ස්කී මත යාමේ ක්‍රීඩා (skiing) නිකේතන හෝටලයක ඇතිවූ ගින්නකින් ඔලිම්පික් ක්‍රීඩකයෙක් සහ ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ස්කී ක්‍රීඩා ලෝකය මහත් කම්පාවට පත්ව සිටින බර්කින් අස්ට (Berkin Usta) ක්‍රීඩකයාගේ මේ ඛේදජනක මරණය ඇසෙන්නේ ඔහුගේ තුර්කි උපන් ගමෙන්.
ගින්න හටගත්තේ තුර්කියේ Bursa ප්‍රාන්තයේ Uludag කන්දේ පිහිටි Kervansaray හෝටලයේ. මේ හෝටලයට ලබා දී තිබූ ඉඳුම් හිටුම් බලපත්‍රය පසුගිය ජනවාරි මාසයේ අවලංගු කර තිබුනා.

කෙසේ වෙතත්, ගින්න හටගත් අවස්ථාවේ එම හෝටලයේ 12 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බව සඳහන්. දුම ආශ්වාස කිරීම නිසා වේදනා විඳිමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා. 24 හැවිරිදි අස්ට හා ඔහුගේ පියා මේ අත්හැර දමා තිබූ හෝටලයේ ලැගුම් ගෙන සිටීමට හේතු වූ කාරණාව පැහැදිලි නැති අතර ගින්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.

මීට මාස දෙකකට පෙර, පාසල් නිවාඩු කාලය අතරතුර තවත් තුර්කි ස්කී හෝටලයක හටගත් බිය උපදවන ගින්නකින් පුද්ගලයින් 79 දෙනෙක් මිය ගියා.
අස්ට සහ ඔහුගේ 57 හැවිරිදි පියා ට මරු කැඳවූ ගින්න උදේ 5.30 ට ආරම්භ වූ බව පැවසෙනවා. ගින්න හටගෙන තිබෙන්නේ හෝටලයේ ආපන ශාලාවේ. අස්ටගේ මව ද මේ තට්ටු හයකින් යුත් හෝටලයේ නවාතැන් ගෙන සිටි බව වාර්තා වූව ද ඇයගේ තත්ත්වය පිළිබඳව මේ දක්වා කරුණු අනාවරණය වී නැහැ.
ගිනි නිවන කණ්ඩායම්වලට ගින්න පාලනය කිරීම සඳහා ගතව තිබෙන්නේ පැය දෙකකට අඩු කාලයක්. නමුත් ඒ වන විට හෝටලයේ ඉහළ තට්ටු විනාශ වී තිබුනා.
මේ ඛේදවාචකයට පැය කිහිපයකට පෙර අස්ට උණුසුම් පෙනුමකින් සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් කතාවට එක්කර තිබුනා. එම ඡායාරූපයේ ඔහු ලී කොටවලින් සාදාගත් ගින්නක් අසල සිටින්නේ දෛවෝපගත දර්ශනයක් සටහන් කරමින්.
ඇල්පයින් උස් කඳුකරයෙහි තුර්කි ජාතික ස්කී ක්‍රීඩකයෙකු බවට අස්ට පත්වූයේ ඔහුගේ පියා වන Yahya Usta අනුගමනය කරමින්.
2022 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැදුනු බර්කින් අස්ට ස්කීක්‍රාෆ්ට් කණ්ඩායමේ නිර්මාතෘවරයෙක්. ඔහුගේ පියා තුර්කි ස්කී හා ස්නෝබෝඩ් ගුරුවරුන්ගේ සංගමයේ සභාපතිව සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






