ලෝක කුසලාන කොටස් පෞද්ගලික අංශයට විකිණීමේ යෝජනාව හකුලා ගැනීමෙන් පසු එල්ල වූ දැඩි විවේචන
එංගලන්තය, වේල්සය සහ ජෝර්දානය ඇතුළු විදේශීය පාපන්දු සම්මේලන රැසක සහයෝගය අහිමි වෙයි
මොරොක්කෝවේදී හදිසි හමුවක් සහ අර්බුදයේ ආරම්භය
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ (Gianni Infantino) හට එල්ල වී ඇති දැඩි පීඩනය හමුවේ, හදිසි සාකච්ඡාවක් සඳහා ෆීෆා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මොරොක්කෝවේ රබාට් අගනුවර වෙත කැඳවා තිබේ.
ලෝක කුසලාන තරගාවලියට අදාළ කොටස් පෞද්ගලික ආයෝජකයන් වෙත අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් බිලියන 20ක "FIFA Forward Enterprise" (FFE) ව්‍යාපෘතිය කෙරෙහි එල්ල වූ දැඩි විවේචන හමුවේ එය තාවකාලිකව අත්හැරීමට සිදුවීමෙන් පසු මෙම සංකීර්ණ තත්ත්වය නිර්මාණය විය. මෙම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) මෙන්ම ෆීෆා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සිය අප්‍රසාදය පළ කර තිබුණි.
ගෝලීය පාපන්දු සම්මේලනවල සහයෝගය අහිමි වීම

යෝජිත ව්‍යාපෘතිය හකුලා ගැනීමට කටයුතු කළ ද, ජියානි ඉන්ෆන්ටිනෝගේ නායකත්වය කෙරෙහි පැවැති විශ්වාසය බිඳ වැටී ඇති බව පවසමින් රටවල් රැසක පාපන්දු සම්මේලන ඉදිරි සභාපතිවරණයේදී ඔහුට ලබාදීමට තිබූ සහයෝගය ඉල්ලා අස්කර ගනිමින් සිටියි.
එංගලන්තය, වේල්සය, ස්වීඩනය, ෆින්ලන්තය සහ සර්බියාව යන රටවල පාපන්දු පාලක මණ්ඩල ඒ අතර වේ. මේ අතර, ජෝර්දාන පාපන්දු සම්මේලනයේ සභාපති අලි බින් හුසේන් කුමරු (Prince Ali bin Hussein) චෝදනා කරන්නේ, තමුන්ට හිමිවිය යුතු ත්‍යාග මුදල් සහ සහන ලබාදීමට නම් ඉන්ෆන්ටිනෝට සහය පළකරන ලෙසට බලපෑම් එල්ල වූ බවයි. එම ක්‍රියාව "බ්ලැක්මේල් කිරීමක්" ලෙස අර්ථගන්වමින් හෙතෙම කියා සිටියේ කිසිසේත්ම ඉන්ෆන්ටිනෝට සහය නොදක්වන බවයි.
අභ්‍යන්තර මතභේද සහ විදේශීය දේශපාලන බලපෑම්
මතියස් ග්‍රාෆ්ස්ට්‍රෝම්
ෆීෆා හි මහා ලේකම් මතියස් ග්‍රාෆ්ස්ට්‍රෝම් (Mattias Grafstrom) අභ්‍යන්තර කාර්ය මණ්ඩලය වෙත යැවූ පණිවිඩයක දක්වා ඇත්තේ මෙම සිදුවීම් මාලාව "කණගාටුදායක සහ පිළිගත නොහැකි" එකක් වුවද, ආයතනයේ ඉදිරි ඉදිරිගමන වෙනුවෙන් කැපවී කටයුතු කරන ලෙසයි. එමෙන්ම, ෆීෆා හි ගෝලීය පාපන්දු සංවර්ධන ප්‍රධානී අර්සීන් වෙනගර් (Arsène Wenger) ද සඳහන් කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය අත්හැරීම විනිවිදභාවය වෙනුවෙන් ගත් අත්‍යවශ්‍ය තීරණයක් බවයි.
අර්බුදය හමුවේ ඉන්ෆන්ටිනෝ ඇමෙරිකානු එක්සත් ජනපද පරිපාලනයේ සහය ලබාගැනීමට උත්සාහ කරන බවට මාධ්‍ය වාර්තා පළ වුවද, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම පුවත් ප්‍රතික්ෂේප කර ඇත. ඉන්ෆන්ටිනෝ ධුරයෙන් ඉවත් වන්නේ නම් ඊට පත්වන මීළඟ නායකයා ලෙස නෝර්වේ පාපන්දු සම්මේලනයේ සභාපතිනි ලීස් ක්ලැවනෙස් (Lise Klaveness) පත් විය යුතු බවට හිටපු ෆීෆා සභාපති සෙප් බ්ලැටර් (Sepp Blatter) යෝජනා කර තිබේ.
මුලාශ්‍රය :
Infantino controversy latest: Embattled FIFA boss summons senior staff for emergency talks








