leader s

ක්‍රීඩිකාවක් උපතින්ම කාන්තාවක්දැයි ස්ථිරව සොයා ගැනීම පිණිස කම්මුලේ පරීක්ෂණයක් හඳුන්වා දීමට ලෝක මලල ක්‍රීඩා පාලකයන් තීරණය කර තිබෙනවා.  


වර්තමාන ක්‍රීඩා ලෝකයේ ඇතිව තිබෙන ස්ත්‍රී - පුරුෂ බවේ ගැටළුවට පිළියමක් ලෙස මේ අලුත් ක්‍රමවේදයට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය අවතීර්ණව සිටිනවා.

Cheek swab test යනුවෙන් හැඳින්වෙන මේ පරීක්ෂණය පිස්නාවකින් මෘදු ලෙස කම්මුල ඇතුල් පැත්තෙන් සෛල සූරමින් DNA එකතු කරගන්නා ක්‍රමවේදයක්.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ තීරණ ගැනීමේ කවුන්සලය විසින් ගෙන තිබෙන මේ තීරණය කාන්තා තරග අංශය ආරක්ෂා කිරීමේ ඇත්තටම වැදගත් ක්‍රමයක් බව එම සම්මේලනයේ ප්‍රධානියා වන සෙබැස්ටියන් කෝ ප්‍රකාශ කරනවා.

lord seb coeසෙබැස්ටියන් කෝ
“මෙය ඉතා වැදගත් ක්‍රමයක් වන්නේ එමගින් කාන්තාවන්ගේ ක්‍රීඩාවේ අවංකත්වය ගැන කතා කරමින් සිටිනවා පමණක් නොව ඇත්තෙන්ම එය තහවුරු කිරීමක් ද සිදුවන නිසා” යනුවෙන් කෝ පවසනවා.

“විශ්වාසය ඇති කරවමින් තරගාවලියන්හි අවංකත්වය කෙරෙහි සම්පූර්ණ අවධානය පවත්වා ගෙන යාමට මෙය ඇත්තටම වැදගත් ක්‍රමයක් බට අපට හැඟෙනවා.”

මේ පරීක්ෂණය හඳුන්වා දීමේ දිනයක් ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් තවමත් ප්‍රකාශයට පත්කර නැති අතර එය මේ වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක ශූරතාවලියට පෙර ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙනවා.

 



මේ කම්මුල් ආශ්‍රිත පරීක්ෂණය හඳුන්වා දීමේ තීරණය ගනු ලැබුවේ එම යෝජනාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කරුණු සොයා බැලීමෙන් පසුව බව කෝ සඳහන් කරනවා.

මේ ප්‍රතිපත්තිය නීතිමය අභියෝගයන් හමු‌වේ නොසැලී තිබෙනු ඇතැයි තමාට විශ්වාස බව ලෝක මලල ක්‍රීඩා සභාපතිවරයා කියනවා.

“අභියෝගවලට කෙළින්ම මුහුණ දෙන්න මම සූදානම් නැත්නම්, මම කිසිවිටකත් ක්‍රීඩාවේ කාන්තා අංශය ආරක්ෂා කරන්න මේ මාර්ගය තෝරා ගන්නේ නැහැ” සෙබැස්ටියන් කෝ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

olympic

ඔහු මේ ප්‍රතිපත්තිය නිවේදනය කළේ සිම්බාබ්වේ හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරී කර්ස්ටී කවෙන්ට්‍රි ජයග්‍රහණය කළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරණයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් සතියකට පසුව.



(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්