Manchester Super Giants කණ්ඩායමේ ජොස් බට්ලර් Hundred තරගාවලියේ Welsh Fire කණ්ඩායමට එරෙහි තරගයේදී මාකෝ ජැන්සන්ගේ පන්දුවට ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා මණ්ඩපයට පිටුපසින් පිහිටි හෝටලයේ බැල්කනියට හයේ පහරක් එල්ල කළා.
ඒ පහරත් සමග මේ හිටපු එංගලන්ත සීමිත ඔ්වර ක්‍රිකට් නායකයා විස්සයි20 (T20) ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණුලාභියා ලෙස ඉතිහාස පොතට එක්වුණේ ලකුණු 14,833ක් වාර්තා කරමින්. නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු අභිබවා ගියේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කීරන් පොලාඩ්ගේ ලකුණු 14,803.
35 හැවිරිදි බට්ලර් අංක 3 පිතිකරුවා ලෙසින් කඩුල්ලට පිවිස පන්දු 20කින් ලකුණු 51ක් රැස් කළේ ඔහුගේ ජාත්‍යන්තර සීමිත ඔ්වර තරග 522ක අපූර්ව ක්‍රීඩා දිවියේ තවත් අතිවිශිෂ්ට ඉනිමක් සටහන් කරමින්.
විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි පිතිකරණ තත්ත්වයක සිටින බට්ලර් විස්සයි20 ක්‍රිකට් තරග සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වන Hundred තරග බිමේ ඔහුගේ අවසාන තරග හතරෙන් තුනකදී ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබෙනවා. ඔහු ක්‍රීඩා කළ ආසන්නතම ජාත්‍යන්තර තරගයේදී බට්ලර් ඉන්දියාව ට එරෙහි ජයග්‍රහණයේදී පන්දු 64කින් ලකුණු 131ක් රැස් කිරීමට සමත් වුණා.
2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය ශූරතාව කරා මෙහෙයවූ ජොස් බට්ලර් ජාත්‍යන්තර T20 තරග 160කදී ලකුණු 4,212ක් ද, Hundred තරග 31කදී ලකුණු 1,192ක් ද ලබා ගෙන තිබෙනවා. ඉන්දියා ප්‍රිමිය ලීගයේ ද (IPL) මුම්බායි ඉන්ඩියන්ස්, රාජස්තාන් රෝයල්ස් හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් තුන නියෝජනය කර ඇති බට්ලර් එම තරග බිමේදී ශතක 7ක් සහ අර්ධ ශතක 28ක් සමග ලකුණු 4,646ක් සටහන් කර තිබෙනවා.
T20 තරගවල වැඩිම ලකුණුලාභියෝ
* ජොස් බට්ලර් - තරග 522, ඉනිම 492, ලකුණු 14,833, සාමාන්‍යය 35.48, ප්‍රහාරක වේගය 147.24, වැඩිම ලකුණු 131.
* කීරන් පොලාඩ් - 746, 663, 14803, 31.76, 151.0, 104
* ක්‍රිස් ගේල් - 463, 455, 14562, 36.22, 144.8, නොදැවී 175
* ඇලෙක්ස් හේල්ස් - 528, 523, 14449, 29.91, 144.5, නොදැවී 119
* ඩේවිඩ් වෝනර් - 439, 438, 14284, 37.29, 140.8, නොදැවී 135
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








