leader s

බලය අවභාවිත කිරීම සහ ට්‍රම්ප් සමග ඇති දේශපාලන සබඳතා මුල් කරගනිමින් FIFA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ලක්ෂයකට අධික පිරිසක් සදාචාර ප්‍රතිපත්ති කමිටුවට පෙත්සමක් බාර දෙති.


ලෝක කුසලානය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහය හකුළා ගැනීමෙන් පසු ඉන්ෆන්ටීනෝට එරෙහි විරෝධය දැඩි වෙයි; එංගලන්තය සහ වේල්සය සහාය ඉවත් කරගනිද්දී යුරෝපයෙන් නීතිමය පියවර.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ධූරයෙන් ඉවත් වන ලෙසට ජියානි ඉන්ෆන්ටීනෝ ට බල කරමින් ඉදිරිපත් කරන පැමිණිල්ලට පුද්ගලයින් 100,000කට වැඩියෙන් අත්සන් කර තිබෙනවා.

FIFA නැවත පණ ගන්වන ලෙසට ගෙන යන මෙහෙයුම සඳහා මෙවැනි යෝධ තල්ලුවක් ලැබී තිබෙන්නේ 56 හැවිරිදි ඉන්ෆන්ටීනෝ අරබයා හටගෙන තිබෙන මතභේදය නොකඩවා පැවැත්වෙමින් තිබියදී.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉන්ෆන්ටීනෝගේ තිබෙන සමීප සබඳතාව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

බලය අවභාවිත කිරීම, දේශපාලනික මධ්‍යස්ථභාවයේදී තම රාජකාරිය උල්ලංඝනය කිරීම හා මධ්‍යස්ථව සිටීමේ කාරිය කඩකිරීම ඉන්ෆන්ටීනෝ ට එල්ල වී තිබෙන චෝදනා වනවා.


'Reboot FIFA' පෙරමුණ සහ චෝදනා මාලාව

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නැවත පණ ගැන්වීමේ Reboot FIFA මෙහෙයුම ලෝක කුසලාන තරගාවලියට පෙර දියත් කෙරුනේ එම සම්මේලනයේ අසමත් වීම් මතුකර දැක්වීමටයි. අමෙරිකානු ක්‍රීඩක ෆොලරින් බැලගන් ට නිකුත් කළ රතු කාඩ්පත ආපසු වෙනස් කිරීමට FIFA ගත් තීරණයෙන් මේ මෙහෙයුම තරගාවලිය අතරතුර වර්ධනය වුණා.

ලෝක කුසලානයේ කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ මෑතකදී හකුළා ගනු ලැබූ සැලැස්ම නිසා මේ මෙහෙයුම දැන් විස්මයට පත් කරන අත්සන් ලක්ෂයක් දක්වා ලියලා ගොස් තිබෙනවා. ඉන්ෆන්ටීනෝ ට එරෙහිව පියවර ගන්නා ලෙසට ඉල්ලමින් Reboot FIFA සහ Fair Square නමැති නීතිඥ සමූහය මේ පැමිණිල්ල ඊයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සදාචාර ප්‍රතිපත්ති කමිටුව ඉදිරිපත් කර තිබෙනවා.

සදාචාර ප්‍රතිපත්ති කමිටුව නිහඬයි: නීතිඥ කණ්ඩායම් මැදිහත් වෙයි

වගකීම වෙනුවෙන් වන මේ පැමිණිල්ලට පුද්ගලයින් 100,000ක් තනි තනිව ඔවුන්‌ගේ නම් එකතු කිරීමෙන් මේ සඳහා තිබෙන මහජන සැලකිල්ලේ වැඩිවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ප්‍රදර්ශනය වන බව Fair Square ලිපියේ සඳහන් වනවා.

‘පාපන්දුවේ අවංකත්වය හා කීර්තිය’ දිගටම ගෙන යාමේ ඉතා වැදගත් කාර්යය ස්වාධීන අධිකරණ මණ්ඩලයට පැවරී තිබියදී සදාචාර ප්‍රතිපත්ති කමිටුව ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් නැති බවත් ඔවුන් නියමිත කඩිනම, විනිවිදභාවය හා බරපතලකමෙන් යුතුව ක්‍රියා කරන බව ද මෙහිදී පෙන්විය යුතු බවත් එම නීතිඥ සමූහය ප්‍රකාශ කරනවා.

2025 දෙසැම්බරයේදී මුලින්ම ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලට නෝවේ පාපන්දු සම්මේලනය ප්‍රසිද්ධියේම ඔවුන්ගේ සහාය පළ කර තිබුණා. කෙසේ වෙතත්, කමිටුවෙන් ඊට කිසිම ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ට්‍රම්ප් මිත්‍රත්වය සහ යුරෝපයේ විරෝධය

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මංගල සාම ත්‍යාගය පසුගිය වසරේදී ට්‍රම්ප් ට පිළිගැන්වීමේ තීරණයෙන් පසුව ඉන්ෆන්ටීනෝ‌ගේ දේශපාලනමය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය පිළිබඳව ද ප්‍රශ්න කර තිබෙනවා.

දශකයක කාලයක් FIFA බාරව කටයුතු කිරීමෙන් පසුව සභාපති ඉන්ෆන්ටීනෝ ට එල්ල වන බලපෑම වැඩි වෙමින් තිබීම මධ්‍යයේයි මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.

වේල්සයෙන් පසුව එංගලන්ත පාපන්දු සම්මේලනය ද ඉන්ෆන්ටීනෝ ට තිබෙන ඔවුන්ගේ සහාය පසුගිය මාසයේදී ඉවත් කර ගත්තා. ඉන්පසුව යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) ලෝක කුසලාන තරගාවලියේ කොටස් විකිණී‌මේ FIFA අසාර්ථක කුමන්ත්‍රණය පිළිබඳව අපරාධ නීති පියවරවලට යොමු වුණා.

විරෝධතා මැද 2031 දක්වා රැඳී සිටීමේ සූදානමක්

එහෙත් ඉන්ෆන්ටීනෝ ට ආජන්ටිනාවෙන් හා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් අඛණ්ඩව සහයෝගය ලැබෙමින් තිබෙනවා.

ඉන්ෆන්ටීනෝ ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන FIFA සභාපති මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ස්ථිර කර තිබෙනවා.

ඔහු නැවත තේරී පත් වුවහොත් ඉන්ෆන්ටීනෝ 2031 වර්ෂය තෙක් FIFA සභාපති වශයෙන් කටයුතු කරනු ඇති.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්