leader s

නරාටිවාට් ‘ගොලොක් කුසලාන’ තරගාවලිය අතරතුර සිදුවූ බියකරු ඛේදවාචකය


අර්ධ වෘත්තීය කොන්ත්‍රාත්තුවකට එළඹි 24 හැවිරිදි සෆ්වාන් අවේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට


පාපන්දු තරගයකට අකුණු වැදීමෙන් ක්‍රීඩකයෙකු මිය ගොස් තවත් ක්‍රීඩකයින් 12 දෙනෙකුට තුවාල සිදුවූ බිය ගන්වන පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.

ප්‍රචණ්ඩ මෝසම් වර්ෂාව මැද ක්‍රීඩකයින් තරගයේ ක්‍රීඩා කරමින් සිටියදී ඇස් අන්ධ කරවන අකුණක් වැදී පිටිය ආලෝකමත් වන අයුරු දිස්වන බියකරු අවස්ථාව වීඩියෝවකින් දර්ශනය වනවා. විශාල අකුණ පිටිය මත වැදීමෙන් පසුව එයින් ගිනිදැල් මතුවෙමින් දුමාරය අහසට පිටව යන අයුරු ද වීඩියෝවේ පෙනෙන්නට තිබෙනවා.


අකුණ වැදීමෙන් මිය ගොස් තිබෙන්නේ Safwan Awae නමැති 24 හැවිරිදි ක්‍රීඩකයෙක්.

භීතියට පත් ක්‍රීඩකයින් හා නරඹන්නන් පිටිය හරහා දිව යද්දී කණ්ඩායම් සගයින් එම ක්‍රීඩකයාට යළි සිහිය ලබා දීමට දැඩි උත්සාහයක් ගත්තා.

අනතුරට ලක්වූ ක්‍රීඩකයා වේගයෙන් පතිත වන වර්ෂාවෙන් ආවරණය කර ගැනීම පිණිස කුඩ ඉහළා ගෙන ස්ට්‍රෙචරයක් රැගෙන ආ සෙනඟ ඔහු වටා රොක්වන අයුරු ද එම වීඩියෝවෙන් දර්ශනය වනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හදිසි සේවා කණ්ඩායම් අකුණු සැරට ලක්වූ ක්‍රීඩකයා රෝහලට ගෙන ගොස් ඇත්තේ ඔහු බරපතල තත්ත්වයේ සිටියදී. ඔහු මිය ගිය බව පොලිසිය දන්වා සිටීමත් සමග තරගය අහෝසි කිරීමට සිදුවුණා.

අකුණු ප්‍රහාරයෙන් තවත් ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුට පිළිස්සීම් තුවාල සිදුවූ අතර මැලේසියානු පාපන්දු ක්‍රීඩකයෙකු වන 22 හැවිරිදි Alif Ezzahan Zulkifli ද තුවාල ලැබූවන්ගෙන් කෙනෙක්.

මේ ඛේදවාචකය සිදුවුනේ නරාටිවාට් පළාතේ සැන්ටිපාප් ක්‍රීඩාංගණයේ පැවති Golok Cup ප්‍රාදේශීය තරගාවලිය අතරතුර. තායිලන්තය හා මැලේසියාවේ දේශීය හා මිශ්‍ර ආධුනික කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි වුණා.

දෙපස හා ඉදිරිපෙල යන ස්ථාන දෙකේ ම ක්‍රීඩකයෙකු වන මිය ගිය Safwan මෑතකදී ඔහුගේ යාවජීව අභිලාෂයක් සම්පූර්ණ කර ගනිමින් අර්ධ-වෘත්තීය පාපන්දු කණ්ඩායමක් වන FC Yala සමාජය සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබුණා. මේ කණ්ඩායම තායි ලීග් 3 දකුණු කලාපීය තරගාවලියේ ක්‍රීඩා කරනවා.

අග්නිදිග ආසියාව මේ දිනවල එහි වැසි වාරයේ ඉහළම තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා. මැයි සිට ඔක්තෝබර් දක්වා අපේක්ෂිත මේ දේශගුණය යටතේ කලාපය හරහා ගිගුරුම් සහිත කුණාටු හා ගංවතුර ඇතිවීම බහුලව සිදුවනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්