leader s

අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකට නික්ම යාමේදී ඉලක්කම් හයක වන්දි මුදලක් සහ MBA පාඨමාලා ගාස්තු ගෙවූ බවට හෙළිදරව්වක්


FIFA ප්‍රකාශකයන් චෝදනා ප්‍රතික්ෂේප කරද්දී ඉන්ෆන්ටීනෝගේ ඉල්ලා අස්වීම ඉල්ලා යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයෙන් දැඩි බලපෑමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) මහලේකම්වරයා ලෙස සිටියදී ඔහුගේ පෙම්වතිය යැයි කියනු ලබන කාන්තාවකට ඉලක්කම් හයේ මුදලක් ගෙවූ බවට වාර්තා වනවා.

යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ ඉහළම නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි 56 හැවිරිදි ඉන්ෆන්ටීනෝ සමග තිබුණා යැයි කියන ආදර සබඳතාවෙන් පසුව ඇයට මේ මුදල ලබා දුන් බවට එංගලන්ත පුවත්පතක් වාර්තා කරනවා. එම සබඳතාව අතරතුර ඉන්ෆන්ටීනෝ ඇයට උසස් වීමක් ලබා දුන් බවට ද චෝදනා කර තිබෙනවා.

විවාහ වී සිටින සිවු දරු පියෙකු වන ඉන්ෆන්ටීනෝ ඔහුගේ මේ අනියම් බිරිය ඉවත්ව යන්නේ ලොකු මුදලක් අතැතිව බවට වගබලාගත් බව ද UEFA හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසනවා.

ඇය පිටව යාමෙන් පසුවත් යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය මේ කාන්තාවට ව්‍යාපාර පාසලක ව්‍යාපාර පරිපාලනවේදී (MBA) පාඨමාලාවක් හැදෑරීම පිණිස මුදල් ගෙවා ඇතැයි ද හෙළි වී තිබෙනවා.

ඉලක්කම් හයක නික්ම යාමේ ගෙවීමක් සිදුකර තිබෙන බවත් එම කාන්තාව ඉන්ෆන්ටීනෝ සමග පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගිය බවට නැගෙන චෝදනාව පිළිබඳව දැනුවත්ව සිටින බවත් UEFA ඊයේ රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක් මගින් පිළිගෙන තිබෙනවා.

මේ සිද්ධියෙන් පසුව ඔවුන් නවීන, උසස් තත්ත්වයේ සංවිධානයක් පිළිබිඹු කරන නීති පනවා ඇතැයි ප්‍රකාශ කරනවා.

2000 වසරේදී UEFA සමග එක්වූ ඉන්ෆන්ටීනෝ FIFA සභාපති වශයෙන් පත්වීම පිණිස 2016 පෙබරවාරියේ පිටව යාමට පෙර යුරෝපීය පාපන්දුව සමග වසර 16ක් ගත කළා.

ඉන්ෆන්ටී‌නෝ ට එල්ල වී තිබෙන මේ චෝදනා ඔහු දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් FIFA ප්‍රකාශකයෙක් පවසනවා.

ඉන්ෆන්ටීනෝගේ හැසිරීම සම්බන්ධයෙන් UEFA සහ FIFA හි කිසිම සේවකයෙක් කිසිදිනක චෝදනාවක් නගා නැති බවත් ඒ ඔහු සම්බන්ධයෙන් කිසිම සිදුවීමක් නොතිබූ නිසා බවත් එම ප්‍රකාශකයා කියනවා.

UEFA මුදල් අවභාවිතා කළ බවට චෝදනා කෙරෙන සිද්ධිය ඇතිව තිබෙන්නේ ඉන්ෆන්ටීනෝ එහි මහලේකම්වරයාව සිටියදී බව පැවසෙන අතර ප්‍රේම සම්බන්ධය පැවැත්වෙන අතරතුර එම කාන්තාව කළමනාකාර තත්ත්වයකට උසස් කරනු ලැබූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එකල UEFA සභාපතිවරයාව සිටි මයිකල් ප්ලැටිනි මේ සබඳතාව පිළිබඳව ඉන්ෆන්ටීනෝ ට අභියෝග කර තිබෙන අතර ඇය ලොකු මුදල් ගෙවීමක් සමග පිටව යනු ඇති බවට එකඟ වී ඇතැයි පැවසෙනවා.

නික්ම යාමේ මුදලට අමතරව එකඟත්ව ගිවිසු‌මේ කොටසක් වශයෙන් එම කාන්තාවට වසරකට පවුම් 45,000ක ගාස්තුවක් අය කරන ව්‍යාපාර විදුහලක MBA පාඨමාලාවක් හැදෑරීම පිණිස ද ‌මුදල් ලබා දී තිබෙනවා.

කාන්තාව යුරෝපීය පාපන්දුවෙන් ඉවත්ව යද්දී ඇයට ඒ හා සමාන ක්ෂේත්‍රයක විශාල වැටුපක් ලැබෙන නව තනතුරක් ලබා දීම සඳහා ඉන්ෆන්ටීනෝ ඔහුගේ වෘත්තීය සම්බන්ධකම් පාවිච්චි කළ බවට ද චෝදනා නැගී තිබෙනවා.

චෝදනා පිළිබඳව දැනුවත්ව සිටින බවත් කාන්තාවට පිටව යාමේ මුදලක් ගෙවූ බවට ස්ථිර කළ හැකි බවත් ඒ සමග දේශීය ව්‍යාපාර පාසලකදී MBA පාඨමාලාවකට සහභාගි වීම පිණිස ගෙවීමක් සිදුකළ බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

එම ගෙවීම ඒ වකවානුවේ පිටව ගිය සේවක මණ්ඩලය වෙනුවෙන් තිබූ නීතිවලට අනුකූල බවත් ඔහු කියා සිටිනවා.

“ඒ නීති 2026 වසරේ සිට දැඩි කර තිබෙන අතර ඔ්නෑම තරාතිරමක සිටින සියලු UEFA සේවකයින්ට බලපාන වර්තමාන සේවක මණ්ඩල නීති රීති නවීන හා උසස් මට්ටමේ සංවිධානයක තිබෙන නීති පිළිබිඹු කරනවා.”

තමාගේ ආදරවන්තිය යැයි කියනු ලබන කාන්තාවට UEFA රැකියාවේ උසස් වීම් ඉන්ෆන්ටීනෝ විසින් ලබා දී තිබෙන්නේ සියයට 30ක වැටුප් වැඩිවීමක් සහ පවුම් 147,000ක වේතනයක් සමග බවට අනාවරණය වී තිබෙනවා.

රැකියාවේදී සිදුවූ ඇයගේ වේගී නැගීම විසින් ඇය සමග එකට වැඩ කරන්නන් අන්දමන්ද කරනු ලැබුවේ ඇයව ඉහළට ගෙන යාම සඳහා ඉන්ෆන්ටීනෝ ඔහුගේ තනතුර අනිසි ලෙස භාවිතා කරන බවට ඔවුන්ගේ අවධානය යොමු වෙමින්.

ඉන්ෆන්ටීනෝ UEFA හි සිය ධූර කාලය තුළ පවුම් බිලියන1.2ක් පමණ ආදායමක් හා රටවල් 53ක් ආවරණය වන පාපන්දු අධිරාජ්‍යයක් අධීක්ෂණය කළා.

ඉන්ෆන්ටීනෝ ට ඔහුගේ බිරිඳ ලීනා අල් අෂ්කා මුණගැසුනේ ඇය ලෙබනන් පාපන්දු සම්මේලනයේ සේවය කරමින් සිටියදී. 2001 වසරේ විවාහ වූ මේ යුවලට දරුවන් සිවු දෙනෙක් සිටිනවා. UEFA හි ඔහුගේ අනියම් සබඳතාව ගැන බිරිඳ දැන සිටින්නේ ද යන්න පිළිබඳව වාර්තා වී නැහැ. මෙය වඩාත් බැරෑරුම් තත්ත්වයට පත්වූයේ මයිකල් ප්ලැටිනි එය දැනගත් විට බව වාර්තා වනවා. ඉන්ෆන්ටීනෝ ‌හෝ කාන්තාව යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයෙන් ඉවත් විය යුතු බවට ප්ලැටිනි විසින් ඉන්ෆන්ටීනෝ ට පැවසූ බවට දැනගන්නට තිබෙනවා.

මේ හෙළිදරව්ව සිදුවන්නේ ඉන්ෆන්ටීනෝ 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් වී දින නවයකින් නිවේදනය කළ ලෝක කුසලානයේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමේ සැලැස්ම බිඳ වැටීමෙන් පසුව. මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වර්ජනය කරන බවට UEFA ඡන්ද 55-0කින් තර්ජනය කිරීමෙන් පසුව එම සැලසුම පරාජයට පත්වුණා. ඉන්පසුව උතුරු හා මධ්‍යම අමෙරිකානු රටවල් හා ආසියානු පාපන්දු සම්මේලනය ද එම සැලැසුම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කළා. FIFA සභාපති තනතුරෙන් ඉන්ෆන්ටීනෝ වහාම ඉවත් නොවුනහොත් වර්ජනය දිගටම ගෙන යන බවට යුරෝපීය පාපන්දුව අවධාරණය කර තිබෙනවා.

මොරොක්කෝවේදී තමාගේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය මේ සතියේ මුණගැසීමෙන් පසුව තමාට තනතුරෙන් ඉවත් වීමට අදහසක් නැති බව සිය අභ්‍යන්තර කවයට කියා ඇති ජියානි ඉන්ෆන්ටීනෝ, සභාපති තනතුර රැකගැනීම පිණිස තමාට සහයෝගය ලබා දෙන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇතැයි පැවසෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්