම සබඳතාව ලෙස වාර්තා අතරට එක්විය.

රදර්ෆර්ඩ් පන්දු 82 කට මුහුණ දී ලබා ගත් ලකුණු 80 කට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ඇතුළත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් ගුඩාකේෂ් මෝති පන්දු 61 කදී ලකුණු 50 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත් අතර වනිදු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් දවා ගැනීම ගැනීමට සමත්විය.


bd5487a0 9166 11ef b3c2 754b6219680e.jpg           තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ, පන්දුවාර 9කදී ලකුණූ 25කට කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණය


පන්දුවාර 44කට සීමා වූ තරගයේ 36වැනි පන්දුවාරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 189කට දැවී ගියහ.


අසලංකගේ නායකත්වයේ ඉනිම


ලකුණු 190ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 14ක්ව තිබියදීය.
අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 3කට දැවී ගියේ ය.

ඒ වන විට ලකුණූ පුවරුව දිස්වූයේ පන්දුවාර 8 පන්දු 2කදී කඩුලු 2කට ලකුණු 25ක් ලෙස ය.

අනතුරුව සදීර සමරවික්‍රම සහ නිශාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත්විය. දෙදෙනාම ලකුණු 38 බැගින් රැස් කිරීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැඟුණු සබඳතාව ලකුණු 62කි.

අනතුරුව පිටියට පිවිසි නායක චරිත් අසලංක කිසිදු කළබලයකින් තොරව ලකුණූ රැස් කරමින් තරගය ජයග්‍රහී ඉලක්කය කරා ගෙන යාමට සමත්විය.

ඔහු නොදැවී ලකුණූ 62ක් රැස් කළේය.

නායක චරිත් අසලංක කිසිදු කළබලයකින් තොරව ලකුණූ රැස් කරමින් තරගය ජයග්‍රහී ඉලක්කය කර ගෙන යාමට සමත්විය.
ඔහු නොදැවී ලකුණූ 62ක් රැස් කළේය.

c8b01790 9166 11ef 89ae 5575c76d98e6.jpg
නායක චරිත් අසලංක නොදැවී ලකුණූ 62ක් රැස් කළේය


ඊයේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ, පන්දුවාර 9කදී ලකුණූ 25කට කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණය.

"අපි හෝටලයෙන් එනකොට මම XI හිටියේ නැහැ. වැස්සට ස්තුතිවන්ත වෙන්න පුහුණුකරු සහ නායකයා ප්‍රමාද වෙලා ගත්ත තීරණයක් ඒක. නැවත ඇවිත් තරගය දිනන්න ලැබීම හොඳයි.” මහීෂ් තීක්ෂණ පැවසුවේය.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත:
කොදෙව්වෝ 189කට දැවී යති: රදෆෝඩ් හා මෝටිගෙන් වාර්තාගත 9 වැනි කඩුලු සබඳතාවක්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්