leader s

1986 ලෝක කුසලානයේ අමරණීය 'ශතකයේ ගෝලය' වාර්තා කළ ඓතිහාසික පාපන්දුවට ඇමෙරිකාවෙන් ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5ක්


Heritage Auctions ආයතනය මෙහෙයවන වෙන්දේසියේදී පාපන්දු ඉතිහාසයේ අධිකම මිලට අලෙවි වන සංකේතාත්මක මතක සටහනක් බවට පත්වීමේ සූදානමක්

1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය ට එරෙහි ආජන්ටිනා ජයග්‍රහණයේදී ඩිඑගෝ මැරඩෝනා ඔහුගේ කුප්‍රකට ‘දේව හස්තය’ ගෝලය ලබා ගැනීම සඳහා භාවිතා කළ බෝලය මේ මාසයේ පැවැත්වෙන අමෙරිකානු වෙන්දේසියකදී ඩොලර් මිලියන 10කට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙක්සිකෝ නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවති ඒ අර්ධ අවසන් පූර්ව තරගයේදී මැරඩෝනා එම ආන්දෝලනාත්මක ගෝලය ලබා ගත්තේ පන්දුවට මිටින් පහර දී එය එංගලන්ත ගෝල්රකින්නා පසුකර දැල තුළට යවමින්. අවසානයේදී ආජන්ටිනාව ගෝල් 2-1ක් ලෙස තරගය ජය ගත්තා.

එම ගෝලය තමා ලබා ගත්තේ “මැරඩෝනාගේ හිසෙන් පොඩි කොටසකුයි දෙවියන්ගේ හස්තයෙන් කුඩා කොටසකුයි සමග” බව ආජන්ටිනා තරුව තරගයෙන් පසුව කියා සිටියා. ඔහුගේ සුපිරි ක්‍රීඩාව හේතුවෙන් ආජන්ටිනාව ට ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවුණා.

එම ජයග්‍රහී බෝලය අගෝස්තු 21 සිට 23 දක්වා පැවැත්වෙන වෙන්දේසියේදී ඉලක්කම් අටේ මුදලකට අලෙවි වනු ඇතැයි ටෙක්සාස් හි Heritage Auctions ආයතනය අපේක්ෂා කරනවා. ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5ක් ලෙස නියම කර තිබෙනවා.

පැහැදිලිවම, පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම ‌ෙඑතිහාසික බෝලය මෙය බව වෙන්දේසි සමාගම ප්‍රකාශ කරනවා.

ඒ තරගයේදී ම ‘ශතකයේ ගෝලය’ ලෙසින් පසුව ජනප්‍රිය වූ ගෝලය වාර්තා කිරීම සඳහා ද මැරඩෝනා පාවිච්චි කළේ මේ බෝලය ම යි. එහිදී ගෝල්රකින්නා පසුකර ගොස් ගෝලය ලබා ගැනීමට පෙර මැරඩෝනා බෝලය සෙමෙන් සෙමෙන් හසුරුවමින් එංගලන්ත ආරක්ෂක පෙල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුවම අභිභවා යාමට සමත් වුණා.

ඒ ගෝල දෙක ම සංකේතාත්මක හා අමතක නොවන වික්‍රමයන් ලෙස සටහන්ව තිබෙනවා.
2020 වසරේ නොවැම්බර් මාසයේ මිය ගිය මැරඩෝනා, ආජන්ටිනා-එංගලන්ත තරගයේ පැළඳි ජර්සිය වඩාත්ම මිල අධික පාපන්දු කමිසය ලෙස තවමත් වාර්තාව උසුලනවා. එහි මිල ඩොලර් මිලියන 9.3ක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්