leader s

ජාත්‍යන්තර ක්‍රීඩා දිවියක වැඩිම ජයග්‍රහණ ලබා ගැනීමේ ගිනස් ලෝක වාර්තාව පෘතුගාලයේ සුපිරි පාපන්දුව තරුව වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට

ඊයේ පිරිනැමුනා.

එහෙත් ඊට මොහොතකට පසුව ඔහුගෙන් පෙනල්ටියක් ගිලිහී ගියා.

40 හැවිරිදි රොනාල්ඩෝ මේ පෙනල්ටිය සාර්ථකව දැල තුළට එල්ල කිරීමට අසමත් වූයේ ඩෙන්මාර්කය ට එරෙහිව පෘතුගාලය සියුම් ජයග්‍රහණයක් අත්කර ගත් නේෂන්ස් ලීග් තරගය ආරම්භ වී ගතවූ හය වැනි මිනිත්තුවේ.

මේ කණ්ඩායම් දෙක ඉරිදා පෘතුගාලයේ ලිස්බන් අගනුවර මුණගැසුනේ ඔවුන්ගේ අර්ධ අවසන් පූර්ව තරගයේ දෙවැනි අදියර වෙනුවෙන්. ඩෙන්මාර්කය ගෝල් 1-0කින් පළමු අදියර ජය ගෙන තිබුණා.

කෙසේ වෙතත්, තරගයේ ආරම්භක මිනිත්තු දහය තුළ ඩෙන්මාර්කය සමග සම තත්ත්වයට පිවිසීමට පෘතුගාලය ට අවස්ථාව ලැබුණා. ඒ, පෙනල්ටි කලාපය ඇතුළත රොනාල්ඩෝ ට එරෙහිව ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සිදු කළ නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන්. එහෙත් එම පෙනල්ටියේදී රොනාල්ඩෝ පහර පහසුවෙන් වළක්වා ගැනීමට ඩෙන්මාර්ක ගෝල් රකින්නා සමත් වුණා.

මෙය රොනාල්ඩෝ ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවිය තුළ උත්සාහ කළ පෙනල්ටි එල්ල කිරීම් 204න් ඔහුට වැරදුනු 32 වැනි පෙනල්ටිය යි. මෙයින් නවයක් පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී.

ඊයේ වැරදුනු කුරුමානමට පෙර රොනාල්ඩෝ ට පසුගිය ගිම්හානයේ ස්ලොවේනියාව සමග පැවති 2024 Euro තරගයේදී ද පෙනල්ටියක් වැරදුනා. එහෙත් එම තරගය සමව අවසන් වීමෙන් පසුව පැවති පෙනල්ටි ප්‍රහාරයේදී ඔහු සාර්ථක වුනා.

වර්තමානයේ සෞදි අරාබියේ අල්-නසර් කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝගේ ක්‍රීඩා දිවියේ පළමු වැරදුනු පෙනල්ටිය ද ස්ලොවේනියාව ට එරෙහිව වාර්තා වී තිබීම විශේෂත්වයක්. එය සිදුවූයේ 2006 වසරේ.

ඩෙන්මාර්කය සමග ඊයේ පැවති තරගයට පෙර ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ‌ෙඑතිහාසික සම්මානයක් පිරිනැමුනා. රොනාල්ඩෝ තරගය පැවති Estadio Jose Alvalade ක්‍රීඩාංගණයට පිවිසෙද්දී නරඹන්නන් සියලු දෙනා ඔවුන්ගේ අසුන්වලින් නැගිට ඔහුට ගෞරවය පුද කරද්දී තරග නිලධාරීන් රොනාල්ඩෝ ට වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණවල ගිනස් ලෝක වාර්තාව පිරිනැමුවා.

drt36y

රොනාල්ඩෝ ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ජයග්‍රහණ 132ක් ලබා ගෙන සිටින අතර මෙය අනෙක් සියලු ක්‍රීඩකයන් අභිබවා යාමක්. ඔහු අවසාන ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කළේ පසුගිය නොවැම්බරයේ පෝලන්තය ට එරෙහිව.

මේ ජයග්‍රහණ 132 විහිදී තිබෙන්නේ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 217ක් හරහා.

ඩෙන්මාර්කය ට එරෙහිව පැවති ඊයේ තරගය ආරම්භයේ රොනාල්ඩෝගේ පසුබැසීම මධ්‍යයේත් ඔහු තරගයේ 72 වැනි මිනිත්තුවේදී ඔහුගේ 136 වැනි ජාත්‍යන්තර ගෝලය ලබා ගැනීමට සමත් වුණා.

දෙපිල අතර පැවති තරග දෙකෙන්ම ගෝල් 5-3ක ජයක් ලැබූ පෘතුගාලය නේෂන්ස් කුසලාන අවසන් පූර්ව වටයට පිවිසියා. මේ වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් වනුයේ ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය.

අවසන් පූර්ව හා අවසාන තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූනි මාසයේ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්