leader s

ජීන්ස් කලිසමක් පැළඳ නිව්යෝක් හි තරගාවලියකට සහභාගි වීම හේතුවෙන් ලොව අංක 1 චෙස් ක්‍රීඩක මැග්නස් කාල්සන් (Magnus Carlsen) ට දඩ ගැසීමෙන් පසුව ජාත්‍යන්තර චෙස් සම්මේලනය ඔවුන්ගේ ක්‍රීඩක ඇඳුම් නීතිය ඊයේ ලිහිල් කළා.

ලෝක රැපිඩ් හා බ්ලිට්ස් චෙස් තරගාවලියේදී 34 හැවිරිදි නෝවේජියානු ජාතිකයාට ඔහුගේ ඇඳුම වෙනස් කරන ලෙසට සිකුරාදා දන්වා සිටියා.

නමුත් තමා පැළඳ සිටි ඩෙනිම් ජීන්ස් කලිසම මාරු කිරීම, පස් වතාවක් ලෝක චෙස් ශූරයා වූ කාල්සන් ප්‍රතික්ෂේප කළ අතර ඔහුට අමෙරිකානු ඩොලර් 200ක මුදලක් දඩ ගසනු ලැබුවා. පසුව ඔහු තරගාවලියෙන් ඉවත් වුනා.

වස්ත්‍ර ප්‍රතිපත්තියේ වෙනස නිවේදනය කරමින් ලෝක චෙස් ප්‍රධානී Arkadi Dvorkovitch මෙසේ ප්‍රකාශ කළා: “ක්‍රීඩකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී නිලධාරීන්ට වැඩි නම්‍යතාවයක් ලබා දීමට මම තීරණය කළා. ප්‍රතිපත්තිය සරලයි. ක්‍රීඩකයන් තවදුරටත් නිල ඇඳුම් නීති සංග්‍රහය අනුගමණය කළ යුතුයි. නමුත් විශේෂයෙන්, ජැකට්ටුවට ඔබින ජීන්ස් ඇඳීම ඇතුළු දර්ශනීය සුළු නීති උල්ලංඝනයකට අවසර ලැබෙනවා.”

 

රැපිඩ් හා බ්ලිට්ස් චෙස් තරගාවලියන් දෙකේ ම ශූරයාව සිටින කාල්සන්, තරගාවලියේ රැපිඩ් අංශයෙන් ඉවත් වූ අතර වස්ත්‍ර නීතිය ලිහිල් කිරීම නිසා දැන් ඔහුට සඳුදා ඇරඹෙන බ්ලිට්ස් ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

තමා ජීන්ස් පැළඳ අද ඇරඹෙන ලෝක බ්ලිට්ස් ශූරතාවලියට ක්‍රීඩා කරන බව කාල්සන් ඊයේ සමාජ මාධ්‍ය වීඩියෝ පෝස්ටුවකින් කියා සිටියා.

“මේ සිද්ධිය ඔවුන්ගේ පැත්තෙන් වැරදිලෙස හසුරුවා ඇති බවයි මම හිතන්නේ” යනුවෙන් ග්‍රෑන්ඩ්මාස්ටර් පැවසුවා. නමුත් තමා වේගවත් චෙස් ක්‍රීඩා ක්‍රමවේදයක් වන බ්ලිට්ස් ක්‍රීඩා කිරීමට කැමති බව ඔහු කියා සිටියා.

 

chess4

කාල්සන් සිද්ධිය ආරම්භ වූයේ ඔහු ජීන්ස් කලිසමක් හා ස්පෝට් කබායක් පැළඳ සිකුරාදා රැපිඩ් චෙස් ලෝක ශූරතාවලියට සහභාගි වූ අවස්ථාවේ. මෙය වෙනස් චෙස් ක්‍රීඩාවක් වූව ද එය පැවැත්වුනේ බ්ලිට්ස් ඉසව්ව සමග ඒකාබද්ධව. දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන නීතිවලට අනුව මෙවැනි තරගාවලියන්ට ජීන්ස් තහනම් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් ඇඳුම් මාරු කිරීමේ පහසුව පිණිස ක්‍රීඩකයන්ට තරග පැවැත්වෙන ස්ථානය අසල ම නවාතැන් ලබා දී ඇති බවත් ලෝක චෙස් සම්මේලනය කියා තිබුනා.

කාල්සන් ට ඩොලර් 200ක් දඩ ගැසූ නිලධාරියෙක් ඔහුට කලිසම මාරු කරන ලෙසට දන්වා සිටිය ද එය කාල්සන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට වට නවයක තරගයකට සහභාගි වීමට අවසර ලැබුනේ නැහැ. එදින ම, ඊට කළින්, තවත් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු වන Ian Nepomniachtchi ට ද ක්‍රීඩා පාවහන් පැළඳ සිටීම හේතුවෙන් දඩ ගැසූ බවත් ඉන්පසු ඔහු එය මාරු කර දිගටම ක්‍රීඩා කළ බවත් සම්මේලනය දන්වා සිටියා.

 

Magnus Carlsen 2 1024x680
තමා වෙනත් ඇඳුමක් ඊළඟ දිනයේ පළඳින බවට කාල්සන් කියා සිටිය ද නිලධාරීන් ඊට එකඟ වුනේ නැහැ. ඒ අනුව ඔහු තරගාවලියෙන් ඉවත් වුනා.

තමා ඇත්තෙන්ම නීතියක් උල්ලංඝනය කර ඇත්දැයි ඉරිදා වීඩියෝ පෝස්ටුවෙන් ප්‍රශ්න කරන කාල්සන්, තරගයට තිබෙන තමාගේ අවධානයට ඇඳුම් මාරු කිරීම අනවශ්‍ය බාධාවක් වීමට ඉඩ තිබුනු බව පැවසුවා. ඔහුට ලැබුනේ විශ්වාස කළ නොහැකි තරමේ දැඩි දඬුවමක් බව ද ඔහු සඳහන් කළා.

“ඇත්ත ට ම මට ඇඳුම මාරු කරන්න තිබුනා. නමුත් පැහැදිලිවම, මට එහෙම කරන්න උවමනා වුනේ නැහැ” යනුවෙන් මැග්නස් කාල්සන් අවධාරණය කළා.


බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි
ඩෙනිම් ඇඳගෙන පැමිණි ලෝක චෙස් ශූරයා තරගාවලියෙන් දොට්ට

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්