leader s

කැනේරි දූපත්වල කහ කුරුල්ලන්ගේ වර්ණයෙන් යුත් ජනප්‍රිය බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩා කමිසය වසර ගණනාවක සිට ලෝක කුසලාන සාර්ථකත්වය,

අලංකාර පාපන්දු ක්‍රීඩාව සහ පුරාවෘත්තමය ක්‍රීඩකයන් සමග බද්ධව තිබෙනවා.

කෙසේ වෙතත්, බ්‍රසීල පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට දැන් අලුත් යථාර්ථයක් පිළිගැනීමට සිදුව තිබෙනවා: ඔවුන්ගේ කණ්ඩායම ගොඩක් හොඳ නැහැ. ඇත්තෙන්ම, කණ්ඩායම හොඳටම දුර්වලයි.

2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ මෙහෙයුමේ දැනටමත් දුර්වලව සිටින බ්‍රසීල කණ්ඩායම අඟහරුවාදා ඔවුන්ගේ ක්‍රීඩාවේ පත්ල ට ම ඇද වැටෙමින් සිය ශ්‍රේෂ්ට ප්‍රතිවාදියා වන ආජන්ටිනාව හමුවේ ගෝල් 4-1ක ලජ්ජාශීලී පරාජයක් ලැබුවා.

මේ ජයග්‍රහණයත් සමග ආජන්ටිනාව නිල වශයෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගනිද්දී, තරගයෙන් අත්වූ පරාජයේ තරම විසින් ඇතිකර තිබෙන ඊටත් වඩා විශාල ප්‍රශ්න බ්‍රසීල සංචිතය හා එහි අවාසනාවන්ත කළමනාකරු ඩොරිවාව් ජූනියර් (Dorival Junior) වට කරගෙන තිබෙනවා.

ආජන්ටිනාවේ බුවනොස් අයිරස් අගනුවර පැවති තරගය අවසානයේ ප්‍රදර්ශනය වූ ලකුණු තත්ත්වයේ තරම බ්‍රසීලය ට කනස්සල්ල ඇති කරන අවම හේතුව වී තිබුනා. ආජන්ටිනාව ගෝල් හතරක් පමණක් ලබා ගැනීම මගින් ඩොරිවාව්ගේ කණ්ඩායම ඇත්තෙන්ම ලක්වූයේ බොරු ප්‍රශංසාවකට.

ආජන්ටිනාව ට මීට වඩා ගෝල් ලබා ගැනීමට හැකියාව තිබූ බව සහ ඔවුන් මීට වඩා ගෝල් ලබා ගත යුතුව තිබූ බව කීම අතිශයෝක්තියෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි. තරගය පුරාවට ප්‍රදර්ශනය වූ බ්‍රසීලයේ ආරක්ෂක ක්‍රීඩාව තිබුනේ ආධුනික මට්ටමේ බව පැවසීම ලොව වටා සිටින අනෙකුත් ආධුනික ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට කරන අවමානයක්.

බ්‍රසීලයේ ලෝක පූජිත ක්‍රීඩක නේමා සහ ආජන්ටිනාවේ වශීකරණ ක්‍රීඩක ලයනල් මෙසී මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ.

නේමාගේ නොපැමිණීම අවධානයට ලක්නොවී තිබුනේ නැහැ. දකුණු අමෙරිකාවේ ඉහළම පාපන්දු බලවේගය ලෙසින් ආජන්ටිනාව ට තිබෙන තත්ත්වය නැවත තහවුරු වීමෙන් පසුව නේමා ට නින්දා කිරීමට හටගත් ආශාව මැඩපවත්වා ගැනීමට ආජන්ටිනාවේ ජනාධිපති හබියෙර් මිලෙයි (Javier Milei ට බැරිවුණා.

ජනාධිපතිවරයා නේමා ට මෙසේ සමච්චල් කළා:

“පාටි දැමීම සඳහා නේමා ට තිබෙන විශාල කැමැත්ත ගැන සලකා බලන විට, ඔහුට මේ නැටුම මගහැරී යාම පුදුමයක්.”


මිලෙයිගේ මේ දරුණු විවේචනය බ්‍රසීල පරාජයේ තුවාලයට ලුණු දැමීමක් ලෙස සැලකෙනවා. විටින් විට ඇතිවන ආබාධ හේතුවෙන් කලක් තිස්සේ පාපන්දු තරග බිමේ දක්නට නොලැබුණු නේමා පාටි දැමීමට රුසියෙක් බවට ප්‍රසිද්ධයි.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්