පිරිමි කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් පිටියට; කාන්තා පළමු ගැටුම 18 වැනිදා මැලේසියාවට එරෙහිව
විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා ක්‍රිකට් සටනේ සම්පූර්ණ කාලසටහන මෙන්න
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයුම සැප්තැම්බර් 29 වැනිදා ආරම්භ වනවා. ඔවුන්ගේ ආරම්භක ප්‍රතිවාදීන් වනු ඇත්තේ ඇෆ්ගනිස්තානය, ජපානය හා නේපාලය යන කණ්ඩායම් අතරෙන් ‘ඒ’ කොටසේ ජයග්‍රාහකයින් වන කණ්ඩායම.
පිරිමි ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ට අමතරව ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය කෙළින්ම සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් සමග ‘ඒ’ හා ‘බී’ කොටස්වල ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට එක්වනවා.
හොංකොං චීනය, මැලේසියාව හා ඕමානය බී’ කොටසට ඇතුළත්ව සිටිනවා.
ආසියානු ක්‍රීඩා පිරිමි ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 24 වැනි දින ආරම්භ වන අතර පදක්කම් සඳහා වන තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝබර් 3 වැනිදා.
පිරිමි හා කාන්තා ක්‍රිකට් තරගාවලියන් දෙක ම ක්‍රීඩා කෙරෙන්නේ විස්සයි20 ක්‍රිකට් ව්‍යුහයෙන්. කාන්තා තරගාවලිය සැප්තැම්බර් 17 ආරම්භ වී සැප්තැම්බර් 22 පැවැත්වෙන පදක්කම් තරගවලින් අවසන් වනවා.
කාන්තා තරගාවලිය
කණ්ඩායම් අටක් සහභාගි වන ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් තරගාවලිය කෙළින්ම පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමවේදයෙන් ඇරඹෙන්නේ අර්ධ අවසන් පූර්ව තරග හතරකින්.
ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කරන්නේ මැලේසියාව සමග පැවැත්වෙන තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන්.
කාන්තා අවසන් පූර්ව තරග සැප්තැම්බර් 20 වැනි දින ක්‍රීඩා කිරීමෙන් පසුව පදක්කම් තරග ඊට දින දෙකකට පසුව පැවැත්වෙනවා.
2023 වසරේ චීනයේ Hangzhou නගරයේ පැවති පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි හා කාන්තා ක්‍රිකට් රන් පදක්කම් දෙක ම දිනා ගත්තේ ඉන්දියාව.
කාන්තා තරග සටහන (ශ්‍රී ලංකා වේලාවෙන්)
සැප්තැම්බර් 17 පෙරවරු 5.30 - බංග්ලාදේශය හා චීනය
සැප්තැම්බර් 17 පෙරවරු 10.30 - පාකිස්තානය හා තායිලන්තය
සැප්තැම්බර් 18 පෙරවරු 5.30 - ශ්‍රී ලංකාව හා මැලේසියාව
සැප්තැම්බර් 18 පෙරවරු 10.30 -ඉන්දියාව හා ජපානය
සැප්තැම්බර් 20 පෙරවරු 5.30 - අවසන් පූර්ව තරගය
සැප්තැම්බර් 20 පෙරවරු 10.30 - අවසන් පූර්ව තරගය
සැප්තැම්බර් 22 පෙරවරු 5.30 - තෙවැනි ස්ථානය සඳහා තරගය
සැප්තැම්බර් 22 පෙරවරු 10.30 - අවසාන තරගය
පිරිමි තරග සටහන (ශ්‍රී ලංකා වේලාවෙන්)
සැප්තැම්බර් 24 පෙරවරු 5.30 - ඇෆ්ගනිස්තානය හා ජපානය (‘ඒ’කොටස)
සැප්තැම්බර් 24 පෙරවරු 10.30 - හොංකොං චීනය හා මැලේසියාව (බී)
සැප්තැම්බර් 25 පෙරවරු 5.30 - හොංකොං චීනය හා ඔ්මානය (බී)
සැප්තැම්බර 25 පෙරවරු 10.30 - ඇෆ්ගනිස්තානය හා නේපාලය (ඒ)
සැප්තැම්බර් 26 පෙරවරු 5.30 - ජපානය හා නේපාලය (ඒ)
සැප්තැම්බර් 26 පෙරවරු 10.30 - මැලේසියාව හා ඔ්මානය (බී)
සැප්තැම්බර් 28 පෙරවරු 5.30 - අර්ධ අවසන් පූර්ව තරගය
සැප්තැම්බර් 28 පෙරවරු 10.00 - අර්ධ අවසන් පූර්ව තරගය
සැප්තැම්බර් 29 පෙරවරු 5.30 - ශ්‍රී ලංකාවේ අර්ධ අවසන් පූර්ව තරගය
සැප්තැම්බර් 29 පෙරවරු 10.00 - අර්ධ අවසන් පූර්ව තරගය
ඔක්තෝබර් 1 පෙරවරු 5.30 - අවසන් පූර්ව තරගය
ඔක්තෝබර් 1 පෙරවරු 10.00 - අවසන් පූර්ව තරගය
ඔක්තෝබර් 3 පෙරවරු 5.30 - තෙවැනි ස්ථානය සඳහා තරගය
ඔක්තෝබර 3 පෙරවරු 10.00 - අවසාන තරගය
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








